ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මිය යාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැති බවත් පසමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ඇතුළු පිරිසක් අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී අදහස් දැක්වූ මිය ගිය ප්‍රසන්නගේ බිරිය නිශාමනී මුණසිංහ මහත්මිය ජනවාරි 4 වැනිදා සිදුවූ සිදුවීම මාධ්‍ය හමුවේ විස්තර කළාය.
‘අපේ ගෙදර ඉස්සරහ ගොඩනැගිල්ලේ උත්සවයක් තිබුණා. අපිටත් ආරාධනා ලැබුණා. මට දරුවකු ලැබෙන්න සිටි නිසා මහත්තයා උත්සවයට ගිහින් හිටියා. රෑ 11.15 ට විතර දුව නිදි කරවලා මම නිදාගන්න ලෑස්ති වුණා. 11.30 ට විතර ලොකු ශබ්දයක් ඇහුණා. ‘අත ඇරපල්ලා‘ , ‘යන්න දීපල්ලා‘ කියලා පිරිසක් කෑගහනවා ඇහුණා. මම දුවත් ඇහැරවාගෙන දුවගෙන ඒ පැත්තට ගියා. ඒ සාදය තිබුණු ගොඩනැගිල්ල ඉස්සරහ ගොඩක් අය ගහගන්නවා දැක්කා. පොලිස් ජිප් එකකුත් නතර කර තිබුණා. පොලිස් නිල ඇඳුමෙන් කවුරුවත් හිටියේ නෑ. පොලුවලින් බිම දාගෙන කට්ටියට ගහනවා දැක්කා. මහත්තයා හොයාගෙන මම ඇතුළට ගියා. සාදය තිබූ ගොඩනැගිල්ලේ පඩිපෙළ අයිනට ගියා. මහත්තයා හිටියේ නෑ. ඒ ගෙදර අයිති මාමයි නැන්දයි ඇදගෙන උඩට එක්ක යනවා දැක්කා. එයාලාගේ වයස බලන්නේ නැතිව තිරිසන් විදියට සැලකුවා. මහත්තයාගේ කට හඬ ඇහිලා උඩට ගියා. මහත්තයා එයාලට බැන්නා. තිරිසන් වැඩ කරන්න එපා කියලා. නීතිය හරි විදියට කරන්න කිව්වා. එතන සිවිල් ඇඳුමින් හිටපු අය තව කියන්න, තව කියන්න කියලා ෆෝන් එකක් අල්ලාගෙන හිටියා. මම මහත්තයාගේ කට අතින් වහලා ගේ ඇතුළට එක්කරගෙන ගියා. කෑම කාලා අපි යමු කියලා කෑම කන්න හැදුවා විතරයි ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්.පී එක්ක එච්.කිවු.අයි එතැනට ආවා. ඒ.එස්.පී. සුදුපාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. එච්.කිව්.අයි අඳුරුපාට ඇඳුමක් ඇඳගෙන හිටියේ. ඒ.එස්.පී මා තල්ලු කළා. මෙන්න මූ තමයි මිනිහා කියලා මගේ මහත්තයා අල්ලගෙන දාගන්න කිව්වා. මම එපා කිව්වා. අපි කෑම කාලා ගෙදර යන්න හැදුවේ කිව්වා. මට බැනලා මහත්තයාගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගත්තා. ගහ ගහ ඇදගෙන ගියා. මම මහත්තයාගේ අම්මාට කෝල් කළා. කොරිඩෝව දිගේ මහත්තයා ඇදගෙන ගියා. මාත් පස්සෙන් ගියා. මහත්තයා උඩට ඇදගෙන යනකොට මම ඇගේ එල්ලුණා. මා තල්ලු කළා. ළඟ තිබුණු බෝඩ් එකේ එල්ලිලා බේරුණා. මට දරුවෙක් හම්බෙන්න ඉන්නේ තල්ලු කරන්න එපා කිව්වා. මට තුවක්කුවකුත් දික් කළා. කුණුහරුපෙනුත් බැන්නා. ඊට පස්සේ වීදුරු කැඩෙන සද්දයක් ඇහුණා. මහත්තයා කෑගහනවා ඇහුණා. ගහන්න එපා කියලා කෑගැහුවා. පස්සේ මම අමාරුවෙන් උඩට ගිහින් බැලුවා. එතැන ලේ ගොඩක් තිබුණා. මහත්තයාව බලන්න මම පහළට ගියා. ඒ.එස්.පී පාර පැත්ත බලාගෙන හිටියා. තල්ලු කරන්න එපා කියලා මහත්තයා කෑගද්දී එයා තල්ලු කළා. මම දුවගෙන ගිහින් බිම බැලුවා. මහත්තයා වැටිලා හිටියා. මම ඇහුවා මොන අපරාධයක්ද කළේ කියලා. කට වහගෙන හිටපන් කියලා මට බැන්නා. එතැන හිටපු කෙනෙක් මහත්තයාගේ ඔළුවට පයින් ගැහුවා. ඔය බොඩිය දාගනින් කියලා කියූ බවක් ඇහුණා‘ යැයි ඇය එදින සිදුවීම විස්තර කළාය.
මේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 27 වැනිදා ඇඹිලිපිටිය උසාවියේදී පැවැත්වීමට නියමිතය.
පොලිස්පති නියමයෙන් පරීක්ෂණ පවත්වන සබරගමුව ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිට දන්වා ඇත්තේ අතිරේක පොලිස් කණ්ඩායම එහි යෑම නිසා මරණය සිදුවී ඇති බවයි. පොලිස් වාර්තා නීතිපතිට යොමු කර ඔහුගේ උපදෙස් අනුව ක්‍රියාකිරීම සුදුසු බවද වික්‍රමරත්න මහතා පොලිස්පතිට යැවූ වාර්තාවේ දැක්වේ.
ඡායාරූප - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන සාධාරණිය පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ මොන තනතිරමක සිටියත්.හැබැයි මේ සිද්දිය තම තමන්ගේ වාසියට යොදාගන්න පිරිස ගැන නම් මහා පිළිකුලක් දැනෙන්නේ. (බ)
එච්චර ප්‍රශ්නයක් තියෙද්දී කෑම කන්න ඉන්නේ නැතුව අයින් වෙන්න තිබුනනේද..(බ)
මේ ගැන හරි පරීක්ෂණ සිදු කරන්න.(හේ)
නීතිය වල්වැදිලා, අපි ඒක හරිමඟට ගන්නවා කියලා පොරොන්දුවක් දුන්නා මට මතකයි (නි)
කවුරු මොනවා කිව්වත් මෙවැනි අසරණයන් වෙනුවෙන් පෙනී සිටින උදුල් සහෝදරයා ඔබ ඇතුළු අනෙකුත් සගයන්ට අපගේ සහයෝගය තියෙනවා (බ)
අත හරින්න එපා නංගි. අපි ඔබ සමඟ (බ)
දැන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සෙල්ලමක් වෙලා. පරීක්ෂණයේදී සාක්කි ඉදිරිපත් කරන්න (නි)
ඇයට සාධාරනය ඉටු කර දිය යුතුයි, අපේ ලම්බෝගිනි මහත්තයත් පැත්තකින් ඉන්නවා නේද....(බ)
මේ වගේ අපරාද කරන මිනිසුන්ටනම් යහපත් මරණයක් ඇත නොවේවා කියල තමයි අපිට පතන්න වෙන්නේ , අසත්පුරුස මිනිස්සු ! (බ)
උඳුල් දැන්වත් මේ වගේ අසරණ අය වෙනුවෙන් පෙනීසිටින එක හොඳයි (නි)
දුවේ, ඉදිරියටම යන්න (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
තම බාල වයස්කාර පුතා සිදුකල රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මවකට ඇප නොදෙන රටේ හිතාමතා සිදුකළ මිනීමැරුමකට අදාළ සැකකරුවන් නිදැල්ලේ. (නි)
අසරණ ඇයට දැන් කාගේ පිහිටක්ද? (නි)
අපි නොදන්නා පොලිසිය! (නි)
මට ඇය ගැන කණගාටුයි (නි)
මෙවැනි තිරිසන් විදියට පොලිසිය හැසිරෙනවා නම් සාමාන්‍ය මිනිසා ගැන කවර කතාද. (බ)
මා..නව හිමිකම් රකින්න කියල පොරොන්දු දෙමින් පත් වුන යහපාලන ආණ්ඩුව නිදිද ? එහෙම නැත්නම් ඡන්දය වෙනුවෙන් කියපු පුංචි විහිලුවක්ද ? (බ)
නව අවනීතියක් රට තුළ නිර්මාණය වෙමින් යන බවක් පෙනෙන්නට තිබේ. සිවිල් ජනතාවට නීතිය ආරක්ෂා කරදීම වෙනුවට එම නීතියේ නාමයෙන් බිහිසුණු ක්‍රියා දිනෙන් දින වැඩි වර්ධනය වන අකාරයක් නිර්මාණය වී තිබේ. (බ)
මට මතකයි කාලයක් තිබුනා මේ වගේ සිද්ධි වලට ජනාධිපති මැදිහත්වෙලා මේවා විසඳනවා. අනේ අපේ රටට ගිය කලක්! (නි)
දෙයියෝ සාක්කි ලංකාවට ගිය කල.......නීතියේ දුර්වල කම...එල්ලුම් ගහේ අවශ්‍යතාවය......(බ)
රාධා, පරීක්ෂණයේදී සාක්කි ඉදිරිපත් කරන්නේ කොහොමද මෙතුමිය? උදුල් මහතාට පින් අසරණ අම්මා කෙනෙක් වෙනුවෙන් නීතීඥයෙක් ලෙස පෙනීසිටීම ගැන. (නි)
මේ වගේ අපරාධකරුවන්ට කරන්න දේවල් මේ මිහිපිට නැහැ. (නි)
මේ අහිංසක මනුස්සයා බලාගන්නේ කවුද දැන්? පව් දෙවියනේ! (නි)
මේවා යටගහන්න, කල් අරින්න එපා. මොවුන්ට දඬුවම් කඩිනම් කරනු. (නි)
මොවුන්ට ශාපවෙන්න ඕනෑ. කවුද දැන් මේ පොඩි දෙන්නෙක් එක්ක මේ මනුස්සයාව ජීවත්කරවන්නේ? (නි)
ඔන්න පුළුවන්නම් (බ)
අපරාධයක් කර මග හැරීමට පුළුවන් වුනත් දෙවියන්ගේ නිසි දඩුවම් ලැබේවි. (බ)
ලංකාවේ තිබෙන්නේ මුළු ලෝකයේම නැති වර්ගයේ පොලිසියක් (නි)
අපිි බලමු නිතියයි යහපාලනයයි (බ)
ස්වභාව ධර්මයෙන් වැරදි කළ අයට දඬුවම් ලැබෙනවාමයි (නි)
යහපාලන පොලිසිය මිනිමරන්නේ එළිපිට , උදුල් සොයුර ඔබට ජය ,නුඹ අපේ කාලේ මිනිහෙක් (අ)
ඒ එස් පී බේරගන්න ඉහල පොලිස් නිලධාරියෙක් ඉන්නවලු. (අ)
ලංකාවේ එල්ලුම්ගහ කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ. නිසා අරාබි ,ඇතුළු මැදපෙරදි රටවල් සමග ගිවිසුම් ගහගෙන මේ තිරිසන් මිනිසුන්ව බාර දෙන්න ඒ අය මරන්න කලින් ආගම කියල තමයි මරන්නේ ,දෙගොල්ලොම්ම බේරිලා (අ)
යහපාලනය පොලිස් රාජ්‍යයක් බිහිකර අපමණ අගයක් ජීවිතවලට ඇතිකළ වගයි (නි)
ඔබ ඉන්න තත්වයේ හැටියට ප්‍රවේශම් වෙන්න. යුක්තිය ඉටුවේවි කියා අපිත් බලාගෙන ඉන්නේ. (බ)
දැන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සෙල්ලමක් වෙලා. පරීක්ෂණයේදී සාක්කි ඉදිරිපත් කරන්න (බ)
ඔබට සාධාරණයක් ඉටුවේවි (නි)
පොලිසියේ ජඩ හැසිරීම් රටාව ඉක්මනින් නැවතිය යුතුයි. මේ සිදුවීමට, මිනීමැරුමට සම්බන්ධ සියලු දෙනාටම එහි ප්‍රතිවිපාක ලැබේවා! (නි)
නිල ඇඳුමට අගෞරව කරනා නීතිය නොදත් නොමිනිසුන් වෙත සොබාදහම විසින් දඬුවම් කරනා දිනය වැඩි ඈතක නොවනු ඇත. (නි)
යහ පාලනයේ රංගන බලාගන්න (ම)
නංගියේ, ප්‍රවේශම් වෙන්න (නි)
පොලිසිය ගැන කියන්න වචන නැහැ මට (නි)
මේ කියන ඒ.එස්.පී. ත් එක්ක මට නම් එන්නේ පුදුම තරහක් (නි)