විධායක ජනපති ක්‍රමය ඉවත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එම ක්‍රමය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දංකොටුවේ සාමාජික ප්‍රවවර්ධන වැඩසටහනක් අරඹමින් ප්‍රකාශ කළේය.
‘එක්සත් ජාතික පක්ෂ පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කරනවා.මේ රජය විධායක ජනපති ක්‍රමය ඉවත් කරන බවට පොරොන්දු දුන්නා .එය කඩ කළා පමණක් නොව එහි වරප්‍රසාද හොඳට භුක්ති විදිනවා.ඒ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනයේ පිහිටෙන්.එක්සත්ජාතික පක්ෂයට බලය දුන්නොත් ඇමැති මණ්ඩලය විසිපහ ට බස්සනවා.මාස හයක් ඇතුළත තොරතුරු දැනගැනීමේ පනතත් නීතීගත කරනවා ’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ අදහස හොඳයි, වැඩ පෙන්නන්න කාලය. තරුණයන් සමග එලියට එන්න. දුප්පතුන්ට මොනවද දෙන්නේ. මෙදා උෟවට සටන් වැද පෙන්නන්න. (ස)
බොරු නොකියන නායකයෙක් .ඔබට ජය. (ස)
ඔබතුමා ඡන්දය දිනලාම එන්නකෝ (නි)
ඒක කරන්නත් ඉතින් එජාප ආණ්ඩුවක් බලයට එන්න එපැයි (නි)
ඉදිරියේදී කැමිලස්ගේ ගජමන් කාටුන් එකකට මේක ගනියිද දන්නෙ නැහැ (නි)
පක්ෂය ඇතුලේ නායකකම රැකගන්න ක්‍රියාකළ විදිය දුටු අපිට, හිතාගන්න පුළුවන් ජනාධිපති වුණොත් ඒක අහෝසි කරන හැටිත්.(නි)
පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)
විධායක ජනපති ක්‍රමය, මනාප ක්‍රමය, පළාත් සභා යන දේවල් පුලුවන් නම් ඔබතුමාවත් ඉවත් කරන්න (නි)
ජය වේවා! (නි)
උත්සාහ කරලා බලමුකෝ (නි)
ඔය කියන ඇමති මඩුල්ලට කවුරු පත්කර ගත්තත් කමක් නැහැ, කට හොඳ නැති රට හිනස්සන විහිලුකාරයන් පත්කරගන්නේ නැතුව. (නි)
දිලාන් කියන්නේ ඇත්ත. මහජනයාට සත්තුන්ගේ නම් වලින් අමතන තමන්ගේ තනතුරේ වැදගත්කම ගැන සිතලා වත් කට පරිස්සම් කරගන්න දන්නේ නැති උදවිය දැන් තනතුරු හොබවන්නේ. (නදී)
එහෙනම් අපේ ඡන්ද සියල්ල ඔබතුමාටයි (නි)
දැන් ඉන්න සමහර ඇමතිලා දිහා බැලුවහම එජාපයේ හිටි බොහොමයක් ඇමතිවරුන් පෞරුෂයක් තිබුන උගත් සහ කට පුරා ඇමතිතුමනි කියලා කතා කරන්න පුළුවන් පිරිසක්. අපි සියලු දෙනා එකතුව මෙවර වෙනසක් කිරීම අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය දෙයක්. මේ යන විදිහට ගියොත් අපට රටක් ඉතිරි නොවීමට පුළුවන්. රනිල් මහතා බුද්ධිමත් නායකයෙක් සහ මුළු ලෝකයම පිළිගත් නායකයෙක්. (නි)
යු එන් පි ය කවදත් දුන් පොරොන්දු ඉටු කලා. ළඟදීම ආණ්ඩුව ගන්නවා ! බොරු කියල නොවේ ඇත්ත කියල. (ස)
අනේ ඇත්තට, මොනවද මේ කියන්නේ? (නි)
ඔය කවුරුත් බඩු මිල අඩුකරනවා කියන්නේ නැහැනේ.ඇමති මඩුල්ල අඩු වැඩි වුණා නොවුණා කියනඑක නෙමෙයි, මිනිසුන්ට ජිවත්වීමේ මාර්ගයක් සකස්කරලා දෙන්න බලන්න. (නි)
අනේ මන්දා! මේ කියන්නේ මොනවාද කියලා හොඳට හිතලා බලලාද කතා කරන්නේ? (නි)
අතීතයේ සිට පවතින රාජාණ්ඩු සංකල්පයට හුරු වෙච්ච සමාජයකට ඔය පාර්ලිමේන්තු ක්‍රමය හරි යන්නේ නැහැ. විධායක ක්‍රමය අනිවාර්ය කරන්න. බලතල ටිකක් අඩු කරන්න. එච්චර තමා. (ස)
අර දෙනවයි කියපු බ්‍රේස්ලට් තාම හදනවද ? (නදී)
පක්ෂ නායකත්වය දාල යන්න අකමැති ඔබතුමා ගැන මොකක්ද කියන්න තියෙන්නේ (නදී)
අනුන්ගේ අතේ තියන විධායක ජනාධිපති කමක් රනිල් මහතා කොහොමද අහෝසි කරන්නේ කියල මට නම් පැහැදිලි නැත (නදී)
අද කාටවත් කියන්න දෙයක් නැහැ. මම ලංකාවට ගිහිල්ල ආවේ ගිය සතියේ. ඔය මිනිස්සු කියන තරම් දුෂණ තියෙනවා නම් අද ලංකාව ඔය තත්වයට නැහැ. අවුරුදු 30 යුද්ද කරල අද රටේ තියන දියුණුව මට මගේ අැස් දෙකින් දැක බලාගන්න පුළුවන් උනා. (නදී)
කාටද දැන් ඕවා කියන්නේ? මේ අපිටද? ඔබතුමන්ලගේ කතා මේ රටේ ජනතාව දන්නවා. (නි)
ඔබතුමා විධායක ජනපති ක්‍රමය අහෝසි කරාවිද යන්න පිළිබඳව මට නම් සැකසහිතයි (නි)
ඔබයි දැන් අපිට අවශ්‍ය නායකයා (නි)
දෙන්නම්කෝ අපෙත් සහයෝගය (නි)
අනිවාර්යෙන්ම සිදු වියයුතු දෙයක්. මේ දේ සමඟ තව එක් දෙයක් තිබෙනවා. එක් පක්ෂයකින් ඡන්දය දිනා අනෙක් පක්ෂයකට මාරුවීම අවලංගු කිරීම. මේ දේ කරන්න ඔබතුමාට පුළුවන් වුණොත්, වටිනාකමක් ලැබේවි. (නි)
පුලුවන් නම් අපිත් සහයෝගය දෙනවා (නි)
කලකදී එක පුද්ගලයෙකුට බීජ කිලෝ අට බැගින් නොමිලයේ සපයන බව කියා බලයට පැමිණ, බඩුමිල අහස උසට නැග්ගුවේ කවුද කියා අපිට තවම මතක ඇත. (නි)
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල (නදී)
වැඩක් වෙන වැඩක් ගැන කථා කරොත් නරක ද (නදී)
ඔබ තුමාට නම් ඕවා බය නැතුව කියන්න පුළුවන්. ඒත් දිනන්න එපැයි ඉෂ්ට කරන්න (නදී)
හරි හරි පොඩි එකාගේ ආසාවනේ. කැමති දෙයක් කියා ගත්තුදෙන්. (නදී)
සර්, මොකද මේ වුනේ (නදී)
ඕවා පස්සේ බැරියැයි මහත්තයෝ, මුලින්ම චන්දෙ දිනලා ඉන්නකෝ. (ස)
මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුනත් ජනාධිපතිවරයා අතේ තිබුනත් ඒක ලොකුවට හිතන්නවත් ඇගට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඔය 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැනවත් ස්වාදීන කොමිෂන් සභා ගැනවත් හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මිනිස්සුන්ට ඒවා තිබුනත් එකයි නැතත් එකයි. ඒ මිනිස්සු දන්නා එකම සරල යථාර්තය බලය ගත් කෙනා බලය අඩු වැඩි වශයෙන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවන්ට තමන්ට අවාසි නොවන විදියට රට පාලනය කරනවා කියන එක විතරයි. (නදී)
එක්සත් ජාතික පක්ෂය බොරු කියල නෑ. විභාග ක්‍රමයෙන් රජයේ තනතුරු පිරිනැමීම ආරම්භ කරේ එ.ජා.ප. ය. රනිල් මැතිදුණි, අද රටේ හැම ගෙදරකම පරිඝනකයක් තියෙනවා. හැම කෙනෙක්ගෙම අතේ ජංගම දුරකථයක් තියෙනවා. නමුත් අන්තර්ජාල පහසුකම් නෑ. හේතුව අධික පිරිවැය. එය අඩුකරන බවට පොරොන්දු දෙන්න. කුඩා ළමුන් ඉන්න ගෙවල් වලට විශේෂ පැකේජයක් හදුන්වා දීල ඒ මගින් විය හැකි සමාජීය ගැටලු නිරාකරනය කර ගත හැකි මෙන්ම අන්තර් ජාල පහසුකම් අඩුමිලට සැපයීමෙන් තොරතුරු දැනගැනීමේ පහසුකම් වැඩි දියුණු කර ගත හැකි බව පසක් කරන්න. අන්තර්ජාල පහසුකම් මසකට මෙන්න මේ ගානට ලබා දෙනවා කියල වේදිකාවල කියන්න. (ස)
ඔබතුමා නම් මොනවා කිව්වත් මොකද?ඕක සජිත් මන්ත්‍රී තුමා කිව්වා නම් වටිනාකමක් තියෙනවා.(නදී)
ඔබ තුමා සජිත් මහතා සමග ඇවිත් ඔය ටික කියන්ඩ. ඒ අතර අපිට මේ මුදල් ගසා කෑම නවත්වනවා නම් ඡන්දයක් දෙන්නම්. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි (නදී)
ඇත්තටමද ? (නදී)
කලක් යාවි (නදී)
හොද අදහසක් අපේ මනාපය ඔබතුමාටයි (නදී)
දැන් බලේ ඉන්න අයත් ඔය ටිකමයි කිව්වේ 2005 සහ 2010 දී. අපි රැවටුනා. (නදී)
ඔබ තුමාට හොඳ නින්දක් අවශ්‍යයි (නදී)
බණ්ඩාර වගේ අය ඉන්නකම් මේ රට හදන්න බෑ. ගොන් බඳින කණු මේ රටේ ඉන්නේ. (ස)
ඔබ හදවතින්ම මෙම පොරොන්දුව දෙනවා නම් එ්ක රටේ හැරුම් ලක්ෂයක් වනවා නොවනුමානියි. ඔබ හොද චින්තකයෙක් නමුත් ඔබට එය මිනිසුන් අතරට ගෙනයාමට නොහැකිවීම කණගාටුවට කාරණයක් නමුත් මෙවර හොද සැලැස්මක් එක්ක එන්න. එවිට ඔබේ ජය නියතයි. හැබැයි ඔබ රට වීනාස නොකරීමට වග බලාගත යුතුමයි.(නදී)
ඔය ලංකා තිලක කියන්නේ මේ යන ක්‍රමය හොඳයි කියන එකනේ. එත් කතා කරනකොට හිතා මතා කරන්න , දැන ගෙන කරන්න ඕනේ. මේ වෙන දේවල් බලලා , වෙච්ච දේවල් දැකල ඔලුවෙන් හිටගෙන වෙන්න ඇති කතා කරන්නේ. අපි ඉන්නේ 2014. අපිට එකාධිපතියෝ ඕනේ නෑ . රනිල් කියන්නේ හොරෙක්වත්, මෝඩයෙක් වත් නෙමේයි. අහෝසි කල යුතු දේ අහෝසි කල යුතුයි. අපිට පවුල් නඩත්තූ කරන ක්‍රම වැඩක් නෑ. (ස)
දිගටම පැරදුනානේ. ඉදිරියේදීත් පරදීවිද? (නදී)
විධායක ජනපති ක්‍රමය රටට හදුන්වල දුන්නේ එජාපය විසින්මයි. දැන් කොහොමද කියන්නේ එ්ක හොද නැහැ කියල. ඒ ඔක්කොමටම වැඩියේ ලොකු දෙයක් මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා දානවා කියල පොරොන්දු වෙන්න. කිසිම වැඩකට නැති පලා බබ්බුන් ගෙන් රටට වෙන අපරාධ නවතා ගන්න වෙන ක්‍රමයක් නැහැ. අපේ ගෙදර තියන චන්ද 5 ම ලබන සැරේ එජාපයට දෙනවා. (නදී)
හොඳ ජොකියෙක් දැම්මා නම් අශ්වයා දිනයි !! නැත්නම් වෙන්නේ 29 වෙනි වතාවටත් අශ්වයා පරදින එකයි (නදී)
ඊට පස්සේ ඇමෙරිකාව ගහන පදයකට නටාගෙන ඉන්න ඇහැකි (නදී)