‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක බලය වෙනස් කරන්න එපා‘ යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
‘චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී බලයට ආවේ විධායකය අයින් කරනවා කියලා. අපි කියනවා විධායකය වෙනස් කරන්න තියා හොල්ලන්නවත් එපා කියලා. ව්‍යවස්ථාවේ සියල්ල එකතු කරලා තියෙන්නේ විධායක බලයේ. ඒ නිසා තමයි බෙදුම්වාදී සංවිධාන උත්සාහ කරන්නේ විධායකය අහෝසි කරන්න. අලුත් ව්‍යවස්ථාව පරාජය කරන්න සියලු පළාත් වලින් 4000ක් සඟ පිරිසක් කොළඹට කැඳවා උන්වහන්සේලා දැනුවත් කර ගමක් ගමක් ගානේ යනවා‘ යැයි ද ඒ හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය ඕනෑ නැති මතයේ තමා මමත් හිටියේ. නමුත් රට යන විදිය අනුව විධායකය වැදගත් බවයි පෙනෙන්නේ. කිව්වා වගේ කොමිෂන් වල ස්වාධීනත්වය පිළිබද සැකයක් තියෙනවා (නි)
විධායකය තිබුනත් නැතත් රටට සේවය කිරීමයි වැදගත්. (ර)
බමුණු සහෝදරයා, බයකට නොවේ. අප්පිරියයි චීවරයක් දාගෙන පහුගිය කාලේ කරපු වැඩ. (නි)
ලක්ෂ හැට හතරක බහුතර ජනතා කැමැත්තෙන් ගොඩනගපු යහපලනෙ කරන වැඩපිළිවෙලවල් වලට මොකද මේ කට්ටිය විරෝධ දක්වන්නේ දැන්. (ම)
මමත් මුලින් හිතුවේ විධායකය නැතිකරන්න කියල තමයි ,නමුත් මේ අවස්තවේ එහෙම කෙලොත් අපිට යන එනමන් නැතිවෙනේව ,හිතන්න එපා මීක සෙල්ලෙමක් කියෙල ,අපි දැන් ඉන්නේ බොහොමේ තියුණු කඩේ ඉම්මෙක ,මමේ වෙලාවේ ඔලුව කල්පන කරෙල වැඩ කරන්න ඕන (ර)
ලංකාව වගේ රටකට විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍යය නැත. (ර)
දැන් මෙයාලා පරණ පුරුදු ගතිපැවතුම් අතහැරලාද? (නි)
එ්ක හරි. ලංකාව වගේ රටකට විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍යයි. (පුද්ගලයා හොඳ වියයුතුයි) එසේ නොවුණහොත් මේ රට පාලනය කරන්නේ කොමිෂන් සභා වැනි කණ්ඩායම්. පේනවා නේද මේ ආණ්ඩුවට වෙලා තියෙන දේ. ලංකාවට ඕනෑ මහින්ද වගේ පෞරුෂයක් තියෙන සහ විජේතුංග වගේ විධායකය අනිසි ලෙස පාවිච්චි නොකරන කෙනෙක්. (නි)
බහුතර මතය විදායකය වෙනස් කිරීමයි.බහුතර මතයට ඉඩදීම තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ (ර)
ඔය පක්ෂයේ මතය උඩින්ම පැරදුනානේ ? දැන් දිනපු මතයට ඉඩ දීලා හිටයා නම් හොදයි.(හේ)
විධායකය හොඳයි. (ර)
ලංකාගේ බහුතර මතය ඒ ජනවාරි 8 දැන අවම බලය (ම)
සිංහල බෞද්ධ අප ලග නොව දුර බැලිය යුතුය.අනාදිමත් කාලයක් බෞද්ධ ශිෂ්ටාචාර වෙලා තිබුණු රටවල් දශක කීපයකින් අන්‍යාගමික රටවල් උනේ සංවිධානාත්මකව බෞද්ධ බලය යටපත් කරපු නිසා.සංගරත්නය පෙන්වා දෙන්නේ අන්න එතනයි (ර)
වෙන රට වල තාමත් රජ පවුල් තියෙනව. ලංකාවේ එ්ක නැති හින්ද විධායක ජනාධිපති කම තිබුනොත් හොඳයි වගේ. (බ)
විධායකය තිබිය යුතුමයි (හේ)
කුමාර් නැහැ නැහැ මොකද බයද? (හේ)
කුමාර් ,ඔය ඔහෙටම වෙලා ඉන්න හොදේ.ලංකාවට කනේ ඉදන් අග කන අය ඕනේ නැහැ! (ර)
ධර්මය ප්‍රචාරය කරනවට වඩා දේශපාලනය කිරීම වැදගත්ද? ඉතින් බුද්ධාගම කොහොමද පවතින්නේ ? (නි)
වහල්ලු විදිහට හිතන්න අපි සූදානම් නැහැ (නි)