ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවුරුදු අටක ගිණුම් විගණනය නොකිරීම ගැන කරුණු දැක්වීමට ලබන ජනවාරි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පහ අතිරේක දිසා විනිසුරු නන්දන අමරසිංහ මහතා එම විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසකට අද (09) නොතීසි නිකුත් කළේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් ලංකා බණ්ඩාර, හිටපු විධායක ලේකම් අතුල රණවීර, හිටපු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ලයනල් එදිරිසූරිය සහ ඩබ්ලිව් කේ සුමනසේකර ඇතුළු 15 දෙනෙක් එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.
එම විද්‍යාලයයේ ආදි සිසුන් හතර දෙනකු වන දුමින්ද හපුආරච්චි, සුජිත් ප්‍රියන්ත රුබේරු, අසංක දර්ශන ජයසිංහ සහ දීපාල් නිශජිත් වීරක්කොඩි මහත්වරුන් හා එම පාසලේ ආදි ශිෂ්‍ය නීතීඥවරු පිරිසක් නඩුව ගොනු කළහ.
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ආදි ශිෂ්‍ය සංගමයේ 2007 සිට ගිණුම් රජයේ පිළිගත් ලියාපදිංචි විගණකවරයකු මගින් විගණනය කර නැතැයි ද, එම කාල සීමාවේ රුපියල් කෝටි තුනක වියදමින් ඉදි කළ පාසලේ පිහිනුම් තටාක ව්‍යාපෘතියේ ගෙවීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ද පැමිණිල්ලේ සදහන් වේ.
අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අනුව විදුහල්පති නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වන බවත්, සංගමයේ සියලුම මූල්‍ය කටයුතුවල විදුහල්පති වගකිව යුතු බවත්, නඩුවේ දෙවැනි විත්තිකාර ලාල් දිසානායක මහතා විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ කටයුතු සදහා සක්‍රීයව දායක වී ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.
අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අනුව රජයේ විගණකාධිපති මගින් හෝ රජයේ ලියාපදිංචි වෙනත් විගණකවරයකු මගින් 2007 සිට 2012 දක්වා ගිණුම් විගණනය කරන ලෙස ද, එමගින් මූල්‍ය අලාභයක් සංගමයට සිදුවී ඇතැයි අනාවරණය වන්නේ නම් විදුහල්පතිවරයා ඇතුළු අදාළ වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන ලෙස ද පැමිණිල්ල ඉල්ලා සිටියි.
නීතීඥවරුන් වන තරංග වීරසිංහ, සමන් කිරිඇල්ල, ලක්දිනු ධීරසේකර, චවිරු සිරිසේන, සහ තුසිත රණතුංග සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන නිමල් රණසිංහ සහ චන්දන විජේසූරිය මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති ලෙස ස්වාමින් වහන්සේ නමක් ඔය විදුහලේ කටයුතු කළ සමයේ ගම්පහ බණ්ඩාරනායක විදුහල ගොඩක් හොඳ තත්වයේ පැවතුනා. නමුත් අද වෙනකොට නම් ඉතාම කණගාටුදායක තත්වයක් ඇතිවෙලා තියෙන්නේ (නි)
අධ්‍යාපන සාධන මට්ටම් වලින් බණ්ඩාරනායකේ උඩින්ම ඉන්නවා. මේ හදන්නේ එකත් වට්ටන්නද? කොහොමටත් 2018 ඉඳලා පාසල් පාලක මණ්ඩල ඇති කළාම ඔක්කොම බර කරට ගන්න වෙන්නේ ආදී ශිෂ්‍යයින්ට. එදා ඉඳලා තේරෙයි පාසල් පුදගලීකරණය කරලා නේද කියලා. එක සිසුවකුගෙන් රු.10,000/=වත් අඩුමගානේ ගන්න වෙයි. මේ හදන්නේ එ්කට පාර කපන්න. (නි)
බණ්ඩාරනායක මෑණියන්ගේ ගිලිහී ගිය අභිමානය නැවත ලබාදීමට වෙරදරන අප විද්‍යාලයයේ ආදි සිසු මහත්වරුන් හා පාසලේ ආදි ශිෂ්‍ය නීතීඥවරුන්ට දෝහා නායකවරුන්ගේ ආචාරය...!!!!! හොරුන් එළවමු. බණ්ඩාරනායක විදුහල් මෑණියන්ට ජය වේවා.... !! (නි)
ගිණුම් විගණනය නොකරන්නේ හොරකම් හෙළිවන බිය නිසා බව ඉතා සරලය. සමාජයක් රටක් යහමඟට ගැනීමට ඔබේ මෙහෙවර සවියක් වනු ඇත (නි)
විදුහල්පතිලාත් මෙහෙම නම් ඉතින් තව මොන කතාද? (නි)
මෙම විදුහල්පතිවරයාගේ අක්‍රමිකතා දේශපාලන බලයෙන් යටගහගෙන හිටි හැටි එක්තරා අන්තර්ජාල පුවත්පතක හොඳින් විස්තර වුණා.
යහපත් සමාජයක් හැදෙන්න යහපත් ගති පැවතුම් ඇති මිනිසුන් සමාජයට එක් කිරීමේ වගකීම දරන ගුරුන් වැරදි කලොත් දැඩි දඬුවම් දෙන්න. මේ පිරිහුණු සමාජය නැවත ගොඩගත යුතුය (ම)
ජාතික පාසල්වල මේ වගේ මුල්‍ය අක්‍රමිතා බොහොමයි. (නි)
මෙයා ගැන වෙබ් අඩවි වලින් කියාපු දේවල් ඇත්ත වෙන්නයි යන්නේ (නි)
අනේ මෙහෙමත් නිලධාරීන්! (නි)