කොට්ටාව ආනන්ද විදුහලට පළමු ශ්‍රේණියට ළමයකු ඇතුළත් කිරීම සඳහා දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු විදුහල්පති එම්.ජී.ජී.ධර්මදාසට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් 20,000 ක දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම කළාය.
විත්තිකරුගේ බිරිඳ හා දරුවන් ගැන සලකා බලා ලිහිල් දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය සඳහන් කළාය. 2013 වසරේදී දරුවකු පාසලට ඇතුළත් කිරීමට පැමිණි මවකට වේරහැර හෝටලයකට පැමිණීමට විදුහල්පතිවරයා යෝජනා කර ඇත. දරුවාගේ මවද එම යෝජනාවට එකඟ බව අඟවා ඔහුට හෝටලයට පැමිණීමට ඉඩ හැර අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල මත ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ චෝදනාව යටතේ එම හෝටලයේදීම අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබිණි.
විත්තිකරුට වසර 8 ක සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත් හිටුවීමට විනිසුරුවරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගත්තු ලිංගික අල්ලස් ගැන හොයා බලන්නේ නැත්ද (බ)
නමට නිගාදෙන වැඩක් (බ)
අනේ මෙන්න මේවගේ ඉක්මනට හොඳ දඬුවම් දෙන්නකෝ රටේ අපරාද අඩු වෙයි.(බ)
මේක පුග්ගලික පලිගේනිමක් ද කියන්න බෙහ , (කේ)
දැන් ඒ විදුහල්පතිට ප්‍රශ්නයක් නෑ.ප්‍රශ්නය තියෙන්නේ විදුහල්පතිගේ දරුවන්ට සහ බිරිදටයි.(හේ)
අනේ හරි ෂෝක් ..අහගෙන ඉන්නත් ආසයි ..(ම)
ගෙදර දඬුවමින් මෙයා බේරෙන්නේ කොහොමද ..? (අ)
නියම මොලේ ඇති අම්මා කෙනෙක්. මෙන්න මෙ වගේ බෙල්ලටම අල්ලා දෙනව නම් මේ වගේ දේවල් රටේ වෙන්නෙ නැහැ බයටම. (අ)
මේ ක්‍රියාව සමාජයට හොද දෙයක් නෙමෙයි.දැන් සෑම තැනම අල්ලස.රට පිරිහිලා.(හේ)
මේ වගේ වැරදි සිදු නොවන්නට මොහුට දඩුවමක් ලබා දිය යුතුයි.(හේ)
ඔය මනුස්සයව අල්ලදුන්නු අම්මගේ වගතුග ඕන නම් හොයලම දැනගන්න.(අ)
මේ වගේ ලිහිල් දඩුවම් වලින් වෙන්නේ රටේ අපරාධ කාරයෝ වැඩිවෙයි කියා මගේනම් හැගීම.(හේ)
මේ විදුහල්පති නැවත සේවයේ යොදවනවාද?(හේ)
මේ විදුහල්පතිට පුතෙක් ඉන්නවා නම් ඒ ළමයාට අනාගතයේ නෝනා කෙනෙක් ගෙනල්ල හමාරයි. කවුද මේ වගේ තාත්ත කෙනෙක් ඉන්න ගෙදරකට ගෑනු දරුවෙක්ව දෙන්නේ. (අ)
මේ අදහස් දාන සත්ගුණවත් උපාසක මහත්තයලට ඔය විදුහල්පතිට වගේ අවස්ථාවක් ලැබුණා නම් අනේ එපා කියලා ඉඳියි..අපි නොදන්නා අයියලා.(මගේ අත්දැකීම් අනුව..) (නි)
මෙයාව නැවත සේවයට පිහිටුවන්න එපා. ගුරුවරියෝ ටික බේරාගන්න බැරි වේවි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේද? (නි)
කාන්තාවන් දැරියන් ඉන්න පැත්ත පළාතක මෙයාව සේවයේ යොදවන්න හොඳ නැහැ. කරුණාකර කෙළින්ම ගෙදර යවන්න. නෝනා බලාගනීවි එයාට දෙන්න ඕනෑ දඬුවම. (නි)
තමන්ටත් දරුවන් ඉන්නවා කියලා හිතන්නේ නැති හැටි? (නි)
ලැජ්ජා නැතුව මෙයාව දැන් අමාත්‍යංශයට අනුයුක්ත කරලා ඔන්න අපි මෙයාට මාරුවක් දීලා දඬුවම් කළා කියාවිද දන්නේ නැහැ. ඒකට නම් ඉඩතියන්න නරකයි. ඊළඟට එතනට රාජකාරි වැඩක් කරවාගන්න එන ඇහැට කණට පෙනෙන තරුණ ගුරුවරියන් ටික අල්ලා ගනීවි. (නි)
පිවිතුරු යහපාල විදුහල්පති වගේම මානසික රෝගියෙක් බව ඔප්පුකළා. මව විසින් විදුහල්පති වසඟ කරගත් බවක් මේ ප්‍රවෘත්තියේ කොහේවත් නැහැ. "විදුහල්පතිට වගේ අවස්ථාවක් ලැබුණා නම් " කියන්නේ ඇයි. මේක විදුහල්පතිගේ කපටිකමක්. නැතුව නිකන් ලැබුණු අවස්ථාවක් නොවේ. (නි)
පිවිතුරු යහපාලගේ අත්දැකීම අනුව මෙහෙම අල්ලාගන්න ඇත්තේ දේශපාලුවන්ගේ කාර්යාල වලින් වෙන්න ඇති. (නි)
වැරැද්ද අතටම අහුවෙලත් ලැබුනේ අත්හිටවූ සිරදඬුවමක්ද? අපරාදේ ඒ අම්මගෙයි අල්ලස් නිලධාරීන්ගෙයි මහන්සිය.(කේ)
අනේ මන්ද මේ වගේ දේවල් වෙන හැටි (කේ)