අරනායක සාමසර කන්ද (රාමසර කන්ද) අද මූසල දර්ශනයක් වුවද මීට පෙර සොබා සුන්දරත්වය අතින් අලංකාර දර්ශනයක් විය.
දින තුනක් තිස්සේ එක දිගට ඇද හැළුණු වර්ෂාවෙන් පසු පසුගිය මැයි 17 වැනි දා සාමසර කන්දේ කෑලෑ රොදවල් අතර තැනින් දැන අලංකාර ජල පහරවත් මතු වී තිබිණි. ඇතැම් ජල පහරවල්වලින් ගලා ආවේ මඩ පැහැ වතුරය.
එච්.පී. රුවන් කුමාර (21) ද සාමසර කන්දේ එළඟිපිටිය ජනපදයේ ජීවත් විය. 17 වැනි දා දහවල් 11.30ට පමණ වැස්ස තුනී වෙද්දී ප්‍රදේශයේ සොබා සුන්දරත්වය වෙනදාට වඩා අලංකාරවත් වූ නිසා රුවන් කුමාර තැත තැන ඇවිද ඡායාරූප ගත්තේය. වීඩියෝ ගත කළේය.
මිතුරන් සමගද සුහදව කතා බහ කළ ඔහු ත්‍රීරෝද රථයේ මඩ සෝදා ගැනීම සඳහා තම ඥාතියකුගේ නිවසට ගියේ පස්වරු පහට පමණය.
‘මම එළියේ ඉන්දි එකපාරට අකුණක් ගහනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම කන්ද උඩින් දුම වගේ එක්ක ගල් කෑලි විසි වුණා. එක ගල් කෑල්ලක් මං හිටපු ගෙදරට ඇවිත් වැදුණා. මම ගේ ඇතුළට දිව්වා. ඒ එක්කම විශාල සද්ධයක් ආවා. ආයෙත් බලද්දි ගල් පෙරලගන පස් තට්ටුව ගැලවිලා යනවා. මම එතැනින් දුවාලා ගියා. මම හිටිය ගෙදරට ගෙවල් හතරක් පහක් එහායින් ඔක්කොම ගලවාගෙන ගියා. මගේ යාළුවො ගොඩක් ඒ ගෙවල්වල හිටියා. දැන් ඔවුන් හොයා ගන්නත් නෑ.‘ යැයි රුවන් දුක් මුසු මුහුණින් යුතුව කීවේය.
17 වැනි දා සවස් වන විට මහා විනාශයක් වේයැයි එදා දහවල් පරිසරයේ අලංකාර බව ඡායාරූප ගත කරමින් සිටි රුවන්ට සිතුණේ නැත.
‘තව ටිකක් එහා පැත්තේ කන්දේ පැලුම් තිබුණා. 17 අපි එතනට ගිහින් බලලා ආවා. ඒත් නාය ගියේ ඒ පැත්ත නෙමෙයි.‘ යැයි ද රුවන් කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විනාශයට මොහොතකට පෙර අරණායක
ප්‍රේමතිලක Thursday, 02 June 2016 04:28 PM
බුදුන් දෙසූ දහමේ අනිත්‍යය යනු මෙයම නොවේද? (නි)
ඩී.උපුල් Thursday, 02 June 2016 05:15 PM
ජීවිතයේ අනිත්‍ය සොබාදහමටත් පොදුයි. (නි)
කරුණාජීව Friday, 03 June 2016 04:41 AM
වර්තමානයක් නොමැති මේ පින්තුර දැන් අයත් වෙන්නේ අතීතයට පමණයි. නැවත මෙවන් ස්ථානයක් හෝ මෙවැනි පින්තුරයක් කිසිදා ලබාගත නොහැකියි....වර්තමාන අතීතය..(බ)
වීරසිංහ Thursday, 02 June 2016 01:56 PM
ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙලවර දුකදේ (බ)