අනුරාධපුර පුජා භූමියේදී දෙදෙනකු මරා දැමු වල් අලියා මල්වතු ඔයේදී නිර්වින්දනය කර ඈත වනාන්තරයකට අද(27)රැගෙන ගිය බව වන ජීවී නිලධරයෝ කියති.
අනුරාධපුර පුජා භූමියේදී දෙදෙනකු මරා දැමු වල් අලියා මල්වතු ඔයේදී නිර්වින්දනය කර ඈත වනාන්තරයකට අද(27)රැගෙන ගිය බව වන ජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක ඔයා නම් හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. මේ ලෝකේ හැමෝටම ඉන්න ඕන බව දන්නේ නැද්ද. සත්තුත් මේ ලෝකේ කොටසක් (නදී)
මෙයා කඩිමුඩියේම ඇවිත් ඇත්තෙම පොදු අපේක්සකයා එහි පැමිණි නිසා ඔහුව හමු වීමටය , අනාගතයේ හැම ප්‍රශ්නයම විසදන නිසා වන අලි ප්‍රශ්නය ගැන කීමටය, නමුත් වෙලාව අප්සට් වෙලා,(දිල්)
ලංකවේ ඈත වනාන්තර තියෙන්නේ කොයි දිස්ත්‍රිකයේද? ඒවා දේසපාලුවෝ නොදැකපු ගහ කොළ කපා විනාස නොකරපු, හෝටල් නැති වනාන්තරද? (ර)
අානන්ද, මිනිස් ජීවිතද වටින්නේ සත්තුද? මේ වගේ ප්‍රශ්නයක් අසන්නේ කොහොමද?අලින්ගේ ජීවිතයත්, ජීවිතයක් නේද? අපේ ජීවිත සතුන්ගේ ජීවිත වලට වඩා වටින්නේ කොහොමද? අපි සතුන්ගේ තැන අල්ලාගෙන, ඊට පස්සේ උන්ට බනිනවා. පුදුම ලෝකයක්. (නදී)
මොකටද මේ මෙච්චර අලින්ට කරුණාව. මියගිය දෙන්නගේ පවුල්වල අය කොච්චරනම් වැලපෙනවා අත්දෙ? මිනිස් ජීවිතද වටින්නේ සත්තුද? (ස)
මේ අසරණ සතුන්ගේ නිජබිම් අහිමි වුණ නිසයි උන් මේ වගේ හැසිරෙන්නේ. මොනවා වුණත් අපිත් අසරනයි නේ අපේ නිජබිමත් අපිට නැති වුණානම් නේද?(අ)
ජයශුප් , මයුර ඒ වගේම මේ කතා කරන්න බැරි සතා වෙනුවෙන් අදහස් දක්වපු හැමෝම ගැන මට සතුටුයි. තාමත් මිනිසත්කම තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්න එක ගැන. පටු විදිහට හිතන්න එපා චින්තන, ඔයාගේ නමත් චින්තන වෙලා තියෙද්දී. මේවා සත්තුන්ගේ වාස භුමි. හොරෙන් කැලේ කැප ඉන්දම් ලොකු කරනවා. හරක් පට්ටි පිටින් සංරක්ෂිත වනාන්තර ඇතුලට රින්ගෝල වන සත්තුන්ට කන්න තියෙන ගහකොළ කාල දානවා. ඇතුලේ ගස් කපනවා. දළ ගන්න, පැටව් හොර ගන්න අලි ඇත්තු මරනවා. දඩයමින් වෙන සත්තු මැරෙනවා. ඒවා ගැන සත්තුන්ට කරන්න දෙයක් නෑ. මිනිහට ඉඩ දීල බලා ඉන්නවා. එක්කෝ මැරිලා යනවා. (අ)
වල් අලි පමණක් නොව රට විනාස කරන්න කොම්පැනි ගහන කකුල් දෙකේ අලිත් මේ ක්‍රමයටම නිර්වින්දනය කර කොහේ හරි ගිහින් දාන්න ඕන (ස)
මේ හස්ති රාජයාට කරදරයක් නොකර පරෙස්සමින් ප්‍රවාහනය කරන්න. හොඳින් ගහ කොළ ඇති කැලයකට ගිහින් දමන්න. කෙසේ හෝ පූජා භූමියට පය ගැසූ නිසා පෙර පින් ඇති හස්ති රාජයෙක්. (නදී)
ජයසිරි ,ඔබගේ අදහස ,කාලින උවමනාවක්. (නදී)
අසරණ සත්තු දුක් විදිනවා. උන්ගේ ඉඩ මිනිස්සු අල්ලාගෙන උන්ව එලෝනවා. උන්ට කතා කරන්න බෑ. ඉතින් උන් යනවා. (නදී)
සිතූ, මම ඔයාගේ අදහසට 100% එකඟයි. මේ වගේ අහිංසක සත්තු කීයක් මැරෙනවද මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඒවාට වැඩපිලිවෙලක් යෙදිය යුතුයි (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර,හොඳ යෝජනාව' මේ අලියා උදාර පරපුරකින් එන එකෙක්. තමන්ගේ නිජබිම් අල්ලන මිනිසුන් ගැන බෝ සමිදුන් ළඟ කියන්න එන්න ඇත්තේ. අනේ අර කලින් ගලිගමුවේ දළ ඇතාට කළා වගේ නොකර ගිහින් දැම්ම නම් පින්. මේ වන විනාසෙට හවුල් වෙන සේරම ජාති ජාති ගෙවනවා. (නදී)
හෝව් හෝව් මනමේන්ද්‍ර කොම්පැනි නෙවෙයි රටේ සම්පත් සුරා කන කොමිස් ගහන අත් ටික (නදී)
අපරාදේ ඔයා දවසක් කලින් ආවනම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. (නදී)
අලි නිර්වින්දනය කරන්න කලින් ලොකු තැන වටේට කැරකෙන එතනෝල් පෙරේතයන්, කුඩු කුම්භාණ්ඩ යන කොමිස් කාක්කන් එලවන්න බලියක් අරින්න මනමේන්ද්‍ර. (නදී)
අලුත් දේශපාලන වාතාවරණය නිසා අලියොත් ෆෝම් වෙලා හැංගිලා හිටපු අලි එලියට එනවා (නදී)
සිතු ඔයා හරි කරුණාවන්ත කෙනෙක්. නමුත් ඔයාට මොකද අසරණ මිනිස්සු අලි ගහල මැරෙන එක. දුකසේ උපයාගත් දේපල ගොවිතැන් අලි විනාශ කරන එක ගැන නොපෙනෙන්නේ. ඔයා කියන්නේ මෙම රට සතුන්ට දීල මිනිස්සුන්ට නාවුරු දුපතට යන්න කියලද? (නදී)
හෙට අනිද්දම කුලප්පු වුන අලි රැලක් බන්දුලගේ සහ ජයසිරි මනිමේන්ද්‍රගේ ගෙවල් පැත්තට එන බව ආරංචියි. (නදී)
මේ සතා දෙවියෝම රැකබලා ගනිත්වා! (නි)
මේ දවස් වල වැලේ වැල් නැතුව හිටි වල් අලි ඉන්නේ මදන මෝදකය කාල වගේ චුන් වෙලා.එකයි මේ පිස්සු කෙලින්නේ..ගණන් ගන්න එපා.. ජනවාරි 09දායින් පස්සේ ආයේ ඕකුන් කැලෑ වදිනවා උන් හිටි තැන හොයා ගන්න බැරි වෙන්න..(ස)