IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා’

විධායක ජනපති ක්‍රමය ඉවත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත්  එම ක්‍රමය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දංකොටුවේ සාමාජික ප්‍රවවර්ධන වැඩසටහනක් අරඹමින් ප්‍රකාශ කළේය.

‘එක්සත් ජාතික පක්ෂ පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කරනවා.මේ රජය විධායක ජනපති ක්‍රමය ඉවත් කරන බවට පොරොන්දු දුන්නා .එය කඩ කළා පමණක් නොව එහි වරප්‍රසාද හොඳට භුක්ති විදිනවා.ඒ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනයේ පිහිටෙන්.එක්සත්ජාතික පක්ෂයට බලය දුන්නොත් ඇමැති මණ්ඩලය විසිපහ ට බස්සනවා.මාස හයක් ඇතුළත තොරතුරු දැනගැනීමේ පනතත් නීතීගත කරනවා ’



අදහස් (0)

‘විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා’

හසිත Sunday, 13 July 2014 05:39 PM

රනිල්ගේ අදහස හොඳයි, වැඩ පෙන්නන්න කාලය. තරුණයන් සමග එලියට එන්න. දුප්පතුන්ට මොනවද දෙන්නේ. මෙදා උෟවට සටන් වැද පෙන්නන්න. (ස)

:       0       0

නිශාන්ත Sunday, 13 July 2014 05:50 PM

බොරු නොකියන නායකයෙක් .ඔබට ජය. (ස)

:       0       0

දයාල් Monday, 14 July 2014 12:06 PM

ඔබතුමා ඡන්දය දිනලාම එන්නකෝ (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 14 July 2014 12:15 AM

ඒක කරන්නත් ඉතින් එජාප ආණ්ඩුවක් බලයට එන්න එපැයි (නි)

:       0       0

රොෂාන් Monday, 14 July 2014 12:13 PM

ඉදිරියේදී කැමිලස්ගේ ගජමන් කාටුන් එකකට මේක ගනියිද දන්නෙ නැහැ (නි)

:       0       0

කාන්ත Monday, 14 July 2014 12:13 PM

පක්ෂය ඇතුලේ නායකකම රැකගන්න ක්‍රියාකළ විදිය දුටු අපිට, හිතාගන්න පුළුවන් ජනාධිපති වුණොත් ඒක අහෝසි කරන හැටිත්.(නි)

:       0       0

එරංග Monday, 14 July 2014 12:45 AM

පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       0

ලෙස්ලි Monday, 14 July 2014 12:45 AM

විධායක ජනපති ක්‍රමය, මනාප ක්‍රමය, පළාත් සභා යන දේවල් පුලුවන් නම් ඔබතුමාවත් ඉවත් කරන්න (නි)

:       0       0

සේකර Monday, 14 July 2014 12:52 AM

ජය වේවා! (නි)

:       0       0

හේමන්ත Monday, 14 July 2014 12:52 AM

උත්සාහ කරලා බලමුකෝ (නි)

:       0       0

දිලාන් Monday, 14 July 2014 12:58 AM

ඔය කියන ඇමති මඩුල්ලට කවුරු පත්කර ගත්තත් කමක් නැහැ, කට හොඳ නැති රට හිනස්සන විහිලුකාරයන් පත්කරගන්නේ නැතුව. (නි)

:       0       0

කාන්ති Monday, 14 July 2014 02:05 AM

දිලාන් කියන්නේ ඇත්ත. මහජනයාට සත්තුන්ගේ නම් වලින් අමතන තමන්ගේ තනතුරේ වැදගත්කම ගැන සිතලා වත් කට පරිස්සම් කරගන්න දන්නේ නැති උදවිය දැන් තනතුරු හොබවන්නේ. (නදී)

:       0       0

සමන් Monday, 14 July 2014 02:38 AM

එහෙනම් අපේ ඡන්ද සියල්ල ඔබතුමාටයි (නි)

:       0       0

මහසෙන් Monday, 14 July 2014 02:41 AM

දැන් ඉන්න සමහර ඇමතිලා දිහා බැලුවහම එජාපයේ හිටි බොහොමයක් ඇමතිවරුන් පෞරුෂයක් තිබුන උගත් සහ කට පුරා ඇමතිතුමනි කියලා කතා කරන්න පුළුවන් පිරිසක්. අපි සියලු දෙනා එකතුව මෙවර වෙනසක් කිරීම අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය දෙයක්. මේ යන විදිහට ගියොත් අපට රටක් ඉතිරි නොවීමට පුළුවන්. රනිල් මහතා බුද්ධිමත් නායකයෙක් සහ මුළු ලෝකයම පිළිගත් නායකයෙක්. (නි)

:       0       0

ඩී එස් ඩී Monday, 14 July 2014 04:03 AM

යු එන් පි ය කවදත් දුන් පොරොන්දු ඉටු කලා. ළඟදීම ආණ්ඩුව ගන්නවා ! බොරු කියල නොවේ ඇත්ත කියල. (ස)

:       0       0

බණ්ඩාර Monday, 14 July 2014 02:34 PM

අනේ ඇත්තට, මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 04:35 AM

ඔය කවුරුත් බඩු මිල අඩුකරනවා කියන්නේ නැහැනේ.ඇමති මඩුල්ල අඩු වැඩි වුණා නොවුණා කියනඑක නෙමෙයි, මිනිසුන්ට ජිවත්වීමේ මාර්ගයක් සකස්කරලා දෙන්න බලන්න. (නි)

:       0       0

කීර්ති Monday, 14 July 2014 04:37 AM

අනේ මන්දා! මේ කියන්නේ මොනවාද කියලා හොඳට හිතලා බලලාද කතා කරන්නේ? (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 14 July 2014 04:53 AM

අතීතයේ සිට පවතින රාජාණ්ඩු සංකල්පයට හුරු වෙච්ච සමාජයකට ඔය පාර්ලිමේන්තු ක්‍රමය හරි යන්නේ නැහැ. විධායක ක්‍රමය අනිවාර්ය කරන්න. බලතල ටිකක් අඩු කරන්න. එච්චර තමා. (ස)

:       0       0

මාලි Monday, 14 July 2014 03:42 PM

අර දෙනවයි කියපු බ්‍රේස්ලට් තාම හදනවද ? (නදී)

:       0       0

සිසිර Monday, 14 July 2014 05:39 AM

පක්ෂ නායකත්වය දාල යන්න අකමැති ඔබතුමා ගැන මොකක්ද කියන්න තියෙන්නේ (නදී)

:       0       0

ශාන්ත Monday, 14 July 2014 05:44 AM

අනුන්ගේ අතේ තියන විධායක ජනාධිපති කමක් රනිල් මහතා කොහොමද අහෝසි කරන්නේ කියල මට නම් පැහැදිලි නැත (නදී)

:       0       0

ඩිලාන් Monday, 14 July 2014 06:10 AM

අද කාටවත් කියන්න දෙයක් නැහැ. මම ලංකාවට ගිහිල්ල ආවේ ගිය සතියේ. ඔය මිනිස්සු කියන තරම් දුෂණ තියෙනවා නම් අද ලංකාව ඔය තත්වයට නැහැ. අවුරුදු 30 යුද්ද කරල අද රටේ තියන දියුණුව මට මගේ අැස් දෙකින් දැක බලාගන්න පුළුවන් උනා. (නදී)

:       0       0

චින්තක Monday, 14 July 2014 06:26 AM

කාටද දැන් ඕවා කියන්නේ? මේ අපිටද? ඔබතුමන්ලගේ කතා මේ රටේ ජනතාව දන්නවා. (නි)

:       0       0

සිසිර Monday, 14 July 2014 07:22 AM

ඔබතුමා විධායක ජනපති ක්‍රමය අහෝසි කරාවිද යන්න පිළිබඳව මට නම් සැකසහිතයි (නි)

:       0       0

සජාන් Monday, 14 July 2014 07:26 AM

ඔබයි දැන් අපිට අවශ්‍ය නායකයා (නි)

:       0       0

කණිෂ්ක Monday, 14 July 2014 07:39 AM

දෙන්නම්කෝ අපෙත් සහයෝගය (නි)

:       0       0

මහානාම Monday, 14 July 2014 08:04 AM

අනිවාර්යෙන්ම සිදු වියයුතු දෙයක්. මේ දේ සමඟ තව එක් දෙයක් තිබෙනවා. එක් පක්ෂයකින් ඡන්දය දිනා අනෙක් පක්ෂයකට මාරුවීම අවලංගු කිරීම. මේ දේ කරන්න ඔබතුමාට පුළුවන් වුණොත්, වටිනාකමක් ලැබේවි. (නි)

:       0       0

හේරත් Monday, 14 July 2014 08:05 AM

පුලුවන් නම් අපිත් සහයෝගය දෙනවා (නි)

:       0       0

සෙනරත් Monday, 14 July 2014 08:05 AM

කලකදී එක පුද්ගලයෙකුට බීජ කිලෝ අට බැගින් නොමිලයේ සපයන බව කියා බලයට පැමිණ, බඩුමිල අහස උසට නැග්ගුවේ කවුද කියා අපිට තවම මතක ඇත. (නි)

:       0       0

සූකිරියා Monday, 14 July 2014 08:13 AM

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල (නදී)

:       0       0

මිගෙල් Monday, 14 July 2014 08:13 AM

වැඩක් වෙන වැඩක් ගැන කථා කරොත් නරක ද (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 14 July 2014 08:18 AM

ඔබ තුමාට නම් ඕවා බය නැතුව කියන්න පුළුවන්. ඒත් දිනන්න එපැයි ඉෂ්ට කරන්න (නදී)

:       0       0

විජේසිරි Monday, 14 July 2014 08:35 AM

හරි හරි පොඩි එකාගේ ආසාවනේ. කැමති දෙයක් කියා ගත්තුදෙන්. (නදී)

:       0       0

අතපත්තු Monday, 14 July 2014 08:37 AM

සර්, මොකද මේ වුනේ (නදී)

:       0       0

බණ්ඩාර Monday, 14 July 2014 08:52 AM

ඕවා පස්සේ බැරියැයි මහත්තයෝ, මුලින්ම චන්දෙ දිනලා ඉන්නකෝ. (ස)

:       0       0

ලංකා තිලක් Monday, 14 July 2014 09:49 AM

මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුනත් ජනාධිපතිවරයා අතේ තිබුනත් ඒක ලොකුවට හිතන්නවත් ඇගට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඔය 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැනවත් ස්වාදීන කොමිෂන් සභා ගැනවත් හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මිනිස්සුන්ට ඒවා තිබුනත් එකයි නැතත් එකයි. ඒ මිනිස්සු දන්නා එකම සරල යථාර්තය බලය ගත් කෙනා බලය අඩු වැඩි වශයෙන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවන්ට තමන්ට අවාසි නොවන විදියට රට පාලනය කරනවා කියන එක විතරයි. (නදී)

:       0       0

රනිල් Monday, 14 July 2014 09:59 AM

එක්සත් ජාතික පක්ෂය බොරු කියල නෑ. විභාග ක්‍රමයෙන් රජයේ තනතුරු පිරිනැමීම ආරම්භ කරේ එ.ජා.ප. ය. රනිල් මැතිදුණි, අද රටේ හැම ගෙදරකම පරිඝනකයක් තියෙනවා. හැම කෙනෙක්ගෙම අතේ ජංගම දුරකථයක් තියෙනවා. නමුත් අන්තර්ජාල පහසුකම් නෑ. හේතුව අධික පිරිවැය. එය අඩුකරන බවට පොරොන්දු දෙන්න. කුඩා ළමුන් ඉන්න ගෙවල් වලට විශේෂ පැකේජයක් හදුන්වා දීල ඒ මගින් විය හැකි සමාජීය ගැටලු නිරාකරනය කර ගත හැකි මෙන්ම අන්තර් ජාල පහසුකම් අඩුමිලට සැපයීමෙන් තොරතුරු දැනගැනීමේ පහසුකම් වැඩි දියුණු කර ගත හැකි බව පසක් කරන්න. අන්තර්ජාල පහසුකම් මසකට මෙන්න මේ ගානට ලබා දෙනවා කියල වේදිකාවල කියන්න. (ස)

:       0       0

සදුනි Sunday, 13 July 2014 01:15 PM

ඔබතුමා නම් මොනවා කිව්වත් මොකද?ඕක සජිත් මන්ත්‍රී තුමා කිව්වා නම් වටිනාකමක් තියෙනවා.(නදී)

:       0       0

හසිත Sunday, 13 July 2014 01:48 PM

ඔබ තුමා සජිත් මහතා සමග ඇවිත් ඔය ටික කියන්ඩ. ඒ අතර අපිට මේ මුදල් ගසා කෑම නවත්වනවා නම් ඡන්දයක් දෙන්නම්. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි (නදී)

:       0       0

බණ්ඩා Sunday, 13 July 2014 01:50 PM

ඇත්තටමද ? (නදී)

:       0       0

බණ්ඩා Sunday, 13 July 2014 01:53 PM

කලක් යාවි (නදී)

:       0       0

දිලංකා Sunday, 13 July 2014 01:56 PM

හොද අදහසක් අපේ මනාපය ඔබතුමාටයි (නදී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 13 July 2014 02:05 PM

දැන් බලේ ඉන්න අයත් ඔය ටිකමයි කිව්වේ 2005 සහ 2010 දී. අපි රැවටුනා. (නදී)

:       0       0

ගාමිණී ඇෆ්රකා Sunday, 13 July 2014 02:06 PM

ඔබ තුමාට හොඳ නින්දක් අවශ්‍යයි (නදී)

:       0       0

සමීර Monday, 14 July 2014 10:49 AM

බණ්ඩාර වගේ අය ඉන්නකම් මේ රට හදන්න බෑ. ගොන් බඳින කණු මේ රටේ ඉන්නේ. (ස)

:       0       0

චමරි Sunday, 13 July 2014 02:13 PM

ඔබ හදවතින්ම මෙම පොරොන්දුව දෙනවා නම් එ්ක රටේ හැරුම් ලක්ෂයක් වනවා නොවනුමානියි. ඔබ හොද චින්තකයෙක් නමුත් ඔබට එය මිනිසුන් අතරට ගෙනයාමට නොහැකිවීම කණගාටුවට කාරණයක් නමුත් මෙවර හොද සැලැස්මක් එක්ක එන්න. එවිට ඔබේ ජය නියතයි. හැබැයි ඔබ රට වීනාස නොකරීමට වග බලාගත යුතුමයි.(නදී)

:       0       0

වීදියෙබණ්බාර Monday, 14 July 2014 11:06 AM

ඔය ලංකා තිලක කියන්නේ මේ යන ක්‍රමය හොඳයි කියන එකනේ. එත් කතා කරනකොට හිතා මතා කරන්න , දැන ගෙන කරන්න ඕනේ. මේ වෙන දේවල් බලලා , වෙච්ච දේවල් දැකල ඔලුවෙන් හිටගෙන වෙන්න ඇති කතා කරන්නේ. අපි ඉන්නේ 2014. අපිට එකාධිපතියෝ ඕනේ නෑ . රනිල් කියන්නේ හොරෙක්වත්, මෝඩයෙක් වත් නෙමේයි. අහෝසි කල යුතු දේ අහෝසි කල යුතුයි. අපිට පවුල් නඩත්තූ කරන ක්‍රම වැඩක් නෑ. (ස)

:       0       0

ලාල් Sunday, 13 July 2014 02:54 PM

දිගටම පැරදුනානේ. ඉදිරියේදීත් පරදීවිද? (නදී)

:       0       0

ඇසළ Sunday, 13 July 2014 03:51 PM

විධායක ජනපති ක්‍රමය රටට හදුන්වල දුන්නේ එජාපය විසින්මයි. දැන් කොහොමද කියන්නේ එ්ක හොද නැහැ කියල. ඒ ඔක්කොමටම වැඩියේ ලොකු දෙයක් මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා දානවා කියල පොරොන්දු වෙන්න. කිසිම වැඩකට නැති පලා බබ්බුන් ගෙන් රටට වෙන අපරාධ නවතා ගන්න වෙන ක්‍රමයක් නැහැ. අපේ ගෙදර තියන චන්ද 5 ම ලබන සැරේ එජාපයට දෙනවා. (නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 13 July 2014 03:53 PM

හොඳ ජොකියෙක් දැම්මා නම් අශ්වයා දිනයි !! නැත්නම් වෙන්නේ 29 වෙනි වතාවටත් අශ්වයා පරදින එකයි (නදී)

:       0       0

එක්ස් Sunday, 13 July 2014 03:56 PM

ඊට පස්සේ ඇමෙරිකාව ගහන පදයකට නටාගෙන ඉන්න ඇහැකි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 332 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 158 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 364 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1284 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 768 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 816 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site