වනාතවිල්ලුව මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට ඇයගේ නාසය කැඩෙන්නට පහරදුන් බව කියන එම විද්‍යාලයේ විදුහල්පති ලබන 08 දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය අද (6) නියෝග කළාය.
විද්‍යාලයේ ලිපි ගොනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් දුර දිගගොස් තමන්ට පහර දුන් බවට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සුසීමා නෝනිස් මෙනවිය වානාතවිල්ලුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විදුහල්පති ප්‍රසන්න චන්ද්‍රසිරි අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සුසීමා නෝනිස් මෙනවිය පුත්තලම මුලීක රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිට හිතෙන්න ඇති කට කඩනවට වඩා එකපාරටම නාස් පොල්ල කඩලා දාන එක හොදා කියලා. අනික මේ ප්‍රශ්න වල හයක් හතරක් නොදැන අපිට කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නත් බැහැනේ. (ස)
එයත් හමුදා පුහුණුව ලැබූ කෙනෙක්ද? (නි)
කාන්තා හිංසනයක්. (ර)