යේමන ජාතිකයකු මරා දැමීයැයි සෞද්ධි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි ඔවුන්ගේ ඥාතීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලති.
මහව, රාගම හා දෙහිවල පදිංචිකරුවන් වන නිලන්ත බණ්ඩාර තෙන්නකෝන්, ගයාන් උජිත නානායක්කාර හා ක්‍රිස්ටි වෙදමානික්කම් ඔවුහුය.
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් 2008 ජනවාරි 31 වැනි දා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ජෙඩා හි දී මරණයට පත් කළ යේමන් ජාතික ඔමාර් යෙස්ලම්ගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින තිදෙනා වන්දි ගෙවා සමාව ලබා ගැනීමට හැකි බව ජෙඩාහි තානාපති කාර්යාලයය දැන්වූ බවයි.
එම වන්දිය ගෙවීමට පෞද්ගලිකව නොහැකි නම් ධානපතියකු හෝ ස්වේච්ඡා සංවිධානයක් මාර්ගයෙන් කළ හැකිද යන්න දන්වන ලෙසත් ඔවුන් කියා ඇත.
ශ්‍රී ලාංකිකයන් තිදෙනා කෙසේ හෝ බේරා දෙන ලෙස ඔවුන් එකල ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට දැන්වුවද සහනයක් ලැබී නැත.
ඔවුන්ගේ ඥාතීන් කියනුයේ පෙබරවාරි මාසයේ ඔවුන්ගේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට දැනගන්නට ඇති බවයි. වසර අටක් තිස්සේ සිර ගතව සිටින මේ තිදෙනා නිදහස් කර ගැනීමට මැදහත් වන්නැයි ඔවුන් ජනාධිපතිගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ සල්ලි වලින් මිනීමරුවෝ බේරන්නද කියන්නේ? (බ)
අපරාදකාරයන් රටට එපා දඬුවම් විඳින්නම ඕනේ (බ)
බලන්න මේ නීතිය මොන තරම් මානුෂිකද කියලා ආයුධ හොයන්න ගෙනියනවාට වඩා. (බ)
මොනවාද වුණේ කියලා දන්නේ නැතුව කතාකරන්න එපා.විනොදයට මිනිස්සු මරන්නේ නැහැ.බේරගන්න පුළුවන් නම් හොඳයි (නි)
බරපතල වැරදිකළ අයට සමාවදීම කළයුතු නම් ඉතින් වෙළේ සුදා ඇතුළු ඔක්කොම සුදාලා ටික නිදහස් කරන්න වේවි. (නි)
මිනි මැරුම ඔප්පු වුණ නිසානේ දඩුවම් ලැබිල තියෙන්නේ. ඒ තුන්දෙනාම මිනීමරුවෝ. මිනීමරුවෝ බේරන්න කියන එකනම් එච්චර හොද දෙයක් නෙවෙයි. එහෙමනම් ඉතින් ලංකාවේ හිරගෙවල් වල ඉන්න අයවත් බේරගන්න වෙයි .හැමෝම මින්නිස්සුනේ.(දිල්)
මිනිමරුවෝ නම් බේරන්න ඕනිත් නෑ (දිල්)
වැරදි කළා නම් දඬුවම් විඳිය යුතුය (නි)
සෞදියේ නීතිය අනුව එම රටේ රජතුමාටවත් මරණ දඩුවමට නියමවුණ කෙනක්ව බේරාගන්න බැහැ. (නි)
හේවා, මිනී මරුවන් බේරන්නද යහ පාලනය. හේවගේ ගේ තරමත් හිතාගන්න හැකියි නේද ? (නදී)
පැතුම්, මංගලි එහෙම කියන්න එපා.. අපි දන්නවනේ රිසානාගේ සිද්ධිය.. ඇය වරදකාරිය නොවෙයි.. නමුත් දරුවාගේ අම්ම තදින්ම විරුද්ධ වුණා. ඇයට සමාව දෙන්න. මේ සිද්ධිය වෙනස් බලන්න ජෙඩා තානාපතිතුමාම කියනවා නේ සමාව ලබා ගැනීමට හැකි බව .ඒ කියන්නේ එකග වෙලා .එතකොට රජය ක්‍රියාත්මක වෙලා මේ තුන්දෙනා බේරාගැනීම යුතුකමක් උතුම් දෙයක්.. (දිල්)
උඩින් කමෙන්ට්ස් දාල තියෙන වැරදි කලා නම් දඬුවම් විඳින්න ඕනේ කියලා තියෙන අයගෙන් අහන්න තියෙන්නේ ඇයි ඔය කතාව රිසානට මරණීය දණ්ඩනය පනවපු වෙලාවෙත් නොකිවුවේ කියලා. රිසානත් සෞදි අරාබියේ අභියාචනා ගණනාවක් ප්‍රතික්ශේප වීමෙන් පසුව එම රටේ ඉහළම අධිකරණයෙන් දඬුවම් නියම කරපු කෙනෙක්. ඔයගොල්ලො කියන විදියට මිනීමරුවෙක්. ඇයි කවුරුවත් ඇහුවේ නැත්තේ ආණ්ඩුව මිනීමරුවෙක් බේරගන්න මෙච්චර කෑගහන්නේ ඇයි කියලා. ජනමාධ්‍ය කෑගහන්නේ මිනීමරුවෙක් බේරගන්න කියලා. කවුරුවත් රිසානගේ ප්‍රශ්නයේදී කිව්වේ නැත්තේ ඇයි. ලංකාවේ හැම කෙනෙක්ගෙන්ම ඇහුවා නම් කියන්නේ රිසානව මරණීය දණ්ඩනය නොදී බේරන්න ඕනි කියලා. ඇයි රිසානා වෙනුවෙන් උණුවෙච්ච හදවත් මේ මිනිස්සු තුන්දෙනා වෙනුවෙන් උණුවෙන්නේ නැත්තේ. එකම හේතුවයි තියෙන්නේ මේ මිනිස්සු තුන්දෙනා ගැහැණු නොවී පිරිමි වීමයි. ඇත්ත කතාව ගැහැණු කෙනෙකුගේ ජීවිතයකට සමාජය දෙන වටිනාකමෙන් සීයට එකක් පිරිමි කෙනෙකුගේ ජීවිතයට නැහැ. පිරිමි කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා සමාජය අනුකම්පාවෙන් බලන්නේ නැහැ. මිනීමරුවෙක් වෙච්ච රිසානා බේරාගන්න ආණ්ඩුව දක්වපු කැපවීම මේ පිරිමි තුන්දෙනා වෙනුවෙනුත් දක්වන්න. රිසානට දීපු මාධ්‍ය අවධානය මේ මිනිස්සු තුන්දෙනා වෙනුවෙනුත් ලබා දෙන්න. අවුරුදු අටක් තිස්සේ සත පහක මාධය අවධානයක් ලැබිලා නැහැනේ. ගැහැණු තුන්දෙනෙක් වුනානම් පත්තරවල පිටු සියගණන් පුරවලා. උඩින් කමෙන්ට්ස් කරලා තියෙන පිරිමි මහත්වරුන්ට සහ රිසානගේ ප්‍රශ්නෙදි වඩා වෙන්ස්ව මේ පිරිමි තුන්දෙනා දිහා බලන්න ඕනි කියලා හිතන පිරිමි අයට කියන්න තියෙන්නේ ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක් අාපුවහමත් සමාජය, ආණ්ඩුව,මාධය බලන්නේ ඔය අනුකම්පා විරහිත දෘෂ්ඨි කෝණයෙන් තමයි කියලා (නදී)
මේ අය බේර ගන්න බලන්න.(හේ)
යම් රටක තිබෙන්නා වූ නීතියට තව කෙනෙකුට අතදාන්න බැහැ. එනිසා මේකට යහපාලනය ගාවාගන්න ඕනෑ නැහැනේ. (නි)
ඉහත අදහස් දැක්වූ සහෝදරවරුනි, ටිකක් හිතන්න. එම අය මුදල් සොයන්න ගිය අපේ රටේ මිනිස්සු. රටවිරුවෝ. එයාලා හොයන මුදල් නිසා තමයි අපේ රට වැඩි ආදායමක් ලබන්නේ. අනික මෙතැන වරදේ ස්වභාවය කොහොමද දන්නේ නැහැ. නේද?ඔබගේ සහෝදරයකුට මෙවැනි විපතක් සිදුවුවහොත්?? (නි)
මුදල කීයද කියා දැන්නුවා නම් හොඳයි. අනික වැරැද්ද කරන්න හේතුවත් අපිට දන්වන්න (නි)
මමනම් කියන්නේ මේ තුන්දෙනා සෞදියෙන් නිදහස් කරගෙන වැරදිකරුවන් උනොත් ලංකාවේ සිරදඩුවම් නියම කිරීම. අපි මොකටද කාටවත් බාල්දු වෙන්නේ. (නදී)
ජනතාවගේ මුදල් වලින් වැරදිකරුවන් බේරාගන්න පුලුවන්ද? (නි)
මේ වාගෙ රටවල් වල ගිහින් එහෙම දේවල් කරන්න එපා. ඔයාලා බේරගන්න කවුරුත් නැහැ (නි)
වරද කළේ ඇයි කියලා බලන්නේ නැතුව නිකන් දෝෂාරෝපණය කරන්න එපා. මට පුලුවන්නම් මම දෙනවා (නි)
අවංකබව ඔප්පු කළ හැකිනම් උදවු කරන්නෙමි (නි)
මෙච්චරකල් හිටපු ආණ්ඩුව මොනවද කළේ මුන්ටික මෙහෙට ගෙන්නගන මෙහෙ හිරේට දන්නා ඕනා (නදී)
රිසානා වගේ වරදක් නොකළ අහිංසක අය බේරගන්න මිසක්, හිතාමතා 3 දෙනෙක් එකතුවෙලා මිනීමැරුමක් කරපු අය බේරාගැනීමට රටේ මුදල් නොගෙවිය යුතුයි. මිනීමරුවන්ට ලංකාවේ නීතියෙනුත් ලැබිය යුත්තේ මරණ දඬුවම. (නදී)
වැරද්දක් කලානම් දඩුවම් විදින්නම වෙනවනේ. මේවා හිතන්න ඕනේ කරන්ඩ ඉස්සෙල්ලා (නදී)
මොවුන් වැරදිකරුවන් ලෙස ඔප්පු වූ අයනම්, නියමිත දඬුවම් ලැබිය යුතුය. එසේ නොමැතිව මොවුන් බේරා ගතහොත්, රිසානා ඉන්න තැනක ඉඳන් මුලු රටටම සාප කරාවි. (නදී)
වරදක් කළ කෙනෙක් හට දඬුවම් හිමිවිය යුතුයි. (නි)
ඇයි මේ රටට එන්නේ? මෙහෙ නීතිය දන්නේ නැද්ද? (නි)
බේර ගන්න පුළුවන්නම් හොද දෙයක්. ඔන්න යහපාලනය පෙන්නනන හොද වෙලාව (බ)
වැරදි කළා නම් දඬුවම් විඳින්න ඕනේ (බ)