ලෝක පරිසර දිනය යෙදි ඇති ජුනි 5 වැනිදා පැළ ලක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝපණය කිරිමේ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව පරිසර රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් නාරම්පනාව මහතා පැවසිය.
අරපිරිමැස්මෙන් සම්පත් පරිභෝජනය මෙවර පරිසර දිනයේ තේමාවයි.
පොළොන්නරුව මැදිරිගිය වටදාගෙය කේන්ද්‍රය කරගනිමින් ලෝක පරිසර දිනය ප්‍රධාන උත්සවය පැවැත්වෙයි.
“එදින සංකේතාත්මකව පැළ කිහිපයක් රෝපණය කෙරෙයි. ඉන්පසු ක්‍රමවේදයක් යටතේ පැළ ලක්ෂයේ ඉලක්කය සපුරා ගැතැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආවේණික ගස්වර්ග පමණක් රෝපණය කෙරෙයි.”
මෙම වැඩසටහනට සමගාමී දේශිය පළතුරු පරිභෝජනය සුලභ කිරිමේ වැඩපිළිවලකට ද මෙදින මුල පිරෙයි.
රටේ සෑම පාසලකටම රාජ්‍ය ආයතනයකට ම එදිනට ඉටු කළ යුතු කාර්යන් සම්බන්ධව දැක්වෙන චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලක්ෂයෙන් කීයක් ඉතිරිවෙයිද මාසයක් යනකොට, අවුරුද්දක් යනකොට? (කේ)
අනේ පුළුවන් නම් කොළඹ වවන්න. පොළොන්නරුවේ ඕනේ තරම් ගස් තියෙනවනේ. මෙහෙ හරිම අව්ව.(නදී)
රැකබලා ගැනීමත් වැදගත් (නදී)
ඉතා වටිනා වැඩක් (නි)
ඉතා හොඳ වැඩක් (නි)