(සිතුම් චතුරංග)
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් සිලාවතුර මරිච්චිකට්ටි ඇතුළු ගම්මාන පහක නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
ඉකුත් 24 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කල්ලාරු, මාවිල්ලූ රක්ෂිත ඇතුළු රක්ෂිත පහක් ගැසට් නිවේදනයකින් එක් වනාන්තරයක් ලෙස නම් කර ගැසට් නිවේදනය කළේය.
මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති බව විරෝධතාකරුවෝ පවසති.එම ගැසට් නිවේදනය අවලංගු කරනතෙක් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවද විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති.
තමන්ගේ බහුතර ඡන්දයෙන් තොරා පත්කරගත් ජනාධිපතිවරයා තමන්ට මෙවැනි අසාධාරණකම් සිදුකිරීමට විරෝධය පලකරන බව ද ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන මොකක්ද අසාධාරණය. වනාන්තර 5ක් තිබුනත් රක්ෂිත. එකක් කලත් එහෙමමයි. කිසිම අසාධාරණයක් වෙලා නෑ ඒ කියන්නේ මේගොල්ලෝ නැවත පදිංචිවෙලා තියෙන්නේ රක්ෂිත එලිකරලා කියලනේ. එකනේ මේ බය වෙලා ඉන්නේ.
මුස්ලිම් ජනතාවට වුනේ කබලෙන් ලිපට වැටීමක්. ඔය මිනිස්සු පැය 24 ඇතුලත තමන්ගේ ඉඩම්වලින් ඉවත්ව ගිය අය කොටින්ගෙ තර්ජනය නිසා, දැන් යහපාලන ආණ්ඩුව ඒ මිනිසුන්ට පිහියෙන් ඇන්නා.
අම්මෝ ඉන්න සෙනග ගොඩ
අවලංගු කරන්නනම් එපා අපිත් ඡන්දෙ දුන්නේ හොද දේ කරන්න
ජනාදිපතිතුමා ගත් අතිශය වැදගත් තීන්දුවක් , මොනම බලපෑමක් හමුවේවත් මෙය වෙනස් නොකළ යුතුයි
අපේ මහා රජා කරපු වැඩ නිසා මේ හැම විනාසයක්ම අද වෙලා තියෙන්නේ බලයේ රැදී ඉන්න රට හූරගෙන කන්න තියන පෙරේතකමට රටේ වනාන්තර එක එකාට ඕනේ විදිහට විනාස කරන්න දුන්න උතුර දෙමළ අයට දුන්න ඒ ප්‍රදේශවල උන්න සිංහල ජනතාවට ඒ ඉඩම් අහිමි කලා
ලංකාවේ නිදහස වැඩයි. ජිනිවා වලින් අපෙන් සල්ලි අරගෙන අපිව විනිශ්චය කරන්න විදේශ විනිසුරුවන් ගෙන්න හදනවා. කාට කියන්නද.