අවමගුල් උත්සවයකට සහභාගීවීමට මත්තේගොඩ සිට අනුරාධපුරයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වෑන් රියේ 17 දෙනකු ගමන් කරමින් සිට ඇති අතර තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෑන් රිය ගසේ හැපෙයි : අවමගුලේ අවමගුලක්
ගමගේ Sunday, 05 April 2015 05:37 AM
සියලුම රියදුරු මහතුන් එක තැනකට එක් කොට ඔවුන්ගේ වගකීම් හා යුතුකම් වටහා දෙන්න. අර ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා "ඕනෑම බුරුවෙකුට වාහන එලවන්න පුළුවන් නමුත් වාහනය පාලනයක් ඇතිව එය පදවන්නේ ටිකදෙනයි" කියලා. (දිල්)
ධම්ම Sunday, 05 April 2015 10:54 AM
අර 'ෆුල්ෆේස් හෙල්මට්' නීතිය වගේ පාර අයිනේ ඇති ගස් ගලවන්න නීතියක් ගෙනෙයිද දන්නෙ නෑ. (ර)
පිටබැද්දර ජයා Sunday, 05 April 2015 12:30 PM
අපේ රටේ රියදුරන්ට ඕනේ ආරක්ෂා අන්දමින් රිය පැදවීමට නොව ඉක්මනින් ගමනාන්තයට ලඟා වීමටයි. (ර)
පුබුදු Sunday, 05 April 2015 01:37 PM
ගමගේ, මමත් එකඟයි (නදී)
ඉසුරන්දි Sunday, 05 April 2015 01:44 PM
ඕනෑම කෙනෙක් වාහනයක් අතට ගත්තම බලන්නේ තමන්ගේ කටයුත්ත ඉක්මනින් අඩු කාලයකින් කරගන්න. අනෙක් පැත්තෙන් වෙන විනාසය අවම කරගන්න බලන්නේ කීයෙන් කී දෙනාද ? (නදී)