එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී වනිතා ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර එහි නියෝජ්‍ය මහ ලේකම් හා එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂිකා පුම්සිලේ ම්ලම්බෝ න්ග්කා හමුවී සාකච්ඡා කළාය.
දකුණු අප්‍රිකාව් උප ජනාධිපතිනිය වූ ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රි ලංකා ඇමතිනිය සමග සාකච්ඡා කළාය.
රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ කරගෙන යන කාන්තා වැඩපිළිවෙළ ගැන ඇමැතිනිය ඇය දැනුම්වත් කළාය.
උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගෙන ඇති විසඳුම්ද කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව පොලිස් ඒකක පිහිටුවීම හා ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් සහභාගි කරගැනීමේ ඉඩකඩ ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය. කාන්තා හිංසනය පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙළ ගැනද ‘ඔහුට ඇය‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා මානසික මනෝවිද්‍යා වැඩපිළිවෙළ පවත්වාගෙන යාම ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති නිලූක කදුරුගමුව හා මධූක වික්‍රමාරච්චි හා වරුණි මුතුකුමාරණ මහත්ම මහත්මීහුද මේ සාකච්ඡාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලාංගනී පොඩ්ඩක් ඉන්න මේගොල්ලෝ තවම ඉගන ගන්නවනේ (නදී)
එදවස කතුන් ලද උතුම් තැන- බුදු දහමේ අනුහසින් තාමත් රැකී ඇත (ම)
අපේ ගැහැණු දරුවාගේ සිට මහලු කාන්තාව දක්වාම වෙන අපචාර ගැන මේ නෝනලා දන්නේ නැද්ද දන්නේ නැහැ. (ම)
රටට යහපතක් වෙනවා නම් අපි කැමතියි (නි)
ගෙදර මරගාතේ , ලෝකෙට පරකාසේ . (ම)
දින 100 වැඩ සටහනේ කොටසක්ද ලෝක සවාරි යාම. ඉක්මනට යන්න තව තියෙන රටවලට .දින 100 වේගයෙන් ගෙවී යනවා. (ම)
ලංකාවේ පවුල් සංස්තාව රැකගැනීම සඳහා ඔබතුමිය ගෙන ඇති පියවර මොනවාද. (හේ)
කාන්තා සහ ළමා දුෂණ නතරකරන්න සහ ඒවා කරන්නන්ට දැඩි දඬුවම් ගෙනෙන නීති සකසන්න. අවංකවම කාන්තාවක් විදිහට කාන්තාවන් වෙනුවෙන් වැඩකරන්න (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)