IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වනිතා ඇමැතිනී ජගත් මණ්ඩල මහ වනිතාව හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී වනිතා ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර එහි නියෝජ්‍ය මහ ලේකම් හා එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂිකා පුම්සිලේ ම්ලම්බෝ න්ග්කා හමුවී සාකච්ඡා කළාය.

දකුණු අප්‍රිකාව් උප ජනාධිපතිනිය වූ ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රි ලංකා ඇමතිනිය සමග සාකච්ඡා කළාය.

රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ කරගෙන යන කාන්තා වැඩපිළිවෙළ ගැන ඇමැතිනිය ඇය දැනුම්වත් කළාය.

උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගෙන ඇති විසඳුම්ද කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව පොලිස් ඒකක පිහිටුවීම හා ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් සහභාගි කරගැනීමේ ඉඩකඩ ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය. කාන්තා හිංසනය පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙළ ගැනද ‘ඔහුට ඇය‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා මානසික මනෝවිද්‍යා වැඩපිළිවෙළ පවත්වාගෙන යාම ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති නිලූක කදුරුගමුව හා මධූක වික්‍රමාරච්චි හා වරුණි මුතුකුමාරණ මහත්ම මහත්මීහුද මේ සාකච්ඡාවට එක්වූහ.

web1 web2

 

 



අදහස් (0)

වනිතා ඇමැතිනී ජගත් මණ්ඩල මහ වනිතාව හමුවෙයි

ඡයා Wednesday, 18 March 2015 08:59 PM

කුලාංගනී පොඩ්ඩක් ඉන්න මේගොල්ලෝ තවම ඉගන ගන්නවනේ (නදී)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 08:11 AM

එදවස කතුන් ලද උතුම් තැන- බුදු දහමේ අනුහසින් තාමත් රැකී ඇත (ම)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 March 2015 10:28 AM

අපේ ගැහැණු දරුවාගේ සිට මහලු කාන්තාව දක්වාම වෙන අපචාර ගැන මේ නෝනලා දන්නේ නැද්ද දන්නේ නැහැ. (ම)

:       0       0

චන්න Wednesday, 18 March 2015 11:22 AM

රටට යහපතක් වෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 19 March 2015 03:01 AM

ගෙදර මරගාතේ , ලෝකෙට පරකාසේ . (ම)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 19 March 2015 03:10 AM

දින 100 වැඩ සටහනේ කොටසක්ද ලෝක සවාරි යාම. ඉක්මනට යන්න තව තියෙන රටවලට .දින 100 වේගයෙන් ගෙවී යනවා. (ම)

:       0       0

කුලාංගනී Wednesday, 18 March 2015 01:16 PM

ලංකාවේ පවුල් සංස්තාව රැකගැනීම සඳහා ඔබතුමිය ගෙන ඇති පියවර මොනවාද. (හේ)

:       0       0

සිල්වියා Wednesday, 18 March 2015 04:33 PM

කාන්තා සහ ළමා දුෂණ නතරකරන්න සහ ඒවා කරන්නන්ට දැඩි දඬුවම් ගෙනෙන නීති සකසන්න. අවංකවම කාන්තාවක් විදිහට කාන්තාවන් වෙනුවෙන් වැඩකරන්න (නි)

:       0       0

ටිරාන් Wednesday, 18 March 2015 04:34 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site