‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පකෂයත් කියනවා විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ කියලා. බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගන්න එපා කියලා මම කියනවා.‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපකෂ මහතා කොලොන්න කළුගල දී පැවසීය.
‘‘කවුරුවත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නෑ. තියන ව්‍යවස්ථාව හො`දයි. ඡන්දය දුන්නා මිනිස්සු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. හැබැයි දැන් ශ්‍රී ලංකා නිදහස් පකෂය කියනවා දැන් ඒක තියාගන්න අපිට ඕනෑ කියලා. ජනාධිපතිතුමා කියනවා නෑ.......නෑ....... දැන් මං ඒක අතහරින්නේ නෑ කියලා. ඒක දෙන්න බෑ....... කමක් නෑ. හැබැයි රටේ ජනතාවටත් අර දුන්න ඉටු කරන්න. හැබැයි මේවගේ පොරොන්දු දෙන්න එපා කරන්න බැරි දේ....... ඡන්දෙ ගන්න විතරක් බොරු පොරොන්දු දෙන්න සූදානම් වෙන්න එපා. ‘‘ යැයි ද හිටපු ජනපතිවරයා කීවේය.
කොලොන්න කළුගල ශ්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති පණ්ඩිත විජේරියේ ජිනානන්ද හිමියන්ට අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සද්ධර්ම කීර්ති ශ්‍රී විනය විශාරද කර්මාකාර්ය ශ්‍රී හේමතිලක තිස්ස ශාසන වංශාලංකාර ගෞරව නාමයත් සමග එම නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පදවියේ අක්ත පත්‍ර පිරිනැමේ උත්සවයේදී මහින්ද රාජපකෂ මහතා මේ බව පවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ ඔයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලද? ඔයාත් පලවෙනි පාර ජනාධිපති උනෙත් විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා පොරොන්දු දීලා තමයි. චන්ද්‍රිකා නෝනා 94 ජනාධිපති උනෙත් ඔය විදියටම පොරොන්දු දීලා. ලැජ්ජයි මහත්තයෝ එක්කෝ අපි ඉපදිලා මැරිලා එහෙම නැත්නම් ඔයාලා ඉපදිලා මැරිලා.
හත්වලාමේ මම ඉපදිලත් තවම දවස් දෙකතුනක්වත් නැහැ. ඉතින් මේ උන්දැ කියන්නේ හැබෑවක් වෙන්න ඇති.
හිටපු ජනපති තුමනි, ඕක තමයි කියන්නේ බලේ තියෙන කොට මොලේ නැහැ මොලේ තියෙන කොට බලේ නැහැ. ඔබත් ගියේ මේ පාරේම තමයි හැබැයි මීට වැඩ දරුණු විදයට පලිගන්න ගමන්. මේ රජය අපිට හොඳයි අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් දැන් සුදු වාහන නැති නිසා. ඒ නිදහසම අපේ ළමුන්ට වටිනවා. මොකද අපේ ළමයි දැන් දන්නවා තාත්ත හවසට ගෙදර එනවා කියල. එ්කම අපිට ඇති.
මේ පුද්ගලයා මෙච්චර විශාල බේගල් දෙසා බාන්න පන්සලක්ම තෝරා ගැනීම ගැන මුළු මහත් බෞද්ධ ප්‍රජාවම කම්පා විය යුතු වෙනවා ! තැන නොතැන නොබලා මෙවැනි බොරු කියන මොහු බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා මුළු රටම දන්නා බව ඔහුට තවම නොතේරුම් ගියේ මොළේ අප්සෙට් එකක් නිසාද ? සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පදවියේ අක්ත පත්‍ර පිරිනැමේ උත්සවයේදී මහින්ද රාජපකෂ මෙවැනි බහුභූත දෙඩවීමෙන්, මේ උතුම් පින්කමේ වටිනාකම නැතිකලා. විහාරස්ථානයක මෙවැනි දේශපාලන කතාවක් කලේ එයා දෙවරක්ම ජනාධිපති ක්‍රමය අහෝසිකරන බව කියා පට්ටපල් බොරුවලින් ජනතාව රවටා, රටේ නා යකා වූ බව සහසුද්දෙන්ම අමතක කරලයි !! උඩ ඉන්නා දෙවියනි, මේ පචමෝල් ගැත්තාට අනුකම්පාකරන සේක්වා...
මෙන්න අවංක දේශපාලනඥ යෙක් .බොරුවක් කීම මෙතුමාට පෙන්නන්ඩ බැ වගේ,කරන කතා වෙන් පැහැදිලිව පෙනීයන්නේ .
එතකොට අර ඕනෑම වතාවක් ජනාධිපති වෙන්න හදල, 3 වෙනි වරටත් ඉල්ලුවෙ මොකද දන්නේ නෑ නේ.
ඔය දෙපැත්තේම කට්ටිය ගජ බින්න තමයි ඇඳ බාන්නෙ .
බොරු පොරොන්දු? බුදු අම්මෝ, මේ කතා කරන්නේ කටින්ද? විධායකය අහෝසි කරනවා කියල නේද මුන්නහෙත් පොරොන්දු වුනේ? ලජ්ජා නැතිකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුයි.
අප විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස සොයා ගනු ලැබුවා සමහර පවුල් වල පියා මෙන්ම දරුවන්ටත් උපදින විටම ලජ්ජා නහරය පිහිටා නැති බව. කතා කිරීමේදී හා හැසිරීමේදී මේ ඌනතාවය සමාජමය ගැටලුවක් ලෙස පෙනුනද, මේ ඇත්තෙන්ම ජීව විද්යාත්මකයි. සමහර විට අනාගතයේදී ලජ්ජා නහරය බද්ධ කිරීම ලෝකයේ කොහේ නැතත් ලංකාවේ නම් සිදු වෙන්න ඉඩ තියෙනවා. මන්ද. ලජ්ජා නහරය නැතිව උපන් විශාල පිරිසක් වෛද්‍ය වෘතියට ද එක්වෙමින් සිටින නිසා.
මහරජක තුමා දෙපාරක්ම ඔය පුටුවේ වාඩි වුණේ ඔය කරන්න බැරි දේ කරනවා කියල තමයි.
දැන් නං පෙන්ෂන් යන්න කාලේ හොඳටම හරි . කිසිම දෙයක් මතක නැහැනෙ ඔයාට .
ඔහේට අල්සයිමර් හැදීගෙන එනවද ? කරන්න දෙයක් නැහැ.. ඕක වයසට යනකොට හැදෙන සනීප කරන්න බැරි ලෙඩක්.
මෙතුමාට උපදෙස් දෙන්නවත් කවුරුත් නැද්ද? නිකම් ලෝකෙට පාච්චල් වෙනවා මේ වගේ කතා කියල.
අනේ මහත්තයෝ ඔයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලද? ඔයාත් පලවෙනි පාර 2005 ජනාධිපති උනෙත් විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා පොරොන්දු දීලා තමයි. චන්ද්‍රිකා නෝනා 94 ජනාධිපති උනෙත් ඔය විදියටම පොරොන්දු දීලා. ලැජ්ජයි මහත්තයෝ එක්කෝ අපි ඉපදිලා මැරිලා එහෙම නැත්නම් ඔයාලා ඉපදිලා මැරිලා මෙයා විධායක ජනාධිපති ක්‍රමය එක දිගටම අවභාවිත තියාගන කලා රටට කල විනාසය ජනතාව හොදින් දන්නවා වසර 10 ඒකාදිපති හා පවුල් පාලනයක් ගෙන යමින් විරුද්ධ වාදීන් ඝාතනය කරමින් රටේ ධනය පවුලේ උදවියට කොල්ල කන්න ඉඩ දෙමින් කරගන ගිය අසමත්ජාති නින්දිත පාලනය එපා කියල තමයි ජනතාව 2015 එලෙවුවේ තවත් ලජ්ජා නැතිව කතා කරනවා සාධාරණය හා නීතිය පොරොන්දු ගැන ඔය මොනවා කීවත් ආයේ එන්න වෙන්නත් නැ එන්න දෙන්නෙත් නැ
අනේ මේ මනුස්සයාට අැත්තටම මේ ගැන කතා කරන්න වත් අයිතියක් තියනවද. මොනව උනත් අවසානෙට මුන් ඔක්කොම ඒකතු වෙලා අපිව රවට්ටපු ඒක විතරයි කරන්නේ.
ඇයි ඔයා මුලින් කිව්වෙත් ඕකමනේ.හැබැයි අන්තිමට මැරෙනකම් ඉන්න නේ බැලුවේ.ඔයාට මතක නැහැ.අපිට අමතක නැහැ.
මෙතුමාට දැන් පිස්සු හොදටම තද වෙලා වගේ... පවතින ආණ්ඩුවේ වැරදි ජනතාවට වැඩක් වෙන විදියට විවේචනය කරන්නේ නැතුව විකාර කියවනවා. ඔබතුමා පලවෙනි වතාවේ ජනාධිපති උනෙත් ඕක අහෝසි කරනවා කියලා. හැබැයි කරේ නෑ. දෙවෙනි වතාවෙත් අහෝසි කරනවා කියලා ඇවිත් අන්තිමට ජීවිත කාලෙටම ජනපති වෙන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරා. එහෙම කරපු ඔබතුමා ඔය කථාව කිව්වේ කටින් නම් වෙන්න බෑ .
අනේ ඇත්තමයි මේ මොන ජාතියක එකෙක්ද කියල. විලිලජ්ජාවක් නැතුව කට ඇරලා කතාකරනවනේ. ඔය කියන කෙනා පිට්ටු තැම්බුවද දෙපාරක් ඔය මහා පුටුවට ඇවිත්. කතා කරන්න ඕනේ කටින් නෙමේ. පිටිපස්සෙන්. දේශපාලුවෝ.
මිනිසුන් චන්දය දුන්නේ ජනාධිපති කම අහෝසි කරන එකට බව දැන් ඔබ පිලි ගන්නවා නේ. එහෙම නම් 'කවුරුවත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නෑ. තියන ව්‍යවස්ථාව හොදයි' කියන්නේ මොකද? මොකද වෙලා තියෙන්නේ?
මං අහලා තියෙනවා යුද්ධවලට සම්බන්ධ වුනු අයට මේවගේ මානසික ව්‍යාධි ඇතිවෙනවා කියලා. දැන් එලිපිටම කීප දෙනෙකුටම පේන්න තියෙනවනෙ
අපි මැරිලා ඉපදුනේ නැහැ මහත්තයෝ
අනේ මහත්තයෝ බොරු පොරොන්දු නෙවෙයි ඔබතුමා කරපු වැඩ නිසා දැන් දෙන්නෙක්ට හිරබත් කන්න වෙලා
මෙයා කලින් අපිට කීවෙත් ඕකමයි. දැන් කියනවා බොරු කියන්න එපා කියල.
ලංකාවේ ජනාධිපති වරුන් අතරින් ඔබ අති සුවිශේෂය. ඒ තම ධුර කාලය ඉක්මවන්නත් පෙර රටේ මහජනයා අවිහිංසාවාදීව කතිරයක් පමණක් ගසා එලියට ඇද දැමීම සහ ලජ්ජා ඇති රාජ්‍ය නායකයෙක් නොකරන ලෙස සාමාන්‍ය පසුපෙළ මන්ත්‍රී වරයෙක් ලෙස නැවත පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමය. ර
ඔබතුමාට බොරු කියන්ඩ ලැජ්ජාවක් ඇත්තෙම නැත්ද.? ඉස්සෙලාම පිලිගන්න ඔබ තුමා බොරු කිවූ බව. ජනාදිපතිකම නැතිකරන බවට මුල්ම බොරුව කිවේ කුල කාන්තාවක්. ගරු මහින්ද මැතිතුමනි බොරු නොකියා ස්ටිමෙන් වැදගත්කම රක ගනිමු.
දකුණේ මිනිස්සු මේ තරම් පිචන් වෙනවා කියලා අපි දන්නේ දැන්.
පිටිගල මිලානෝ ඔයා දන්නේ නැද්ද එයාගේ ලැජ්ජ නහරේ කපලා කියලා....