
(අංජුල මහික වීරරත්න)
විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම ,ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ තිබේ.
එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇතැයි රජය කියයි.
ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඇතුළත ප්‍රශ්න විසඳන් ඉවර වුණාට පස්සේ ඔය වගේ නැති ප්‍රශ්න ඇති කරගන්න...
මොන නීතිය ගෙනාවත් වැඩක් නැහැ. රටේ නායකයාට නීතියට පටහැනිව ක්‍රියා කරන එක නතර කරන්න පනතක් ගේනකම් මොකද අපේ රටේ විතරයි නූගත් ජනාධිපතිවරු බිහිවෙන්නේ.. ඔවුන් ඇවිත් ඔවුන්ට ඕනෑ විදියට අධිකරණයේ නඩු අතට ගන්නවා. පළමුව පනත ගේන්න ඕනෑ රටේ නායකයා ඇතුළු නඩේට. ගොබ්බ නායකයින්ට කඩේ යනකොට. රටට, ජනතාවට දෙවියන්ගේම පිහිටයි..!
ශ්‍රී ලංකා රජයෙන් මා දුටු එකම හොඳම තීරණය මෙයයි. නමුත් එය ප්රකාශනය කර භාවිතයට සූදානම් වන්නේ කවදා දැයි කවුද දන්නේ? කොහොමත් මේක හොඳ එකක්...!
විවාහ වගේ දේවල්වලට කියලා කිව්වට අන්තිමට අපේ රණවිරුවන්ට විරුද්ධව, ඒ රටවල නඩු අහලා හිරේ දමන්න කියලා මෙහෙට ඒ නඩු තීන්දුව එවන්නද දන්නේ නෑ මේ සූදානම?