IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විදෙස් ගත වීමට ආ බැසිල්ට විරෝධයක්

(ටී.කේ.ජී.කපිල)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාරතා වෙයි.

මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය .

අද  අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ .

 



අදහස් (12)

විදෙස් ගත වීමට ආ බැසිල්ට විරෝධයක්

sharm warn Tuesday, 12 July 2022 08:54 AM

ෂො .... කපුට් ..... ෂො .... ෂෝ...

:       10       144

siri Tuesday, 12 July 2022 09:34 AM

ඔබ සැමට ජතියෙ ගෞරවය හොරුන්ට රටෙන් පිටවෙන්න දෙන්න එපා මුන් අමෙරිකවෙ ඉදන් ඇවිත් රට බන්කොලොත් කරා අද මිනිසු පාරෙ මැරෙනව. වහාම උසාවි නියගයක් ගන්න මුන් රටෙන් පිටවීම වැලැක්වීමට

:       0       0

Ruwan R Tuesday, 12 July 2022 10:22 AM

නියමයි සහෝදරවරුනි...!

:       0       0

ganegoda Tuesday, 12 July 2022 11:05 AM

බැසිල්ගේ ගමන් මල්ලේ තිබිලා රේගුව විසින් මොල 07ක් සොයාගැනීමට ලැබුණයි කියලා ඇහුණා...

:       0       0

siri Tuesday, 12 July 2022 01:14 PM

එයාට විතරක් නෙවේ අයියලා පුතාල ඇතුළු මුළු පවුලටම යන්න බැරිවෙලා. ආගමන විගමන නිලධාරින් දැන් රාජකාරි නවත්වලා.

:       0       1

බද්රානි Tuesday, 12 July 2022 01:48 PM

මේ හොර දෙටුවාට රටින් පලා යාමට ඉඩ ලබා නොදුන් නිර්භීත සියලු දෙනාටම මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි!! අප එදා සිටම පැතූ වෙනස තමයි මේ.

:       0       2

ගමේ එකාලා Tuesday, 12 July 2022 02:17 PM

මොළහතා රටට කරපු විනාසේ? අද මුලුමහත් ජනතාවම පාරට ඇදලා දැම්මා .ජනතාව නොවිදිනා දුක් විදිනවා. යන යන තැන්වලින් එළවා දාන්ඩයි තියෙන්නේ ?

:       0       4

Nuwan Tuesday, 12 July 2022 02:54 PM

හොද වැඩේ. නමුත් මෙහෙම නවත්තන්න නීති තියනවද? අධිකරණය නියෝගයක් ගත්තොත් නරකද? පාස්පෝට් එක අධිකරණයට භාර දුන්නොත් මොකද? මොකද රටින් පිට වෙන්න ආගමන විගමන නිලධාරීන්ට පගාව දෙන තත්ත්වයට පත්වෙන්න හොදනෑ.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 July 2022 02:56 PM

මොවුන්ගේ පාස්පෝට් තහනම් කර රටින් පිටවීම වැළකිය යුතුයි. රට විනාශ කළ හා හොරකම් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       27

BamunuarachchiTuesday, 12 July 2022 11:49 PM

මේ හාදය මොනවා දැනගේද කතා කොරන්නේ? කියනවකො ජෙප්පන්ට පාස්පෝට් තහනම් කරන නොයෝගයක් ගන්න කියල. නැතිනම් ඔහේ ගන්නකො උසාවි නියෝගයක්. උසාවි නියෝගයක් නොමැතිනම් ගමන්බල පත්‍රයේ දෝෂ නැතිනම් කාටද? මොන නියෝගයක් යටතේද මගියෙක් හරවා යවන්නේ? ඒ මගියා මිනී මරුවෙක් උනත් උසාවි නියෝගයක් නොමැතිනම් නිලදරීන්ට කොකා පෙන්නලා ටටා බායි කියලා යන්න පුළුවන්.

:       4       0

siri Tuesday, 12 July 2022 05:17 PM

මොකද්ද මේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට කෙන්යාවෙන් ජෙට් යානයක් එනවා කියන කතාව ?

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 12 July 2022 07:06 PM

මොකද මෙහි සිටි මගීන් සහ අනෙකුත් පුද්ගලයින් මේ දේශද්‍රෝහීන් අල්ලා, අරගල කර හමුදාවට බාර නොදුන්නේ? එහෙම කළා නම් චෞර පජාත රාජපක්ෂ පවුලේ කෙනෙක් හෝ රටේ නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තිබුණා නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site