ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීම ආරම්භ කළේය.
දින සියය අවසානයේ ජනපතිවරයා වශයෙන් තමා පත්කළ ජනතාව ඇමතීම සුදුසු බව ජනපතිවරයා පැවසීය.
‘‘ජනවාරි 9 වැනිදා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ඔබ මාවෙත ලබාදුන් ජනවරමට පසු මෙතෙක් ගතවූ දින 100 තුළ ආර්ථිකය, දේශපාලනය, ජාත්‍යන්තර සබදතා අපට අතිශයින් වැදගත් වුණා.
අපි දින 100 තුළ කළේ මොනවද කියල සමහරු අහනවා. අපි බොහෝ දේ කළා. ඇතැම් වටිනා දේවල් අතට අසුවන ඒවා නොවේ. පොදු රාජ්‍ය මණ්ඩලීය හමුවීම් තුළ බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි යුරෝපා සංගමයත් දිනාගත්තා කියලා මම හිතනවා. මම චීනයට ගියා. ඒ රටවල රාජ්‍ය නායකයින් අප වෙත දැක්වූ ලෙංගතු භාවය ඉතාම පුළුල්. මගේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ක්‍රියාත්මක කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්.
දින 100 ට මොනවද කළේ කියන අයට මම කියන්න කැමතියි පසුගිය කාලේ රාජ්‍ය සේවකයින්ට ආයතනවල නිදහසේ දුරකථන ඇමතුමක්වත් ගන්න බැරිවුණා. සේරම ටැප් කළා. ජනමාධ්‍යවලට නිදහස ලැබුණා. අධිකරණයට නිදහස ලැබිලා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා තිබුණේ. මේ සියල්ල රාජ්‍ය පාලකයන්ගේ දුරකථන ඇමතුම්වලට යටවෙලා තිබුණේ. නීතිපතිවරයාට තම වෘත්තියේ අයිතිය අනුව කටයුතු කරන්න නිදහසක් තිබුණේ නෑ.
අපි නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කළා. ජාතික ආරක්ෂාව පිළිබදව මට අලුත් වැඩපිළිවෙළක් ඕන කියලා ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ වගකිවයුතු අයට කිව්වා.
මේ දින 100 සමහර අය කියනවා දුර්වලයි කියලා. ශක්තිමත් නෑ කියලා. ඒ සියලු විවේචකයින්ට මම කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයෙක් සතු අසීමිත බලතල මම පාවිච්චි කළේ නෑ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා විධායක ජනපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කරනවා කියලා. 78 ඉඳලා මැතිවරණ පොරොන්දුවලට මේ විධායක බලතල අහෝසි කරනවා කියලා බොහෝ නායකයන් පත්වුණා. ඒ කාටවත් මේක කරගන්න බැරිවුණා. ඒ වගේම මනාප ඡන්ද ක්‍රමයටත් බොහෝ දෙනෙක් කැමති නෑ. ඒක නිසා මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, ඒකාධිපති පාලකයන් බිහිවීම වැළැක්වීමට අනිවාර්යෙන්ම 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.
මම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඔබට ලැබුණු ඵෙතිහාසික අවස්ථාවේ ඔබේ වටිනාා ඡන්දය පාවිච්චි කරලා මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කොටස් කාරයෙක් වෙන්න කියලා.
මේ කාලය තුළ දුන් පොරොන්දු අනුව ජනාධිපති දූෂණ විමර්ශන කමිටුවක් පත් කළා. ඒක සාර්ථකව සිදුවෙමින් පවතිනවා. සියලු ජාතීන් සියලු ආාගම් මේ සියලු දෙනා තුළ සංහිඳියාවක් ඇතිවෙලා. ජාතික සමගි සංහිඳියා කටයුතු කිරීමේ ලේකම් කාර්යාලයක් අපි අලුතින් ආරම්භ කළා. මේ රටේ නැවත යුද්ධයක් නොඑන්න අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම කණගාටුවෙන් කියන්න ඕන අපේ දේශපාලන විරුද්ධවාදීන් අන්තර්ජාලය හරහා කරන ඉතාම අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. උතුරේ හමුදා අයින් කරලා කියනවා. ආරක්ෂක හමුදාවට බලපෑම් කරලාලු. ඉඩම් බෙදලා දුන්නලු. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර දෙන්න එපා. පිටරට ඉන්න අයට මේවයින් වැරදි ප්‍රතිරූපයක් මැවෙනවා. අපේ අයට නම් උතුරට ගිහින් බලන්න පුළුවන්. උතුරේ මුල් පදිංචිකරුවන් ඒ අයට අයත් ඉඩම් නැවත ලබාදීම වැරද්දක්ද?
මේ රටට රුපියල් බිලියන 400 කට වඩා ආහාර ගේනවා පිටරටින්. මේ රටේ තිබෙන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඕන. මේ සියල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි පියවරෙන් පියවර ගන්නවා. මේ යහපාලනය ඇති කිරීම සඳහා අද ජීවත්වන අය වෙනුවෙන් වගේම හෙට ඉපදෙන දරුවන් වෙනුවෙන් අපි ක්‍රියාකළ යුතුයි.
මේ වංචා දූෂණය පිටුදකින්න ඕන. මම අද වෙනකන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ කිසිවකුට දුරකථන ඇමතුම් දීලා නෑ. මැතිවරණයේදී දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීමට මම කැපවෙනවා. දූෂණය වංචාවට කිසි විටක ඉඩ තියන්නේ නෑ.
මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා. දූෂණ වංචා අවම කිරීමට ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීමට මම ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. යහපත් සීලාචාර වැදගත් සමාජයක් ඇති කරන්න නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු රටක් ගොඩනගන්න අපේ උතුම් මාතෘ භූමිය සියලු දෙනා එකම සහෝදරත්වයෙන් ඉදිරියට යමු. අපේ වගකීම් වගවීම් සියල්ල පැහැදිලිව තේරුම් ගනිමු. දේශපාලනඥයා රාජ්‍ය නිලධාරියා මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් දැන් ඕනෑ වැඩ... (නි)
සියළුදේටම සුදුසු සම්මානය ජනතාවගෙන් ඉතාමත් ඉක්මනින් ලැබේවි. (නි)
රටට ආදරයක් තිබෙන ඕනෑම බුද්ධිමතෙකුට දැනෙනවා සිද්ධවෙන දේ... (නි)
ඔබතුමා හරි බ්‍රිතාන්‍ය ඉන්දියාව , යුරෝපය් නෝනේ අමෙරිකාවත් දිනා ගත්තා , හැබැයි ඔබතුමා දැන හෝ නොදැන උකසට තිබ්බේ අපේ මවුබිමයි , ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට පසුබිම සන් කෙමෙන් නමුත් ප්‍රබලව සැකසෙනවා , ඇමෙරිකාවට බ්‍රිතානයට ඕනේ උනේ එහෙ ඉදන් රිමෝට් ඊකෙන් ඔපරේට් කරන්න පුළුවන් ආණ්ඩුවක් හා නායකෙයක් , ඒ වෙනුවෙන් තමා ඩොලර් කෝටි ගණන් වියදම් උනේ . මෝඩි මහතා අපේම පාර්ලිමේන්තුවේ ඉන්දගෙන් අපේම අයට13 ට එහා ගිය බලයක් උතුරට දෙන්න කිවා , එදා 1987 මයි මාසේ බෝගහ ළඟ 13 ට විරුද්දව කඳුළු ගෑස් මැද අභීතව , නොසැලී සියලුම දෙනා ( මා ඇතුළු ) දුවද්දී , වේදිකාව මත ගිලන්ව ඇද වැටුන ඒ මහා රුක ගරු මාදුලාවේ සෝභිත හාමුදුරුවෝ ඇයි අද නිහඬ වෙලා ??? එදා පිට කොටුවේ බෝ ගහ මුල වෙඩි කා වැදුනේ කිලිපාඩ් පෙරේරා වෙඩි පාරකින් මිය ගිය මුල්ම මොරටු සරසවි සිසුවා ( අපගේ ඇස් ඉදිරිපිට ) මෙන්න මෙහෙමයි එදා 13 ට විරුද්ද වුනේ . නමුත් අද. වර්තමාන ජනාධිපති තුමා වැදගත් , චාම් අහිංසක වෙන්න පුළුවන් , නමුත් අපිට අවශ්‍ය මේ රටේ මේ කාලෙට ගැලපෙන් ආර්ථික , සාමාජික හා අනෙකුත් ගැටළු වලට තිරසාර විසදුම් දෙන්න පුළුවන් කොන්ද කෙලින් තියා ගෙන වැඩකරන්න පුළුවන් නායකයෙක් . මෙතුමා ගැන මට ප්‍රස්නයක් නැ, මොකද රට පාලනය කරන්නේ මෙතුමා නොවෙන නිසා , හැබැයි වැරදි නම් මෙතුමා , හොදයි නම් අගමැති තුමා , මේ දෙගොල්ලගෙ ක්‍රියාවන් අපිට දැනගන්න පුලවන් මේ දෙගොල්ල වෙන් වෙන්ව ඡන්දෙ ඉල්ලන්න කොට . දින 100 දකුණට කෙරුණ kisima දෙයක් නැ තාම , හැබැයි ඩයස්පෝරාවට නම් ගානට මිම්මට වැඩ කෙරැණා , ඩීසල් පෙට්‍රල් හා ආහාර පාන අඩු කලේ ප්‍රතිපාදන නැතිව මුදල් නොමැතිව , එක හරියට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයට පාටි දානවා වගේ බව ක්‍රෙඩිට් කාඩ් ඇති අය දන්නවා . ස්වාධීන කොම්සන් සබා ගේන්න පුළුවන් උනොත් අපිට දින 100 තුල රට ට වැඩක් උනා කියා හිතන්න පුළුවන් . (ස)
මේක රට පාවා දීමක් (ස)
ඕව කියන්න රනිල්ට (ස)
විධායක බලතල අවම කිරීමට කළ හැකි හැමදේම කරනවා????? (ස)
නන්ද මහතාණෙනි . ඔබ හරි .පිටින් බලපුවම එහෙම තමා පෙන්නේ. මට මුදල් හෝ රැකියාවක් අවශ්‍ය නැත. වැඩි විස්තර අවශ්‍ය නම් කදාන කෙනෙකුගෙන් අහන්න . (ස)
මහානාම කියන්නෙත් හිටපු ජනපතිතුමා කියපු කතාමනේ! (නි)
ඔබ තුමාට ජයෙන් ජය වේවා(ස)
මහානාම මහතාණෙනි, ඔබ හරි.මමත් මේ කතාව දෙතුන් පාරක්ම බැලුවා.විවේචන වලට වැඩිය මේ වෙලාවේ වටින්නේ වැඩ කිරීමයි.නමුත් තාමත් සිදුවන්නේ මහින්ද මහතාට පහර ගසමින් දුක් අඳෝනා කීම පමණි.දකුණේ වෙසෙන අතිමහත් දෙමළ ජනයාට නැති ප්‍රශ්නයක් උතුරේ අයට පමණක් ඇතිවෙන්නේ කොහොමද? (නි)
වින්සන්ට් මහතාණෙනි, මගේ අදහස් දිග වැඩි නම් ඒ ගැන කතෘ මහතා තීරණය කරාවි. අදහස් නොගැළපේ නම් පාඨකයා කියාවි. එහෙම නේද? (නි)
අපි ඔබව විශ්වාස කරනවා (නි)
මහානාම, කොහොමද කියන්නේ රට පාලනය කරන්නේ මෙතුමා නෙමෙයි කියලා? තවමත් එතුමා රටේ විධායක ජනාධිපතිවරයා, 19 වැනි සංශෝධනය තවම සම්මත වී නැත. ඒ සම්මත වුනත් ඔහු තවදුරටත් රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, සේනාධි නායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. (බ)
අපේ එකම බලාපොරොත්තුව ඔබයි (නි)
මහානාම නම් පිස්සෙක් (ස)
මහානාම, ඔබ හරි. (නි)
හැමෝට තේරුනාද මේ කියන දේ හරිදේ හරි කියන්න අවංක වෙන්න ! (ස)
මහානාම ඔබ තුමාගේ අදහස් වලට මම නම් ගරු කරනවා.ඔබගේ ප්‍රකාශය බෙහෙවින්ම අගයමි. (බ)
රටකට අවශ්‍ය කරන මුලිකම දේ වංචාවෙන් දූෂණයෙන් ගොඩගැනීම ඉහල සිට පහළටත් පහල සිට ඉහලත් මේ දේ අනුගමනය කරොත් අපතුලින් රටට යහපාලනය උදා කල හැක සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම හදුනාගන්න ඒ වගකීම වෙනුවෙන් වැඩකරන්න රටක් දියුණුකරන්න අකල්පපය වෙනසක් විය යුතුයි ! (ස)
මහනාම - කඳාන ඔය ඉන්න ළිදෙන් එලියට ඇවිල්ල බලන්න තව හොද ලින් තිබෙනවා පීනන්න මැඩියෙක් බව පුන පුනා කියන්න එපා ඔබගේ දැනුමෙන් මුළුරටම මනින්න එපා.(ස)
මහානාම, කට පරිස්සම් කරගෙන හිටියා නම් හොඳයි (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
සිල්වා, එහෙනම් පීනන්න හොඳ හොඳ ළිං හොය හොයා යන ගෙම්බෙක් වෙන්න ඇති. (නි)
සිල්වා, ඔක්කොටම කලින් ඔබතුමා ඔය ඉන්න මඩ වලෙන් ගොඩ එන්නකෝ. ඔබතුමන්ලා වගේම තමයි අපිත් යහපාලනය විශ්වාස කළාට අපිට දැන් තේරෙනවා කරගත් දෙයක මහත. (නි)
ගණන් ගන්න එපා කඳානේ මහානාම අයියා. ගමගේ මහතා විතරක් නෙමෙයි කොහොමත් කොයි පිස්සත් හිතන්නේ අනික් අයට පිස්සු කියලනේ. (නි)
මහානාම මහතාගේ කතාව ඇත්ත. එහි කිසිදු අනවශ්‍ය වැල්වටාරම් කිසිත් නැත. එහෙත් වින්සන්ට් මහතාගේ අදහස් වල නම් ගතයුත්තක් නොදකිමි. (නි)
රකිත්, ඔයා ඇත්තටම හිතාගෙන ඉන්නේ මොනවද? (නි)
දිලිප්, වහල්බාවය ගැන ඇත්තම කතාව මම නම් පිළිගන්නේ වෙන විදිහකට (නි)
මහානාම හරියට හරි.............මෙයා පහර ගහන්නේ සිංහලයාට ....(අ)
ජනපතිතුමාගේ ප්‍රකාශය හරි බව මෙහි සමහර අදහස් වලින් ඔප්පු වෙනවා. වහල්බාවයෙන් මිදෙන්න අකමැති මිනිසුන් තවමත් ඉන්නවා. මෙය තමා සැබෑ වහල්බාවය. උඩින් පෙනෙන දේ මත නොවෙයි අදහස් පළ කළයුත්තේ. ඇත්ත ඇති සැටියෙන් දකිමිනුයි. පාට කණ්ණාඩි ගලවන්නත් ඕනෑ. (නි)
ගමගේ මහතාගේ අදහස් වලට විරුද්ධ අය ඔක්කොම පිස්සොද? (නි)
මහානාම-කඳාන, ඔබතුමා මොරටුව සරසවියේ ඉගෙනගත් බව අපි දනිමු.ඒ ගැන සතුටුවෙමු. කෙනෙකුගේ අදහස් වලට එකඟව තව කෙනෙකුට අදහස් පළකිරීමට කිව නොහැකිය. කැමති වුණත් අකමැති වුණත් සැම දෙනාගේම අදහස් බලන්නේ ඉතා කැමැත්තෙනි. සමහර අදහස් වලට සියුම් සතුටක්ද ලබමි. සමහර වෙලාවට පුවතට අදාලව බොහෝ දේ ප්‍රතිචාර මඟින් දැනුවත්වීමට පුළුවන. ඒ ගැන ලංකාදීප පුවත්පතට ස්තුති කළ යුතුය.ඒ වගේම ඔබතුමාගේ සහ තවත් සමහරකගේ අදහස් ඉතා වැල්වටාරම් සහිත වීම වැඩි දෙනෙක් කැමැත්තක් දක්වාවිද යන්න සැකසහිතය. මේ නිසා අපේ ප්‍රකාශය සරලවත්,හරවත් ලෙසත්, අදාල පුවතට අදාළවත්, මඳක් හෝ අපක්ෂපාතිව පළකිරීමට අප උත්සාහ කරන්නේ නම් අපි කාටත් සතුටු වියහැකිය. (නි)
සිල්වා ඔබට නොපෙනුනාට මහානාම කියනදේ හරි .මෙයාල සෝබන කතා දානවා කියන්න දෙයක් නැති නිසා අගමැති හා ජනාධිපති කර්ර්යලයේ ලියිට් බිල ලක්ෂ ගාණකින් අඩුකළ කියනවා .නමුත් ගතවෙන හැම තත්පරයකදීම ලක්ෂ ගානක් බැංකු අධිපතිගේ බෑණට ලොත්තරැයියක් අදාල දීල තියෙනවා යහපලනෙන් (අ)
මේ අාන්ඩුව හොරු ඇල්ලුවෙ නැහැයි කියලා පරණ කම්බා හොරුන්ට රට කරවන්න දෙන්න බැහැ. මේ අයගෙත් වැරදි ඇති. නමුත් සාපේක්ෂව ගත් කල හොඳයි. ජනතාවට ඕනෙ ටිකක් හරි හොඳ අයයි. මේ අයට වඩා හොඳ පක්ෂයක් ඇති වුණොත් එයට ඡන්දය දිමටද අපි මැලි නොවෙමු.(අ)
වින්සන්ට් මහතාණෙනි, ඔබතුමාට අපහසුවක් වුවා නම් සමාවෙන්න. මා ඉටුකරන්නේ ජාතික යුතුකමකි. ඔබතුමාට නොරිස්සුවාට, මා ගෙවන්න උත්සාහ කරන්නේ මා ගත් ජාතික ණයෙන් කොටසක් පමණි.කැලුම් මහතාණෙනි, ඇයි මම කට පරිස්සම් කරගන්නේ? 1987 - 89 කාලයේදිත් මම රට වෙනුවෙන් අපේ අය වෙනුවෙන් මට හරි කියලා හිතෙන දේ කතාකළා (නි)
සිල්වා මහතාණෙනි , මගේ මිම්මෙන් නොවේ මම රට දිහා බලන්නේ. ඔබට අපහසුවක් වුවා නම් මට සමාවෙන්න.බැසිල්ගේ වංචාව මොකක්ද අනෙක් දේවලුත් එක්ක ( බැසිල් හරි කියලා කීයන්නේ නැහැ මම ) (නි)
අපිත් මේ බලාගෙන ඉන්නේ... (නි)
රකිත් ඔය මේ ලෝකෙද ඉන්නේ. (ස)
තවත් හොරු ඉන්නවා ඒ අය ගැනත් හෙව්වොත් හොදයි (දිල්)
මහානාම, ඔබේ අදහස් බලනකොට හැඟෙන්නේ ඔබ ජාතික යුතුකමක් කරනවාට වඩා රැකියාවට හෝ මුදලට කරන බවකි.දකුණ කියන්නේ ලංකාවේ අනිත් පළාත් වලට වඩා විශේෂ තැනක්ද? (නි)
කළ නොකළ ගුණදොස - ඉතිහාසය දෙනු ඇත නිසි විනිශ්චය (නි)
රට සංවර්ධනය කිරීම ඔබට බාරයි (නි)
ඔබතුමාට ජය! (නි)