(ටී.කේ.ජී.කපිල)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාරතා වෙයි.
මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය .
අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂො .... කපුට් ..... ෂො .... ෂෝ...
ඔබ සැමට ජතියෙ ගෞරවය හොරුන්ට රටෙන් පිටවෙන්න දෙන්න එපා මුන් අමෙරිකවෙ ඉදන් ඇවිත් රට බන්කොලොත් කරා අද මිනිසු පාරෙ මැරෙනව. වහාම උසාවි නියගයක් ගන්න මුන් රටෙන් පිටවීම වැලැක්වීමට
නියමයි සහෝදරවරුනි...!
බැසිල්ගේ ගමන් මල්ලේ තිබිලා රේගුව විසින් මොල 07ක් සොයාගැනීමට ලැබුණයි කියලා ඇහුණා...
එයාට විතරක් නෙවේ අයියලා පුතාල ඇතුළු මුළු පවුලටම යන්න බැරිවෙලා. ආගමන විගමන නිලධාරින් දැන් රාජකාරි නවත්වලා.
මේ හොර දෙටුවාට රටින් පලා යාමට ඉඩ ලබා නොදුන් නිර්භීත සියලු දෙනාටම මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි!! අප එදා සිටම පැතූ වෙනස තමයි මේ.
මොළහතා රටට කරපු විනාසේ? අද මුලුමහත් ජනතාවම පාරට ඇදලා දැම්මා .ජනතාව නොවිදිනා දුක් විදිනවා. යන යන තැන්වලින් එළවා දාන්ඩයි තියෙන්නේ ?
හොද වැඩේ. නමුත් මෙහෙම නවත්තන්න නීති තියනවද? අධිකරණය නියෝගයක් ගත්තොත් නරකද? පාස්පෝට් එක අධිකරණයට භාර දුන්නොත් මොකද? මොකද රටින් පිට වෙන්න ආගමන විගමන නිලධාරීන්ට පගාව දෙන තත්ත්වයට පත්වෙන්න හොදනෑ.
මොවුන්ගේ පාස්පෝට් තහනම් කර රටින් පිටවීම වැළකිය යුතුයි. රට විනාශ කළ හා හොරකම් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මොකද්ද මේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට කෙන්යාවෙන් ජෙට් යානයක් එනවා කියන කතාව ?
මොකද මෙහි සිටි මගීන් සහ අනෙකුත් පුද්ගලයින් මේ දේශද්‍රෝහීන් අල්ලා, අරගල කර හමුදාවට බාර නොදුන්නේ? එහෙම කළා නම් චෞර පජාත රාජපක්ෂ පවුලේ කෙනෙක් හෝ රටේ නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තිබුණා නොවේද?