අතුල බණ්ඩාර නෙළුම්පත්ගම
පසුගිය 18 වැනිදින සිට අතුරුදන්ව සිටින දීගජන්තු ඇතා සෙවීමේ මෙහෙයුමක් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (29) කහල්ල පල්ලේකැලේ රක්ෂිත ප්‍රදේශයේදී සිදු කෙරිණි.
උතුරුමැද හා වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් , සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
ආඩියාගල පුරාණ අඹරැලි රජමහා විහාරස්ථානය පිටුපස රක්ෂිත කැලයට ඇතුළු වු පිරිස උදෑසන 8.00 සිට සවස 5.00 වනතුරු ඇතා සෙවීමේ මෙහෙයුමේ නිරත වූහ.
කණ්ඩායම් 4 කට බෙදී සෝදිසි කළ අතර දීගජන්තු ඇතා යැයි සැක සහිත ඇතෙකු කැලයේ සිට එකවරම වේගයෙන් කැලය තුලට රිංගා ගියබව වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
දීගජන්තු ඇතාගේ වම් පාදයේ විශාල තුවාලයක් තිබුණු බවත් එම තුවාලය බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවුවක් බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට තිබෙව බවත් වෛද්‍යවරයා පැවසීය.
ඇතාට අවසන් වරට ප්‍රතිකාර ලබා දී ඇත්තේ කලාවැව් ඉස්මත්තේදීය. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද දවස පුරා ඇතා සෙවීමේ මෙහෙයුමට එක්වී සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකා හමුදා ඇඳුම් ඇඳගෙන ඇමතියෙක් මොකද මේ කරන්නේ?
බල්ලගේ වැඩේ බූරුවා බාරගෙන කියල කියන්නේ මේවගේ දේවල් වලට වෙන්න ඇති. මාධ්‍ය සංදර්ශනේ විතරයි වැඩක් වෙන බවක් පෙනෙන්නේ නැහැ.
නරකද ඇමතිතුමෝ විල්පත්තු කැලෙත් ඔය වගේම මෙහෙයුමක් කළොත් බොරුවට එස්.ටී.එෆ්. එකයි, අලියොයි එක්ක හැප්පෙන්නෙන් නැතුව...
අගය කල යුතුයි..
වෙන වැඩක් නෙතුව ඇති ..
සමහර වැඩ නම් හොඳයි ... හැබැයි අර නූගත්කමයි, තැනක හැසිරෙන්න දන්නේ නැතිකමයි කැපිලා පේනවා මේවගේ අයට බලය දුන්නාම අර වඳුරට දැලි පිහිය දුන්නා වගේ තමයි.
මෙතුමා වැසිකිළියට යන වෙලාව හැර අනිත් හැමවෙලාවේම මාධ්‍ය කැටුව යනවා..
මෙයා රස්සාව අකුරටම කරනවා . එහෙත් මිනිස්සු බනිනවා.
හමුදා නිල ඇඳුම් ඇන්දේ අවසර ඇතිවද දන්නේ නැහැ...
මේ ඇමති තුමා තමන් දන්නා ටික ප්‍රායෝගිකව හරියටම කරන ඇමති කෙනෙක් බව එතුමාගේ ක්‍රියා කලාප වලින් ඔප්පු වෙනවා. ඔයිට කලින් වැසිකිළි පිරිසිදු කළා,කුණු ඇද්දා තනියම, ගස් නැග්ගා. තවත් මොනවාද?
රටේ හරි නායකයෙක් හිටියා නම් මෙහෙම උඩ පනින්නේ නැහැ. මෝඩකමක මහත...
බලාගෙන මෙයා අලියත් එක්ක ගහගන්න යයි.
"ගොන් පාර්ට්" නම් මේවා තමයි. රජකාලේ නම් ඇමැතියි, කවටයායි කියන්නේ චරිත දෙකක්... අදවෙලා තියෙන්නේ කවටයෙක් ඇමතිකෙනෙක් වෙලා තියෙන එක. මේවගේ ගොන්පාර්ට් වලට අත්පුඩි ගහන මිනිස්සුත් ඉන්න නිසා කවටයා තව තවත් කවට වැඩම කරනවා.
සමහර වැඩ ඉතින් සුපිරිම තමයි. එ්ත් ඉතින් මෙයාමනේ නූගතුන් නොකරන වැඩත් කරන්නේ සමහර වෙලාවට...
හොඳ වෙලාවට අලියා ලොකු සතෙක් වුනේ. නැත්නම් මේ කපේට සොයන්න ලැබෙන්නේ නැහැ පුංචි අැඟපතක් තිබුණා නම් මේ ක්‍රමයට... ලෝකේ ජී.පී.එස්. තාක්ෂණය පාවිච්චි කරලා මේ වගේ වැඩ බොහොම ලේසියෙන් කරනවා. සතාත් හොඳින් ආරක්ෂා වෙනවා. ඒ වුණාට අැමැතිලගේ වාහනවල නම් ජී.පී.එස්. ඇති ෂුවර් එකට...
මේ මනුස්සයාගේ මොන වැඩ තිබුණත් ඇත්තටම ඔහු යමක් කරන්න හදනවා අවංකවම... ඔය බනින අය ගොඩක් පට කන්නාඩි වලින් බලන අය... මා ඔහුගේ දේශපාලන පක්ෂයට එකඟ නොවුනත් ඔහුගේ ක්‍රියාශීලී බව අගය කරනවා.
මේ යකත් අර 'වැඩ බැරි ටාසන්' වගේ තමා. පිස්සුද මන්ද ?
කෑම දිරවන්න ජොලියට මෙයා කරන දේවල්ව ඔය, බොරුවට රජයේ නිලධාරින් කැටුව කැලේ පීරනවා. මහජන මුදල් බොරු ෂෝ වලටයි, එයාගේ ජොලියටයි වියදම් කරනවා.
හැම එකක්ම ගොන් පාර්ට් වගෙයි නාහේ විදින්න ඇත්තේ තංගල්ල පැත්තේදී වෙන්නැති!
මෙයාට වන ජීවී එක බාරදීපු ජනාධිපතිතුමාගෙ මොලේ තමයි මොලේ
එරික් .. වන ජීවියෙක්ද?
එරික් එකනේ සුමාන 3 කට සැරයක් වගේ කැබිනට් සංසෝධන තියන්න තාමත් හොයනවා ඒ ඒ ඇමතිකම් වලට ෆිට් වන කෙනෙක්. ප්රශ්නය අගමැති කමට ෆිට් වෙන හෙනෙක් නැති පක්ෂයක කොහෙන්ද කැබිනට් එකට ෆිට්වෙන මිනිස්සු නේද?
මර්වින් සිල්වාට වැඩිය ටිකක් හොඳයි වගේ ...
හොඳ වෙලාවට වනජීවී නියෝජ්‍ය ඇමතිකම දුන්නේ. බැරිවෙලාවත් විද්‍යාත්මක තේරීමේදී ක්‍රීඩා ඇමතිකම ලැබුණා නම් ක්‍රිකට් ගහවි, බාස්කට් බෝල් , පංචි දමයි.
අලි මොක උනත් මේකට උරු කොටුවක් දාල දුන්නම් ඉවරයි