(උපුල් හේරත්)

වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා රජයට බලපෑම් කළ විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණයක් අද(22) මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයට පෙරාතුව මහවිලච්යේ  මුතූමරි දේවාලයට ගිය ගොවි ජනතාව දේව කන්නලවිවක් කරමින් පොල් ගසා ගොවි ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.

සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් ගොවි ජනතාව මල්වඩම් දෙකක් තබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

ඒහිදී ප්‍රාදේශීය ලේකම්වරිය තන්තිරිමලයේ කොට්ඨාසය භාර වනජීවී නිලධාරියා කැඳවමින් ඔවුනට කියා සිටියේ අද දින සිට වන අලි ගමෙන් පන්නා දමන බවයි . ස්ථිරසාර විසඳුමක් සඳහා ලබන සතියේ දිනයක බලධාරීන් දැනුවත් කරමින් කටයුතු කරන බවද කීවාය.

ඊට කැමැත්ත නොදැක්වූ ගොවි ජනතාව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහවිලච්ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක රැඳී සිටින අයුරු දැකගැනීමට හැකි විය.