( ටී.කේ.ජී.කපිල )
කටුනායක , ඇවරිවත්ත නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණය ඉදිරිපිට දී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් ගත් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි .
මෙම යතුරු පැදිකරු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ සේවයේ නිරත හෙද සහායකවරයෙකු වන කටුනායක වලානගොඩ පදිංචි වික්‍රමනායක පතිරන්නැහැලාගේ හර්ෂ මධුසංඛ නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි .
කෝවින්න ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත වෑන් රථයක් වේගයෙන් ගුවන් තොටුපොළ දෙසට ධාවනය කරමින් , ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී , ඉදිරි පසින් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd