එස් මසූදා නම් ශ්‍රී ලාංකික සේවිකාවක මරා දැමීයැයි කුවේට් රාජ්‍යයේදී මරණ දඩුවමට නියම වී පෝරකයට යන්නට ඔන්න මෙන්න කියා තිබියදී මරණකාරියගේ යැපෙන්නවුනට වන්දි ගෙවා පෝරකයෙන් නිදහස් වූ බව කුවේට් ආරංචි කියයි.
මරණදඩුවම පැනවීමට දෙදිනකට පෙර මෙසේ නිදහස ලැබූවේ චෙන්නායි නුවර සුරේෂ් ෂන්මුගසුන්දරම් හා චෙල්ලප්පන් කාලිදාස් යන දෙදෙනායි. ඔවුන් සමග ශ්‍රී ලාංකික කතක වන ප්‍රමිලා රෙකී මිනීමැරුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියාය. ඉන්දීය තානාපති කාර්යාලය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් චෙන්නායි දෙදෙනාට මේ නිදහස ලැබිණි.
චෙල්ලප්පන් රුපියල් හය ලක්ෂයක් මරණකාරියගේ පවුලේ සමීප සාමාජිකයනට ගෙවා ඇත.
සුරේෂ් කොපමණ මුදලක් ගෙව්වේදැයි දැනගැනීමට නැත.
කුවේට් මධ්‍යම සිර ගෙදර සිටින මේ දෙදෙනාට අඩු දඩුවමක් ඉල්ලා ඉන්දියා තානාපති කාර්යාලයය කරුණු දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි මොනවා කරන්නද? (අ)
අපේ තානාපති කාර්යාල වලටත් මේවා හොඳ උදාහරණ මක්නිසාද අපේ තානාපති කාර්යාල මේ වගේ ඉදිරිපත් නොවන නිසා.(අ)
එහෙනම් ඇයි අර කෙල්ලගේ බෙල්ල කපලා මැරුවේ නැත්තේ.(නදී)
මොමෙඩ් ඔබලාම තමයි ඇලජික් කරගත්තේ. තව කුණුගොඩවල් අව්ස්සන්න එපා.(අ)
ඇයි අපි සල්ලි දීලා රිසානව බේර ගත්තේ නැත්තේ. (නි)
දම්මික / සල්ලි තියනවා නම් කියලා බේරෙන්න බැහැ. ඒ අයට සමාව දිය යුතුයි. (නි)
මේ වගේ දෙයක් කරලා රිසානා නෆීක්ව බේරගන්න අපේ ආණ්ඩුවට බැරි උනා (අ)
සජිත්ට ඔල්මාදේද?(නදී)
සඳරුවන් සහ දම්මික පෙරේරා වෙත... ස්වභාව ධර්මය කියල මොනවා කරන්නද ? මොකද අගතියට පත්වූවන්ට ගෙව්වට පස්සේ. අනික ඒ රටවල නීතිය අනුව අගතියට පත්වූවන්ට තමයි වැඩි වාසි. මොකද ? සල්ලි එපා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා දැඩි මතයක හිටියොත් සොරිම තමයි. ඒත් මරන්න කලින් හුගාක් වෙලාවට අවස්ථාවක් ලැබෙනවා සමාව දෙන්න. මරන්න ආසන්නයේ දී පවා අගතියට පත් වුවන්ට මුහුණ පෙන්නලා තමයි වැඩේ පටන්ගන්නේ. මොකද ඒ අවස්ථාවේදීවත් හිත වෙනස්වෙයිද බලන්න ?අනික ශාක්ෂි තියෙනවා නම් කල් අදින්නෙත් නැහැ නඩු කිය කියා (නි)
සමාව දෙන්න ඕනනම් සල්ලි නොගෙන සමාව දෙන්න තිබුන.(අ)
මේ සල්ලි ලබාදෙන්නේ විපතට පත්වූවන්ට, රජයට නොවී.(අ)
මුස්ලිම් ඇලජික් අයට නම් මෙය හොද පුවතක් නොවේ. මුදල් දීල සමාව ගත්තත් වැරදියි. සමාවක් නැති නිසා දඩුවම් කළත් වැරදියි. සමාව දෙන මනසක් ඇත්තේ යහපත් අය ලග පමණි. එනිසයි සමාව දෙන්නා හා සමාව ලබන්නා වාසනාවන්තයින් කියන්නේ. සමාව දීම තරම් උතුම් දෙයක් ලොවෙහි තවත් නැත. එය සෑම දහමකම ප්‍රධාන අංගයක් ද වේ. (නි)
මේ පවුලේ සාමාජිකයන්ට මේ සල්ලිවලින් කරන කියන දේවල්වලින් වගතුවක් වේවිද? මේ අය අම්ම අප්පත් විකුනාවී සල්ලි වලට. (අ)
රුහුණු -ඒ කියන්නේ බෙල්ලට බෙල්ලක් ගන්න කියල නේද ? ඔයා හරි හැබැයි පවුලේ සාමාජිකයන් ඒකට එකඟ වෙලානේ. ඉතින් අනිත් කට්ටියට මොකද ප්‍රශ්නේ ?(නදී)
අනේ මෙහෙමත් පවුලේ සාමාජිකයෝ. කෝ මැරුණ කෙනාට සාධාරණය.(නදී)
මේ වගේ දේවල් කොච්චර උනත් ගෑනු රට නොයා ඉන්නේ නහැ. ඉන්දියා ආන්ඩුව එයාලගේ අය ගැන සොයා බලනවා. ලංකාවේ කීවොත් අපි දිහා බලන්නේ කුණු මාලු දිහා බලනවා වගේ. ඒ තරම් ලංකාවේ බාල්දු වෙලා. තමන්ගේ අම්මයි සහෝදරියවයි අරාබි කාරයින්ට දීලා මොනවටද විදේශ විනිමය.(නදී)
ලංකාවත්,ඉන්දියාවත් අතරේ නිසා ඔහොම බේරුනාට කුවට් එක්කෙනෙක් මරුවානම් රිෂානට උන දේම තමා.(නදී)
දම්මික, අගතියට පත්වෙන අය ගැන හිතලයි ඔය වගේ නීතීන් තියෙන්නේ. ඒ අයට කැමති නම් විතරක් වෙච්ච පාඩුවට සෑහෙන මුදලක් අරගෙන මිනීමරුවාට සමාව දීල නිදහස් කරන්න කියන්න පුළුවන්. අකමැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ තියන්නත් අගතිය පත් අයට අයිතිය තියෙනවා. ඒ ක්‍රමේ, සුද වහල කළු ඇඳන් දිවා රෑ නොබලා නීති පොත් අවුස්සලා, කටේ කෙල ලේ රහවෙනතුරු බොරු කියල උසාවියෙන් මිනීමරු චූදිතයින් සල්ලි නිසාම බේරාගන්නා ක්‍රමේට වඩා නරකද දම්මික ? (නදී)
නීතියෙන් බේරුනත් සොබා ධර්මයේ නියමයෙන් බේරෙන්න බැහැ. (නි)
ලංකාවේ නීතියේ තියෙන්නේ අහිංසකයාට විතර නේ. (නි)
මනුස්සයෙක් මැරෙනවට වඩා සල්ලි දීලා හරි බේරෙන එක නම් ලොකු දෙයක් (දී)
ලංකාවෙත් මේ වගේ නීතියක් ආවොත් හොඳයි. එතකොට ලංකාවේ පවුල් අසරණ වෙන්නේ නැහැ. ඒ වගේම මේවගේ අපරාධත් වෙන්නේ නැහැ. අනේ ජනාධිපතිතුමනි, මේ ගැන ටිකක් අවදානය යොමුකරන්න (නි)
සල්ලි තියේ නම් පෝරකේනුත් බේරෙන්න පුළුවන් රටවල් (නි)
අගතියට පත් පාර්ශවයට වන්දි දිලා බෙරෙන්න. පුදුම නීතී නෙ.(නදී)
ලංකාවේ නම් සල්ලි නැතුවත් පෝරකෙන් බේරෙන්න පුළුවන් (නි)
සමාව දීම දේව ගුණයකි. වරදකරුට මරණිය දණ්ඩනය දුන්නේ නම් අගතියට පත් පාර්වෂයට කිසිත් නැත. අගතියට පත් පාර්ශවය සමාව දීමට කැමතිනම් වරද කරුට වන්දියක් ගෙවීමට හැක, පසුව ඔවුන්ව රටින් පිටුවහල් කෙරේ.(නදී)
සජිත් කියන අදහස ඉතාම වැදගත්. මිනීමරුවන්ගෙන් අසරණ වූ පවුලට වන්දි ගෙවීමේ ක්‍රමයක් තිබීම දෙපැත්තටම හොඳයි. එක පැත්තකින් මියගිය කෙනාගේ දරුපවුලට කිසියම් සහනයක් ලැබෙනවා. අනික් අතට මිනීමරුවා දෙපාරක් හිතන්න පෙළඹෙනවා. මිනීමැරුම් අඩුවීමට කිසියම් පිටුවහලක් ලැබෙයි ඒකෙන්. දැන් එල්ලුම් ගහත් දිරායන එකේ මේක හොඳ වැඩක්. (නදී)
රුපියල් හය ලක්ෂයක් මුදලක්ද. කවුද මේ මුදල නියම කෙරුවේ? (නි)
එතකොට අර ෂරියා කියන්නේ මොකක්ද අනේ ? ඇසට ඇසක් අතට අතක් නේද ?(නදී)
ඇයි සජිත්, ශරියා නීතිය ලංකාවට ගෙනෙන්නද ඔයාට ඕනෑ (නි)
එහෙම නීතියක් ලංකාවට ආවොතින් නම්,මම මට එපාකරපු හැම කෙනාවම පෙති ගහලා වන්දි ගෙවලා නිදහස් වෙනවා. (නි)
සල්ලි දෙයියන්ගේ මල්ලී (නි)
මිස්ටේර් ධම්මික එම අපරාදකරුවන් බේරිලා තියෙන්නේ අගතියට පත් පාර්ශවයට වන්දි ගෙවල ඔවුන්ගේ කැමැත්තට මිසක් කුවෛට් රජයට මුදල් දීල නොව ලක්ෂ 6ක් කියන්නේ කුවෛට් රටේ රුපියල් 60ක් වගේ (අ)