විධායක ජනාධිපති ක‍්‍රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යටතේ පියවර ගන්නා බව පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී උපකාරක පන්ති ගුරුවරුන් හමුවූ අවස්ථාවේ රණවක මහතා කීවේය.
මැතිවරණ ක‍්‍රම සංශෝධනයට ද , පළාත් සභා ක‍්‍රමයට කිසිදු ආකාරයක බලපෑමක් නොකිරීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ස්ථාවර රජයක් බිහිවෙන බවත් ඔහු කියයි. දැනට නිදහස් සන්ධාන රජයේ සිටින සියලූ මැති ඇමතිවරුන් නව රජයට එක්වෙන බවද රණවක මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා, මහානාම, දක්වා ඇති අදහස් ගැන මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි. (ර)
ලැජ්ජයි.... අපි හිතුවේ නැහැ ඔබතුමා ඔහොම වෙයි කියලා (නි)
දැනට සිටින සියලුම ඇමතිවරු අලුත් රජයට එනවා නම් ඇමති මණ්ඩලය 25ක් දක්වා අඩුකරන්නේ කොහොමද? (නි)
හොඳ මනුස්සයෙක්. යන ගමනට අපි සුබ පතනවා! (නි)
අයියෝ! දැන් මේ අය යන්නේ කොයිබටදැයි කියලා හිතාගන්න බැහැ. (නි)
ඒ ආණ්ඩුවක් ආවොත්නේ! (නි)
ප්‍රාදේශීය සභා අහෝසිකළ යුතුය (නි)
ඔබතුමාලා ආණ්ඩුවෙන් එළියට ආවෙ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න අකමැති නිසානේද? ඇයි දැන් සැර බාලවෙලා කප්පාදුවක් ගැන කියන්නේ? (නි)
පලා බබ්බු සමග සභා ක්‍රමය අපිට එපෝ. පලා බබ්බු රටම කන නුගත් සත්තු ජාතියක්. තිබුන පරණ ක්‍රමයේ වැඩ මිට වැඩියේ හොදයි. ඇයි පනින රිලවුන්ට ඉතුරු ටිකත් බෙදාගෙන කන්න දෙන්නද හදන්නේ. අපි දන්නවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. මෙහෙමවත් තියන රට තවත් කන්න හදන්න එපා.(නදී)
පොරාන්දු වුණේ විධායක බලය නැති කරනවා කියලයි දැන් මේ අය කොහෙන්ද දන්නේ නෑ කතාකරන්නේ (අ)
ඔබ තුමා කවුද ? ඔබ තුමා කොහොමද එහෙම සහතික දෙන්නේ..ඔබට තියෙන දේශපාලනික බලය මොකක්ද මේ අසුද්ධ සන්ධානයේ..ඔබ ඉත්තෙක් පමණයි.බලය තියෙන්නේ ඔවුන් අත..මේ සිංහල බෞද්ධ බලවේගයන් විසින් සෑදු ආණ්ඩුවේ කල නොහැකි වූ දේ ඔබට යු අන් පි සහ සුළු ජාතික අන්තවාදීන්ගේ බලය රජ කරන පෙඩරල් වාදින්ගෙන් සැදුනු රජයක් තුල කල හැකිද? ඔබ ගැන දුකයි..9න් පස්සේ ඔබ දේශපාලන අනාථයෙක් පමනයි..ඔබ අපි දුටු අපි දැකපු එදා සිහල උරුමයේ හෙළ උරුමයේ සිටි චම්පික රණවක නෙමෙයි..වදනක් හෝ ඔබ වෙනුවෙන් මේ තීරුවේ මෙයට පෙර වැය කිරීම පිලිබදව අද මම අවංකව කනගාටු වෙනවා.. (අ)
අශුද්ධ සන්ධානේ ඉන්න උගත් බුද්ධිමත් මිනිසා. ඔතන ඉන්න එපා චම්පික. හොරු සමඟ හෙළුවෙන් ඉන්න එපා. (අ)
මෙයා ගැන අපිට තිබුන විශ්වාසය ඉවරය දැන්.එන්.ජී.ඹ්එකකට කඩේ යනවා මෙයා.අපි නොදන්නා චේස්. (අ)
මැතිතුමනි මිනිසුන් රැවටීමත් සීමාවකින් කල යුතුයි , ඔබතුමා සහ පිරිස කිව්වා 20 ගානේ 60 එනවා කියලා පාර්ලිමේන්තුවෙන් , කෝ ආවද ? දැන් කියන්වා 5 වෙනිදා එනවා , ඊළගට කියනවා ඇතුලේ ඉදන් සහයෝගය දෙනවා කියලා , දැන් කියනවා 9 වෙනිදා න් පසු සියලුම දෙනා එනවා කියලා , ඒක නම් ඇත්ත , දින්නොත් එයි , කරුණාකර අහිංසක පාක්ෂිකයින් මෝඩයින් ලෙස සලකා කතා කරන්න එපා . රාජිත මහතා කිව්වා පතුරක් යනවා කියලා , ඔබතුමාට හැකිනම් දිනන්න , නමුත් ඔබතුමා ගැන ජනතා විශ්වාසය නැතිවෙන කතා කියන්න එපා . විධායක ජනාධිපති අහෝසි කරනවා කිව්වා නේද සෝභාත හාමුන්දුරුවන එක්ක , දැන් ඒ අදහස වෙනස් වෙලාද ? මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කිව්වා නේද දැන් ඒ අදහස් වෙනස් වෙලා ද (අ)
මට ගැටළුවක් තියෙනවා .සංවේදී නායකයින් ඇයි මේ වගේ සංවේදිවෙලා, ප්‍රතිමල්ලවයාගේ කාර්යාල ගිනිතැබීම කඩාදැමීම කරන්නේ, මේකද "අසිරිය"කියන්නේ. (අ)
රිචර්ඩ් මහත්තයට ලාබදායිම මැතිවරණ ව්‍යාපාර ගැන, ප්‍රචාරණ ව්‍යාපාර ගැන අවබෝධයක් නැහැ වගේ. තමන් හැදුව. තමන්ම කැඩුව. අනුන්ට බිල දැම්ම. එක ගලෙන් කුරුල්ලෝ කීයක්ද?. වැඩි උපදෙස් ඕන නම් ඔය සමන්ත විද්‍යාරත්න අයියගෙන් අහල දැන ගන්න. එයාල ඌව මැතිවරනෙට ඕක බහුලව භාවිතා කළා..අනේ එත් ඇපත් නැහැ.. (අ)
හවුලේ අවුල කවදා ලිහේවිද මන්දා? (නි)
චම්පික මහත්තයා දැන් ඔබ මහත්තයෙක් නොව රූකඩයක් පමණයි 9 වැනිදට පසු රුකඩ සන්දර්සනයද අවසානය. මනුස්සයෙක් වුනාම කුමක් හෝ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.(හේ)
මෛත්‍රී මොනම වෙලාවකවත් කිවුවේ නැහැනේ ජනාධිපතිකම අහෝසි කරනවා කියලා (නි)
මොහු උගතෙක් බුද්ධිමතෙක් කියලා මම අධි තක්සේරුවක සිටියේ. මම වැරදිද කියලා මගේ ටිකිරි මොළේ දැන්නේ මගෙන් ප්‍රශ්න කරන්නේ. (නි)
බන්දුල පෙරේරා මොනවා ලිව්වත් චම්පික කියන්නේ හොඳ බුද්ධිමත් අවංක මිනිසෙක්. (නි)
රටක් පාලනය කිරීම මේ ආකාරයට කළ නොහැක (නි)
ඕනෑම රටක විධායකය තියෙනවා. විනිසුරුවන් පත්කිරීම ඇතුළු රටට වැදගත් තීන්දු ගතයුත්තේ මහජනතාවගේ නියෝජිතයෝ. මේ කතාව හරියට බලන්නේ නැතුව කොනක් අල්ලාගෙන කඩේ යන්න එපා. අපිට ඕනෑ අපේ දරුවන්ට යහපලනය ඇති රටක් මිස එක් අයෙකුට ලියාදුන් රටක් නොවේ (නි)
අනේ පව්! කොච්චර කපනවද දන්නෙ නැහැ. කොහොමද කතුරෙන්ද? පිහියෙන්ද?කඩුවෙන්ද? (නි)
බන්දුල, සම්පත්, දිනේෂ්, ඔබ තුන්දෙනා මහා උගත්තු වගේ පෙනුනාට අදහස් වල කිසිම අර්ථයක් නැහැනේ. (නි)
මේ මිනිස්සු කවදා මේ රටට හොඳ තීරණයක් ගනීද? අනිත් ගොඩක් රටවල් ලංකාව කියලා රටක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. (නි)
අනේ බන්දුල පෙරේරා, ඔයා නත්තල් සාදයෙන් පස්සේ ප්‍රතිචාර දානවා දකින එක සන්තෝසයි. (අ)
බන්දුල පෙරේරා සිහිවිකල්ලෙන් කියවනවා. තව දවස් කීයද තියෙන්නේ? (නි)
9 වෙනිදාට පස්සේ මෙරටේ නව ප්‍රබෝධයක් නව නායකත්වයක් ඇතිවෙන බව දැන් කාහටත් පැහැදිලිවෙලා තියෙන්නේ. (නි)
සමහර දේශපාලන ගැත්තන් අදහස් දක්වන්නේ මේ රටේ සැමදෙනාම බලපෙරේත දේශපාලකයන්ගේ වහල් ගැත්තන් යැයි සිතාගෙනද කොහෙද? (නි)
චම්පික, ඔබ උගත් මහත්මයෙක්. (ර)