විධායක ජනපති ක්‍රමය අහෝසි නොකොට දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් ලැබී නැතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිනිය කියා සිටියේ එවැනි යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතු බවයි.
ඇහැට දකින්නට යුද්ධයක් නැති නමුත් ප්‍රධාන ජාතීන් දෙක අතර සංහිඳියාවක ලකුණු දක්නට නැතැයි ද හිටපු ජනපතිනිය එම සාකච්ඡාවේදී සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සේවය කරන්න කියල ඡන්දෙ අරගෙන ,ඔවුන් කරන්නෙම රට විනාශ කරන එක විතරයි. ලංකාවේ ඉන්න 80% මෝඩ මිනිස්සු , එකයි මේ ජාවාරම් කාර දෙස්පලුවන්ට මනාප දීලා පාර්ලිමේන්තුවට යවන්නේ. දැන් වත් මේ නුගත් දේශපාලුවන්ට පාර්ලිමේන්තුවේ දොරවල් වහන්න කටයුතු කරමු.එවිට අපේ රට අාරක්ෂාවේවි..දියුණුවේවි. (අ)
ලලිත් කියන එක ඇත්ත. මේ වගේ බුද්ධිමත් උගත් අය අද හරිම අඩුයි (නි)
රට මෙහෙම හරි එකට ගැට ගැහිල තියෙන්නෙ ඔය විධායක ජනාධිපති ක්‍රමය නිසයි. (අ)
ලලිත් මෙයාව උපදේශක මණ්ඩලයට දැම්මොත් නම් මරේ මරු (බ)
ජනාධිපති තනතුරේ ඉන්න කිසිම කෙනෙක් නොකියපු දෙයක් දැන් මෙතුමියට මතක් වෙලා තියෙන්නේ මොකද? (ම)
ලලිත්, ලංකාවේ මිනිසුන්ට කෙලෙහිගුණ නැතිකමට මොනවා කරන්නද? මහින්ද නොහිටින්නට ඔබ අද ඉන්නේ ද්‍රවිඩ රාජ්‍යයකය. (නි)
දහම් තමාගේ මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න . මෙතුමිය නිසා දැන් ලන්ක්වෙට ප්‍රජාතන්ත්‍රවාදය උදාවි අැත . (බ)
ලලිත් මෙතුමියනේ යුද්ධෙන් 3/4ක්ම ඉවර කළේ. ඒ නිසා ඔයාට නම් මෙයා වටිනවා ඇති (බ)
ලලිත් කියන විදියට පාඩුවේ ඉන්න පුළුවන් කට්ටිය ඉස්සර හිටියා. වර්තමානයේ කොහොමහරි බලයක් හදා නොගත්තොත් කරපු වැරදි වලට පරපුරටම ඉන්න වෙන්නේ හිර ගෙවල්වල. කටු කාපු කට්ටියත් බේරාගන්න ඕනෑ නිසා කාටත් ඔය කුණු බක්කියේම ලගින්නට වෙනවා ඇත. ඒ වගේම ණය ආර්ථිකයක් ඇති කර එය විකුණන තත්ත්වයට පත්කළ රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් ඇති උපදේශකයන්ට තව කළහැකි දෙයක් තිබේද? (නි)
ජනතාවට උපදෙස් දෙන්න ඔබට ඇති බලය කුමක්ද? (නි)
දැන් මෙතන මොනවා කිවුවත් අපි දන්නවනේ හැටි (නි)
චන්ද්‍රිකා ඔයා මොනවාද කළේ (බ)
ලලිත්, මොන අවුරුද්දෙද්ද ඉපදුනේ? මෙතුමියගේ රාජ්‍ය තාන්ත්‍රිකබාවය! අනේද කට! යුද්ධයක් තිබුණ රටේ ආරක්ෂක මණ්ඩල රැස්වීමටත් පැය ගණන් ප්‍රමාද වුණ නායිකාව. (නි)
දැන්වත් පැත්තකට වෙලා හිටියොත් අපේ රටට හොඳ කලක් යාවි. මෙයා ඉන්න කාලේ කරපු කෙරුවාවල් අපි නොදන්නවැයි. (නි)
ජය පරාජය පොදු දෙයක්. පැරදුනා කියලා පැත්තකට වෙලා හිටියා නම් මෙලහකට හොඳ හොඳ දේවල් වෙන්න තිබුනා. මිනිස්කම දුන්නට සමහරුන්ට මොළේ දීලා නැතුවාට මොනවා කරන්නද? මේක හොඳ නැත්නම් බලයේ ඉන්න කාලයේ එය නැති කරන්න තිබුනනේ. ඇත්තෙන්ම අද අපිට රටක් තියෙන්නේ ඕක නිසා තමයි. නැත්නම් ඔය කයිවාරු ගහන අයට පමණක් නොවෙයි අද අපටත් යන එන මං නැහැ. (නි)
මෙතුමිය බලයට එන කාලේ දකුණේ ,තත්වය නොදැන කතාකිරීම කණගාටුදායකයි. (ර)
අනේ මන්දා කව්රු කියන එක පිලිගන්නද කියලා. (ර)
මින් සනාතන දහම වන්නේ රාජපක්ෂ පවුල කෙරෙහි ඇති වෛරයයි. (නි)
විධායක ජනාධිපති ක්‍රමය දිගටම ගෙනයන්න නොවෙයි මේ ආණ්ඩුව පත්කළේ, ඒක නැති කරන්න (නි)
අපිට දැන් කතා අහලා ඇතිවෙලා (නි)
මොනවා වුණත් මෙතුමිය බලය නැතිවුණාට පසු බලය හිඟාකමින් පාරක් පාරක් ගානේ ගියේ නැහැ (නි)
මෙතුමිය බලයේ හිටපු වසර 12ක පමණ කාලයේ අපේ රටේ අනාගත දියුණුව සඳහා කරපු එකදු වැදගත් පියවරක් ගැන කියන්න. (නි)
අවුරුදු 12ක කාලයක් බලයේ ඉඳලත් රටේ යහපත වෙනුවෙන් සතපහක දෙයක් කළේ නැත්තේ ඔය කියන "රාජත්‍රාන්තික" බලය නිසාද ලලිත් මහත්තයෝ? (නි)
සංහිඳියා චරිත දැන් 90%ක්ම ජනතාවට එපාවෙලා තියෙන්නේ. (නි)
ලලිත් දන්නා දෙයක් නැහැ (නි)
ඔයාලා කියනවා. අපි අහනවා. (නි)
මෙතුමියව නැවත බලයට ගෙන්න එස්එල්එෆ්පී එකේ කාටවත් උවමනාවක් තිබුනේ නැහැ. ඒ මෙයාගේ පැටිකිරියේ හොඳකමටනේ. (නි)
මොනවා කියවනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
දැන් ඔබ තුමිය පාඩුවේ ඉන්න ඕනේ කාලයයි.(හේ)
ලලිත්, එක්කෝ ඔයා පොඩි ළදරුවෙක්. එහෙම නැත්නම් මොළේ කුරුවල්වෙලා. (නි)
අනේ ඇත්තද?(හේ)
එක එක දවසට එක එක කතා.(හේ)
මෙයාලගේ කතා අපි විශ්වාස කරපු කාලෙ ගියා (නි)
අර කලින් වෙච්ච ඡන්ද පොරොන්දු එහෙම දැන් අමතකද? (නි)
මෙයා තමා ජනතාවගේ ඡන්දයෙන් බලයට ආ ආණ්ඩුව වසර දෙකකින් විසුරුවා හැරියේ. ඒ තීරණය මේ රටේ අනාගතයට බරපතල ලෙස බලපෑවා. (නි)
මේ ලලිත්, ඔයාගේ මෝඩකම පෙන්නන්නේ නැතුව හිටියොත් එ්ක අනිත් අයට පෙනෙන එක වළක්වාගන්න පුළුවන්. (නි)
අපි වගේ රටකට විධායක ජනාධිපති ක්‍රමයක් තිබීම අවශ්‍යයි (නි)
මොකක්ද මේ වෙන්නේ.(හේ)
ලුම්බිණි, විධායක ජනාධිපති ක්‍රමයෙන් ඔබට තිබෙන ප්‍රශ්නය මොකක්ද? රටට තිබෙන ප්‍රශ්නය නම් නැවත ත්‍රස්තවාදයක් ඇති වුණොත් ඊට විරුද්ධව කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනෑ වෙනවා. එතකොට රටට වෙන්න ඕනෑ දේ වෙලා හමාරයි. (නි)
මේවා හොඳයි මෙයාලා වගේම අයට (නි)
සංහිඳියාවක ඇතිවෙන ලකුණු නැත. එම නිසා විධායක ජනපතිකම මෙරටට ඉතාමත් අවශ්‍යය. ගියවර යුද්ධයේදී විධායක ජනපතිකම නොතිබුනා නම් අපි යුද්ධය දිනන්නේ නැත. (හේ)
දැන් ඔබ තුමිය පාඩුවේ ඉන්න එක තමයි ගොඩක් හොද?(හේ)
අර එක්කෙනෙක් පැරදිලත් පාඩුවේ ඉන්නැතුව තවත් තණ්හාවේ දඟලනකොට අයි මේ පැරදුනෙත් නැතුව අයින්වෙච්ච කෙනාට පාඩුවේ ඉන්න කියන්නේ. මගෙනම් අදහස හිටපු ජනාධිපති වරයෙක් කියන්නේ වසර ගණනාවක රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දක් ඇති කෙනෙක් එනිසා ඒ හැමෝම අලුතින් පත්වෙන හෝ දැනට සිටින රාජ්‍ය නායකයාගේ උපදේශක මණ්ඩලයකට අනිවාර්යයෙන්ම ඇතුලත්විය යුතුයි. (බ)