මෑතකදි පිහිට වු අන්තර් ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධින සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමට ක්‍රියාකරන බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිති) අනුෂා මුණසිංහ මහත්මිය පැවසුවාය.
“එසේ නිදහස් සමාගමක් බවට පත්කිරිමෙන් ශ්‍රි ලංකාවට හොඳ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරයෙන් උදාකර ගැනීමට හැකිවනු ඇත”.
“ඊට හේතුව වන්නේ ලොව ඕනෑම බලවත් සමාගමකට තම බේරුම්කරණ අඩු පිරිවැයකින් ශ්‍රි ලංකාවේ මෙම මධ්‍යස්ථානයෙන් ඉටුකර ගැනිමට හැකිවීමයි”.
“ඒ සඳහා බේරුම්කරණ ක්‍ෂේත්‍රෙය් නියැළි දක්ෂ නීතිඤවරු ශ්‍රි ලංකාවේ සිටිති”.
ශ්‍රි ලංකාවට ආසන්නයේම පවත්වාගෙන යන සෙසු බේරුම්කාර මධ්‍යස්ථානය සිංගප්පුරුවේ පිහිටා ඇත.
එම මධ්‍යස්ථානය හා සමාන සේවයක් අඩු පිරිවැයකින් ලබාදිමට හැකි මධ්‍යස්ථානය පත්වෙන බවත් මුණසිංහ මහත්මිය සඳහන් කළාය. ජාත්‍යන්තරයේ බේරුම්කරණ සම්බන්ධ අත්දැකිම් ඇති විද්වතකු ලෙස සැළකෙන ආචාර්ය අසංග ගුණවර්ධන මහතා මෙම මධ්‍යස්ථානය ඇති කිරිමේ පදනම වෙනුවෙන් තම සේවය නොමිලේ ලබාදුන් බවද මුණසිංහ මහත්මිය පැවසුවාය.
මෙවන් මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක විම ජාත්‍යන්තරය හමුවේ ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය ඉතා ඉහළ තලයකට ගෙන ඒමක් බවත් මුණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ඉකුත්දා කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොර්ට් සිටියට වුන හෙනය විසදන්න (බ)
කරන වැඩ , පෙන්වන හැකියාව (ම)
නියම වැඩක්. අන්න එහෙමයි තරඟකාරී ආර්ථික ක්‍රමයේදී වැඩ කරන්නේ. සාර්ථකවීමට අපේ සුබ පැතුම්. (නි)