මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවූ බව කියන ගම් හයක වැසියෝ ඇලහැර මොරගහකන්ද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ඊට එක්වූ දහසකට වැඩි පිරිසක් පවසනුයේ ඔවුන්ට වන්දි නොලැබුණු බවයි. ලී කොට දමා පාර හරස්කොට ඇත. පාර දෙපැත්තේම දිගු වාහන පෝලිම් දක්නට ලැබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් ඇත්තටම දැක්කේ මිනිස්සු සීයක් විතර ඉන්නවා. සිද්දිය නෙතින් දුටුවෙක් (අ)
අසරණ මිනිස්සු
මේ මිනිස්සු ගැන මට හරිම කනගාටුයි (දී)
"එකක් කඩතොළු වසාගන්න ගොසින් මට වුනු කාරියා. දෙකක් කඩතොළු සදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා." ලංකාවේ ගොවිතැන නගා සිටුවීමේ මහා පරිමාණ ජලයෝජනා ක්‍රම, ගොවි ජනපද වැනි සංවර්ධන ව්‍යපෘති නිසා දේශපාලකයන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකරගත්ත වගේම රටේ ස්වභාවික වනාන්තර අඩුවුණා. වන සතුන්ට උන් හිටි තැන් අහිමි උනා. පළමු පරම්පරාව ඉවර වෙනකොට අලුත බෝවුණු පරපුරට වගාකරන්න ඉඩම් මදි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන ප්‍රශ්න, කසිප්පු කංසා හේන් හැම තැනම, රැකියා හිඟකම, වනයට හා සතුන්ට අඛණ්ඩව සිදුවන මිලකළ නොහැකි හානිය දිහා බලනකොට මහජන ඡන්දය නිසා මේ රටට සිදුවුනේ හොඳක්ද නරකක්ද කියා දෙවරක් සිතන්න සිදුවෙනවා.(නදී)
ලංකාවේ විනෝද අංශයක්ද මේ හැමදේටම පාරට බහින්නේ? (දී)
ඔහොම වන්දි දෙන්ඩ සල්ලි කොහෙද තියෙන්නේ? මේවා කුමන්ත්‍රණ.(නදී)
දැන් අලුත්ම වැඩක් පාරවල් අවහිර කරන එක. කොහේදී හරි මහජනයා කුලප්පු වෙලා එක තැනක අවහිර කරන අයට දුවනකන් ගහපු දවසට නවත්වයි පාරවල් අවහිර කිරීම. කෝටි ගණන් වියදම් කරලා පාරවල් ලස්සනට හදලා තියනවා, ඒවා කනවා පරණ ටයර් පුච්චලා. වන්දි නොලැබුනාට පාරේ යන ජනතාව පලි නැහැ. (නි)