කොට්ටාව ආනන්ද විදුහලේ පළමුවැනි වසරට සිසුවකු ඇතුළු කිරීමට මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන විදුහල්පති ඇම්.ජී.ධර්මදාසට එරෙහිව අල්ලස් කොමිසම අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
විදුහල්පති එම කාර්යය සඳහා වේරහැර හෝටලයකට ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවත් සාක්කිකරුවන් 15 දෙනකු හා නඩු භාණ්ඩ 18 ක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොපී, මිනිසෙක් වසලයෙකු වෙන්නේ නමින් නොවේ (නි)
අම්මා අල්ලස් දෙන්න හදපු එකත් වැරදියි. එායටත් නඩු දාන්න ඕනේ. (නදී)
ළමයාගේ අම්මා හොද වැඩක් කරලා තියෙන්නේ. (ර)
පිටටරට වල ඉන්න ගුරුවරුන්ට ලයිසන් එකක් හෙවත් බලපත්‍රයක් තිබෙනවා. ඒක වසරින් වසර ඔවුන් අලුත් කර ගත යුතුයි. තමන්ගේ වෘත්තියට නොගැලපෙන නොහොබිනා වැඩක් කලොත් ආයෙත් උගන්නලා හමාරයි. ලංකාවේ ඒකට ඕනෑම ජඩ වැඩක් කරලා මැරෙනකම් ගුරුවරුන්ට වැඩ කරන්න පුළුවන්. (නදී)
නඩු භාණ්ඩ 18 ක් කියන්නේ විදුහල් පති තුමා හෝටලේට චිත්‍රපටියක් රඟපාන්න ගිහින් වගේ. නිර්භීත අම්මට ස්තුතියි. (නදී)
මේ වගේ ලිංගික අල්ලස් ගත්ත අය කොච්චර ඉන්නවද? මේ අය මේ තනතුරු වලින් එලවන්න තියෙන්නේ (නදී)
අපේ අනාගත පරපුර අනාගතේට සුදානම් කිරීමට බාර දීලා තියෙන්නේ මේවගේ මිනිසුන්ටද (දිල්)
මෙහෙමත් මිනිස්සු (බ)
මෙයට ඉදිරිපත්වූ ළමයාගේ අම්මාට සම්මානයක් දියයුතුය. විදුහල්පතිගේ සියලු සුදුදුකම් නීතියෙන් අවලංගුකර සේවයෙන් පහකළ යුතුමය. (නි)
මේක බොහොම පහත්. ගඳගහන වැඩක්. (නි)
ධර්මදාස ඔය තරමටම අධර්මිෂ්ඨද? (නි)
නම නම් ධර්මදාස.... (නි)
මේ විදුහල්පති මුල්කිරිගල ආසනයේ කෙනෙක් ද? නඩු පවරන්න මෙතරම් පමා වීමට හේතුව ඔහුට රාජපක්ෂ රැකවරණය ලැබීමද? (නදී)
තව අහිංසක අම්මලා කීදෙනෙකුට මෙහෙම කළාද දන්නේ නැහැ. හෝටලේට වෙලා බලාගෙන ඉන්න ඇති ගොදුර එනතුරු!! (නි)
දෙන හින්දනේ ඉල්ලන්නේ පුරුද්දට. ගැනීම මෙන්ම දීමත් වරදක්. (නදී)
මේ පුද්ගලයා ජීවිතේට පත්තරයක්,ප්‍රවෘත්තියක් අහන්නේ බලන්නේ නැති කෙනෙක්ද? දින 100 තුළ රටේ නීතිරීති අඩංගු පත්‍රයක් නොමිලේ දුන්නා නම් හොඳයි ඔහුට (නි)
එතකොට ළමයාගේ අම්මා එම ස්ථානයට ගිහින් නැද්ද? (නි)