සෞදිඅරාබියේ වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ යපෙන්නන්හට තම ලියකියවිලි මාරු කිරීමකින් තොරව පෞද්ගලික අංශයේ රැකියාවන් කිරීමට අවසර ලබාදීමට සෞදි කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞදි පුවත් පත් සදහන් කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ විදේශීය ශ්‍රමිකයින්ගේ යැපෙන්නන් හට පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමට මාර්ග විවර කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් වශයෙන් වන අතර යැපෙන්නන් හට පුත්ගලික අංශයේ ඕනෑම රැකියාවක් කිරීමට අවස්ථාව සැලසෙන බවද සදහන්ය.
විදේශිකයින්ගේ යැපෙන්නන් හට මීට ඉහතදී අවස්තාව ලබාදී තිබුණේ කාර්මික අනන්ශයේ රැකියා සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් වැනි අයට පමණි.
සෞදි පුවත්පත් සඳහන් කරන අන්දමට සෞදි කම්කරු අමාත්‍ය අදෙල්ෆකීය මහතාගේ නව තීරණයට අනුව කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම මෙමගින් රැකියා ලබාගැනීමේ අවස්තාව උදාවනු ඇත .
කෙසේ වුවද විදේශික ශ්‍රමිකයා සහ ඔවුන්ගෙන් යැපෙන්නා කලාපයට අයත් විය යුතු අතරම වයස අවුරුදු 60 ට අඩු විය යුතුය,එසේම වලංගු රැදීසිටීමේ බලපතක්ද යැපෙන්න සතුව තිබිය යුතු අතරම වෙනත් ආයතනයක රැකියාවක් නොකරන අදාළ රැකියාවට පුර්ණ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති යට පමණක් අයදුම් කළහැකි බවද පුවත්පත සදහන් කරයි. ඒ අනුව සෞදි පුරවැසියන් සදහා අයදුම් කළ නොහැකි රැකියාවන් සදහා මෙම සුදුසුකම් සහිත යපෙන්නන්හට තම අනුග්‍රාහක ඥාති පාර්ශවේ එකගත්වය මත රැකියාවේ යෙදීමට අවස්තාව ඇතිබව පුවත්පත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක්
නලීන් Monday, 27 October 2014 04:21 AM
තව තවත් විදෙස් සේවයට අඬ ගහන්නේ නැතුව ඔය හම්බ කරගත් සල්ලි ටිකට වැඩි තැන්පතු පොළියක් දීලා අපේ දරුවන් උගතුන් කරගන්නට, මේ උතුම් රටේ පයගහලා අභිමානයෙන් ඉන්නට, ලෝකෙට උගතුන් බිහිකරන්නට පුළුවන් ජාතියක් ගොඩනඟන්නට හැකි විදියක් ගැන හිතලා බලමු නේද? (නි)
තුසිත ලක්මාල් Sunday, 26 October 2014 07:49 AM
ඒක හොඳයි නේද (බ)