හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලය සුරැකීමේ සංවිධානයේ දෙමාපියන් පිරිසක් විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
පසුගිය 28 වැනිදා විදුහලින් බැහැරට යන විදුහල්පතිවරයාට වැඳ ආචාර කිරීමට ගිය සිසුන් පස් දෙනකුට එම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් පහර දුන් බවට සිසුහු හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සිසුන් දෙදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා ඇතැයිද කියති.
හෝමාගම පොලිස් ස්ථානාධිපති එස්.ලියනගම මහතා පැමිණ ගුරුවරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළද අධ්‍යාපන බලධාරින් පැමිණ ප්‍රකාශයක් ලබාදෙනතුරු උද්ඝෝෂණය කරන බව විරෝධයේ නියුතු දෙමාපියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුරු ගෝල කම් වලට මොකොද උනේ.? හැමෝම දැන් මානව හිමිකම් වලට වැඩ. (ර)
හැම දේකටම අනෙකාට අත දික් කරන තත්ත්වයක් දැන් රටේ ඇති වෙලා . (දිල්)
මම නම් අල්ල හිරි වැටෙන්න, පිට රත්වෙන්න, හා කූන් කූන් ගාන්න ගුටිකාලා තියනවා. අපේ අම්මල පොලිසි ගියේ නම් නැහැ. අපි තාම ගුරුවරුන්ට අාදරෙයි. මම ඒ කියන්නේ මානව හිමිකම් නැති කාලේ. (නදී)
මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. පාසලේ විදුහල් පතිවරයව යවාගන්න එක්තරා ගුරුවරු කණ්ඩායමකට ඕනෙවෙලා තිබුනා දේශපාලන හේතු මත. නව රජය විසින් මේ පාසලේ කරන්න යන වෙනස්කම් රැසකට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යවරයාව හමුවෙන්න මේ සිසුන්ගේ දෙමාපියන් ගිය වෙලේ ඔහු ඔවුනට පොරොන්දු වී තිබෙනවා එම වෙනස්කම් නොකරන බවට. එම දෙමාපියන්ගේ දරුවනට තමයි මෙම ගුරුවරුන් පහර දී තිබෙන්නේ. මෙතන තියන ගැටලුව පාසලේ නම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වීම. කවුරු කලත් පාසල් වලට දේශපාලනය ගෙනෙන එක වැරදියි. කාගේ නමින් ආරම්භ කලත් එම පාසලේ සියලු කටයුතු මෙතෙක් ඉතා හොඳින් කෙරුණා. (නදී)
මේ වගේ දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)
මෙතැන වැරැද්දක් සිදුවී ඇත්නම් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)
දරු දැරියන් 4000 ඉගනගන්න මේ පාසැල ගැන දෙමුපියෝ 8000 විතර සෙවිල්ලෙන් ඉන්නේ ඒ බව අමතක කරන්න එපා (දිල්)
අපි පාසල් යන අවදියේ ගුරුවරු ගැහැව්වත් ගෙදර ගිහිල්ල කියන්නත් බයයි, එකට අද, පොලිසියට මානව හිමිකම් වෙත යනවා (දිල්)
කවුරුත් දන්නවද ගුරුවරුන් සිසුන්ට ගැහුවේ මොකද කියල? ඒ කියන්නේ විදුහල්පති තුමාට වැඳීමේ ඇති වැරැද්ද මොකක්ද? අපි දන්නා විදිහට එක හොඳ දෙයක්. ගුරුවරුන් හා විදුහල්පති අතර ප්‍රශ්න තිබුනද දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න පාසලට ගෙන ඒම වැරදියි. ඒවගේම මේ ගුරුවරු කරලා තියෙන්නේ ගුරු ගෞරවය පිරිහෙන ඒ වගේම දරුවන්ට හොඳ දේ කරන්න එපා කියන විදිහේ වැඩක් නේද. හොඳ පුරුදු නැවැත්වීම නොවේ පාසලෙන් කරන්න ඕන.(දිල්)
අපි ඉස්කෝලේ යන කාලේ කාපු කැවිලි වලට එහෙනම් ගුරුවරු සේරම හිරගෙවල් වල ඉන්න වෙන්නේ. ඒ ගුටි කපු නිසා තමයි අදටත් ගුරුවරු ගැන ගරුත්වයක් තියෙන්නේ. (නදී)
ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ විද්‍යාලය සවස 3.30 වෙනකන් තිබුනා. වෙන භාසාවන් උගන්නන්න. එය වෙනස් කලා. සිකුරාදාට දරු දැරියන්ට ජාතික ඇදුම අනිවාර්යයි. මේක වෙනස් කරන්න හදනවා. පෝයට සිල් අනිවාර්යයි. මේකත් වෙනස් කරන්න හදනවා. පාසැල පලාත් සභාව යටතට ගන්න හදනවා.
අමලිගේ කතාව දාන්න ඔබට පුලුවන්නම්. (නදී)
කුමාර, මෙහෙම වෙලා තියනවා. (නදී)
මගේ ගම හෝමාගම පිටිපන, ඇත්ත අමාලි කියන දේ තමයි එතන සිදුවෙලා තියෙන්න. අලුත් ආණ්ඩුවට පක්ෂපාත ගුරුවරු තමයි මේ චන්ඩිකම් කරන්නේ. මේ ගහල තියෙන්නෙත් පොඩි ළමයින්ට. කවුරු කලත් මේවාට යහපාලන නායකයින් ඉඩදිය යුතු නැහැ. මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුවත් අලුත් අධ්‍යාපන ඇමතිතුමා පාසල්වල නම් වෙනස් කරන්න වගේ වැඩකට නැති වෙනස්කම් කරන්න ලෑස්තිවුන එක. (නදී)