IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුහල්පති ධර්මදාස තුන්වැනි සික පදය කඩන්න හදා හිරේ

කොට්ටාව ආනන්ද විදුහලට පළමු ශ්‍රේණියට ළමයකු ඇතුළත් කිරීම සඳහා දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු විදුහල්පති එම්.ජී.ජී.ධර්මදාසට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් 20,000 ක දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම කළාය.

විත්තිකරුගේ බිරිඳ හා දරුවන් ගැන සලකා බලා ලිහිල් දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය සඳහන් කළාය. 2013 වසරේදී දරුවකු පාසලට ඇතුළත් කිරීමට පැමිණි මවකට වේරහැර හෝටලයකට පැමිණීමට විදුහල්පතිවරයා යෝජනා කර ඇත. දරුවාගේ මවද එම යෝජනාවට එකඟ බව අඟවා ඔහුට හෝටලයට පැමිණීමට ඉඩ හැර අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල මත ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ චෝදනාව යටතේ එම හෝටලයේදීම අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබිණි.

විත්තිකරුට වසර 8 ක සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත් හිටුවීමට විනිසුරුවරිය නියෝග කළාය.

 

 

 

 

 



අදහස් (0)

විදුහල්පති ධර්මදාස තුන්වැනි සික පදය කඩන්න හදා හිරේ

වෙදගේ Friday, 15 May 2015 09:22 AM

එතකොට ගත්තු ලිංගික අල්ලස් ගැන හොයා බලන්නේ නැත්ද (බ)

:       0       0

දුමින්ද Friday, 15 May 2015 09:28 AM

නමට නිගාදෙන වැඩක් (බ)

:       0       0

ඉමේෂ් Friday, 15 May 2015 09:32 AM

අනේ මෙන්න මේවගේ ඉක්මනට හොඳ දඬුවම් දෙන්නකෝ රටේ අපරාද අඩු වෙයි.(බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 16 May 2015 07:08 AM

මේක පුග්ගලික පලිගේනිමක් ද කියන්න බෙහ , (කේ)

:       0       0

කපිල Friday, 15 May 2015 10:07 AM

දැන් ඒ විදුහල්පතිට ප්‍රශ්නයක් නෑ.ප්‍රශ්නය තියෙන්නේ විදුහල්පතිගේ දරුවන්ට සහ බිරිදටයි.(හේ)

:       0       0

හැරිස් Friday, 15 May 2015 10:23 AM

අනේ හරි ෂෝක් ..අහගෙන ඉන්නත් ආසයි ..(ම)

:       0       0

සොපී Friday, 15 May 2015 10:45 AM

ගෙදර දඬුවමින් මෙයා බේරෙන්නේ කොහොමද ..? (අ)

:       0       0

කෙවින් Friday, 15 May 2015 10:47 AM

නියම මොලේ ඇති අම්මා කෙනෙක්. මෙන්න මෙ වගේ බෙල්ලටම අල්ලා දෙනව නම් මේ වගේ දේවල් රටේ වෙන්නෙ නැහැ බයටම. (අ)

:       0       0

ගාමිණි Friday, 15 May 2015 11:08 AM

මේ ක්‍රියාව සමාජයට හොද දෙයක් නෙමෙයි.දැන් සෑම තැනම අල්ලස.රට පිරිහිලා.(හේ)

:       0       0

වසන්ත Friday, 15 May 2015 11:31 AM

මේ වගේ වැරදි සිදු නොවන්නට මොහුට දඩුවමක් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

රොහාන් Friday, 15 May 2015 11:47 AM

ඔය මනුස්සයව අල්ලදුන්නු අම්මගේ වගතුග ඕන නම් හොයලම දැනගන්න.(අ)

:       0       0

විරාජ් ඒකනායක Friday, 15 May 2015 12:35 PM

මේ වගේ ලිහිල් දඩුවම් වලින් වෙන්නේ රටේ අපරාධ කාරයෝ වැඩිවෙයි කියා මගේනම් හැගීම.(හේ)

:       0       0

කපුගේ Friday, 15 May 2015 12:48 PM

මේ විදුහල්පති නැවත සේවයේ යොදවනවාද?(හේ)

:       0       0

උමේෂ් Friday, 15 May 2015 02:08 PM

මේ විදුහල්පතිට පුතෙක් ඉන්නවා නම් ඒ ළමයාට අනාගතයේ නෝනා කෙනෙක් ගෙනල්ල හමාරයි. කවුද මේ වගේ තාත්ත කෙනෙක් ඉන්න ගෙදරකට ගෑනු දරුවෙක්ව දෙන්නේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 04:00 PM

මේ අදහස් දාන සත්ගුණවත් උපාසක මහත්තයලට ඔය විදුහල්පතිට වගේ අවස්ථාවක් ලැබුණා නම් අනේ එපා කියලා ඉඳියි..අපි නොදන්නා අයියලා.(මගේ අත්දැකීම් අනුව..) (නි)

:       0       0

රන්ජිත් Friday, 15 May 2015 04:27 PM

මෙයාව නැවත සේවයට පිහිටුවන්න එපා. ගුරුවරියෝ ටික බේරාගන්න බැරි වේවි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේද? (නි)

:       0       0

චාන්දනී Friday, 15 May 2015 11:40 PM

කාන්තාවන් දැරියන් ඉන්න පැත්ත පළාතක මෙයාව සේවයේ යොදවන්න හොඳ නැහැ. කරුණාකර කෙළින්ම ගෙදර යවන්න. නෝනා බලාගනීවි එයාට දෙන්න ඕනෑ දඬුවම. (නි)

:       0       0

විකුම් Saturday, 16 May 2015 01:54 AM

තමන්ටත් දරුවන් ඉන්නවා කියලා හිතන්නේ නැති හැටි? (නි)

:       0       0

කාන්ති Saturday, 16 May 2015 02:26 AM

ලැජ්ජා නැතුව මෙයාව දැන් අමාත්‍යංශයට අනුයුක්ත කරලා ඔන්න අපි මෙයාට මාරුවක් දීලා දඬුවම් කළා කියාවිද දන්නේ නැහැ. ඒකට නම් ඉඩතියන්න නරකයි. ඊළඟට එතනට රාජකාරි වැඩක් කරවාගන්න එන ඇහැට කණට පෙනෙන තරුණ ගුරුවරියන් ටික අල්ලා ගනීවි. (නි)

:       0       0

නුවන් Saturday, 16 May 2015 02:55 AM

පිවිතුරු යහපාල විදුහල්පති වගේම මානසික රෝගියෙක් බව ඔප්පුකළා. මව විසින් විදුහල්පති වසඟ කරගත් බවක් මේ ප්‍රවෘත්තියේ කොහේවත් නැහැ. "විදුහල්පතිට වගේ අවස්ථාවක් ලැබුණා නම් " කියන්නේ ඇයි. මේක විදුහල්පතිගේ කපටිකමක්. නැතුව නිකන් ලැබුණු අවස්ථාවක් නොවේ. (නි)

:       0       0

රවී Saturday, 16 May 2015 03:06 AM

පිවිතුරු යහපාලගේ අත්දැකීම අනුව මෙහෙම අල්ලාගන්න ඇත්තේ දේශපාලුවන්ගේ කාර්යාල වලින් වෙන්න ඇති. (නි)

:       0       0

සඳුන් Saturday, 16 May 2015 03:51 AM

වැරැද්ද අතටම අහුවෙලත් ලැබුනේ අත්හිටවූ සිරදඬුවමක්ද? අපරාදේ ඒ අම්මගෙයි අල්ලස් නිලධාරීන්ගෙයි මහන්සිය.(කේ)

:       0       0

ෂිරා Saturday, 16 May 2015 05:14 AM

අනේ මන්ද මේ වගේ දේවල් වෙන හැටි (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site