IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වන්දි නඩුව ගොඩින් බේරගන්න දයාසිරිත් එකඟයි?

එක් අයකුගෙන් රුපියල් කෝටි 50 බැගින් වන්දි ඉල්ලමින් වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව අද (29) දිසා අධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සමථයකට පත්කිරීමට යෝජනා විය.

දෙපාර්ශවයේ නීතිඥවරු සමථවීමට කැමැත්ත පළ කර සිටි අතර ම සේවාදායකයන් සමග සාකච්ඡාකොට මීළඟ නඩු දිනයේදී ඒ පිළිබඳ දැනුම්දීමට එකඟවූහ.

එක්සත් ජාතික පක්ෂයේ සිට දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිපයට එකතුවූයේ රුපියල් කෝටි 25 ක මුදලක් ලබාගෙන යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්වන හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ හා රන්ජන් රාමනායක මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රකාශ කිරීමට විරුද්ධව වයඹ මහ ඇමැතිවරයා මේ නඩුව පවරා තිබිණි.

 



අදහස් (0)

වන්දි නඩුව ගොඩින් බේරගන්න දයාසිරිත් එකඟයි?

විජයබාහු Wednesday, 29 April 2015 07:21 AM

නඩු දාලා සමතයකට වෙන එකට නම් මම කැමතිම නැ. මොකද්ද තීන්දුව කියල කවුරුත් දන්නේ නැනේ. (බ)

:       0       0

කපිල Wednesday, 29 April 2015 07:44 AM

දයාසිරිට අායිත් එජාපෙට යන්න හිතිලා වගේ. (බ)

:       0       0

සෑම් Wednesday, 29 April 2015 09:00 AM

නඩුව දිගට ගෙනිච්චානම් වන්දි ගෙවන්න වෙනවා. මොකද කෝටි විසිපහක් ලබා ගත්තේ නැහැනේ. කෝටි විසිපහක් පොරොන්දු වෙලා මුලින් අත්තිකාරමක් දීලා ඉතුරු ටික පස්සේ දෙන්නම් කියලා මග ඇරියානේ. (බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 06:11 AM

දෙගොල්ලොම ගොඩ යන වැඩක්ද.? (ර)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 29 April 2015 06:15 AM

බොරු කාරයන් අතුගාදැමිය යුතුය. නඩුව දිගටම ගෙන යන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site