( බී. ජී. චතුරංග )

අනුරාධපුර -  විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින්  මවක් ජීවිතක්ෂයට පත්ව ඇගේ ලේලිය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචි පී. සංගු නැමැති 91 හැවිරිදි කාන්තාවකි. 

ඊයේ (21දා)  එම මව නිවස ඉදිරිපිට මල් කඩමින් සිටින අවස්ථාවේ ප්‍රධාන මාර්ගයේ පැමිණි වන අලියකු මෙලෙස පහරදී තිබෙන අතර මවගේ කෑගැසිල්ලට පැමිණි ඇගේ පුතාගේ බිරිඳටද (ලේලිය) මෙම වන අලියා පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.