
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉරානය, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සීෂෙල්ස්, මැලේසියාව, කෙන්යාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ කියුබාව යන රටවල සේවය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙන්ම නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට තීරණය කර ඇතැයි පැවැසෙයි.
ඉහත රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ට එළැඹෙන දෙසැම්බර් මාසය වන සිට සිය රාජකාරී කටයුතු අවසන් කරන ලෙස දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අවශ්‍යතා මත පුරප්පාඩු වන ධුර සඳහා විදේශ සේවයෙන් සහ අනෙකුත් වෘත්තීයන්ගෙන් බඳවා ගැනීම් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.
ඉදිරියේදී තානාපතිවරුන්ට සහ මහා කොමසාරිස්වරුන්ට විශේෂ කාර්යයන් පැවරෙනු ඇති බවත් ඒ අතරට නව රැකියා අවස්ථා සොයා බැලීම, ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජනයන් ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාව සඳහා නව වෙළඳපොළ හඳුනාගැනීම් සිදු කිරීම ඒ අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාට දිගටම එම ධුරයේ කටයුතු කරන ලෙස දන්වා ඇති බවද ඔහු පැවැසුවේය.
තවද සේවයේ නියුතු කොන්සියුලර් ජෙනරාල්වරුන් ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 16 දෙනකුගේ පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි විය යුත්ත. ඒවා වෙනවා වෙන බව දැනෙනවා පේනවා. තානාපතිවරු සැප ගන්න ගිහින් තානාපති මුක්තිය ප්‍රයෝජනයට ගෙන අවර ගනයේ වැඩ තමයි කලේ. රටට නව ආයෝජන රැකියා වෙළඳ අවස්ථා සොයනවා වෙනුවට ලිංගික කාර්යන් කරන අය තමයි හිටියේ. හාල් සහ පොල් ගැන අඬා වැටෙන අය සහ පලපුරුද්ද ගැන බයිලා කියන කල්පනාව අඩු මහල්ලා විශ්වාස කරන අයටයි මේ මතක් කරන්නේ...
අනේ මන්දා රිවස් කරන්න හරිම දක්ෂයි. මුරකුටි කඩනවා. හදනවා වගේ තමයි. මාර ලොකු වැඩ කරන්නේ...
ඇමෙරිකාවේ සිටින තානාපතිව විතරක් ආපසු කැඳවන්නේ නැත්තේ ඇයි? ජූලි චංගේ නියෝගයක් නිසාද? එහෙම නැත්නම් ඔහු මේ දිනවල පාලයකුගේ ලොකු කොන්ත්‍රාත්තුවක් කරන නිසාද?
මුනුත් පලි ගැනීම් තමයි කරන්නෙ. මහ මැතිවරනය ඉවරවෙනකම් මේ අයට ඒ වගේ දෙයක් කරන්න බැරිය.
මෙය පළිගැනීමක් නොවේ, මෙය හුදෙක් අදක්ෂ නිලධාරීන් ආපසු ඉල්ලා සිටීමකි. මෙම නිලධාරීන් RW / ගෝඨා විසින් පත්කරනු ලැබුවේ ඥාති සංග්‍රහය සහ දේශපාලන සම්බන්ධතා මත මිස දක්ෂතාවය සහ අධ්‍යාපනය මත නොවේ. කරුණාකර එය තේරුම් ගන්න. 2.50 බයියෝ දැන් කියනවා AKD පළිගන්නවා කියලා... හරිම මෝඩ බයියෝ සහ ටොයියෝ...
ඊට හොඳ තීරණයක්. වැඩකරන මිනිස්සු ටික යවන්න. දේශපාලන බලපෑමක් නැතිව.
ඔය කියන 16 දෙනා අතරේ, අනුන්ගේ සින්දු කියන මාලිමාවේ ගොට්ටා - නදීක ගුරුගේගේ බිරිඳත් ඉන්නවාද?