අවමගුල් උත්සවයකට සහභාගීවීමට මත්තේගොඩ සිට අනුරාධපුරයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වෑන් රියේ 17 දෙනකු ගමන් කරමින් සිට ඇති අතර තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රියදුරු මහතුන් එක තැනකට එක් කොට ඔවුන්ගේ වගකීම් හා යුතුකම් වටහා දෙන්න. අර ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා "ඕනෑම බුරුවෙකුට වාහන එලවන්න පුළුවන් නමුත් වාහනය පාලනයක් ඇතිව එය පදවන්නේ ටිකදෙනයි" කියලා. (දිල්)
අර 'ෆුල්ෆේස් හෙල්මට්' නීතිය වගේ පාර අයිනේ ඇති ගස් ගලවන්න නීතියක් ගෙනෙයිද දන්නෙ නෑ. (ර)
අපේ රටේ රියදුරන්ට ඕනේ ආරක්ෂා අන්දමින් රිය පැදවීමට නොව ඉක්මනින් ගමනාන්තයට ලඟා වීමටයි. (ර)
ගමගේ, මමත් එකඟයි (නදී)
ඕනෑම කෙනෙක් වාහනයක් අතට ගත්තම බලන්නේ තමන්ගේ කටයුත්ත ඉක්මනින් අඩු කාලයකින් කරගන්න. අනෙක් පැත්තෙන් වෙන විනාසය අවම කරගන්න බලන්නේ කීයෙන් කී දෙනාද ? (නදී)