ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් (200,000ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ බවත් එම නිසා රජය දැඩි ආගමන විගමන රෙගුලාසි සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය රණවක මහතා කීය.
“පිරිසුදු කිරීමේ, එහෙමත් නැතිනම් අස්වනු නෙලීමේ කටයුතුවලටත් අපට ශ්‍රමිකයන් කම්කරුවන් හිඟ වී තිබෙනවා. එය සැලකිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසාම විදෙස් ශ්‍රමිකයන්ට වෙළෙඳපොළක් නිර්මාණය වෙලා. එසේ වුවත් අපි ඔවුන්ගේ පැමිණීම් සහ පිටත්වීම් නියාමනය කළ යුතු” යැයි ද අමාත්‍යවරයා තවදුරටත් කීවේය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 055
COMMENTS
මෙයාට කවුද මේ සංඛ්‍යා ලේඛන දුන්නේ? මෙයත් හොඳට ගල් පැලෙන බොරු කියන්න දක්ෂයෙක්...
කම්මැලි අයට තව ත්‍රී වීල් ගෙනල්ලා දුන්නම හරි. එතනෝල් ඔක්කොමලා ගේනවා නොව කුණුටික නිකම් ගෙනියන්න දුන්න නම් දවස් දෙකෙන් ඉවර වෙනවා
ඔය ලෑස්ති වෙන්නේ එට්කා වලට පසුබිම හදන්න.
නැතිනම් ඉතින් කල්ලතෝනි ඇවිල්ලා උතුර නැගෙනහිර කොළඹ පිරෙව්වුවා වාගේ වෙයි..
කොහොමහරි ලංකාවටත් හොඳ ආගමන විගමන නීති ටිකක් ආවොත් හොදයි... !!!
මෙන්න මෙය දිය යටින් බෝලෙ පාස් කරනවා වගේ. කතාව තුල සැගවුණු අරුත් ගොඩක් තියෙන හැඩයි.
ඔය ටිකම තමයි යුරෝපයේත් සිදු උනේ. අන්තිමේදී එම රටවලට විදේශික ශ්‍රමිකයන්ගේ පැමිණීම පාලනය කරගන්න බැරිව ගියා. දැන් නම් එම රටවල් දැඩි ආගමන විගමන නීති අනුගමනය කරනවා. තම රටවල අයට දැන් මූලිකත්වය දෙනවා පමණක් නොවේ. මෙම ප්‍රශ්නය නිසා ජාතිවාදීන් බලයට එන්නත් පටන් ගෙන.... හොඳම උදාහරණය තමයි, ... ප්‍රංශයේ ජනාධිපතිවරණයේදී තෝරා ගනු ලබන දෙදෙනාට ජාතික පෙරමුණ නම් පක්ෂයෙන් (ජාතිවාදී පක්ෂයෙන්) ඉදිරිපත්වූ ලුපෙන් මහත්මිය තේරී පත්වීම....
එංගලන්තයට පැමිණ ලංකාවේ දෙමල යයි කියා සරණාගත භාවය පතා ජයගත් අය බොහෝ දෙනෙක් ලංකාවේ ද්විත්ව පුරවසිකමද ලබාගෙන තිබෙන බව යුරෝපයේ වෙසෙන අපට නම් රහසක් නොවේ. ලංකාවේ බුද්ධි අංශය මේ ගැන සොයා බැලිය යුතුය. විවිධ කාල වල ඉතාලි, ප්‍රංශ සහ එංගලන්ත ලංකා තානාපති කාර්යාලවල බොහෝ අකටයුතු සිදුවුන බව මෙරටවල වසන අප දන්නවා.
ඔව් අපේ අයට ත්‍රී වීල්, කුඩු බෙදාහැරීම වැනි විශාල ආදායම් ලබන රැකියා තියෙනකොට කම්කරු වෙන්න කවුද කැමති?
ඔවුන්ට පුරවැසිකම් ලබා දුන්නම දේශපාලකයන්ට හොඳ ගතමනාවක් පමණක් නොවෙයි, ඡන්දෙත් ලබා ගන්න පුළුවනි. ගෙන්වන්න මහත්තයෝ, ඉම්පෝට් කරන්න ඉන්දියාවෙන් ලක්ෂ ගණනින් කල්ලතෝනි. ඡන්ද දායකයන්ව... දේශපාලකයන් වැඩි කල් නොගොස් මේ රට දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්න ඉඩ තිබෙන බව මෙයිනුත් පෙනෙනවා. මේ ගෙන්නන මිනිසුන්ගේ පඩිය රුපියල් 60,000 ක් ලු. ක්වාටස් එහෙමත් ලැබෙනවලු!
මේ රටට ඉන්දියානු කම්කරුවන් ගෙන්වීම අනුමත කළේ කව්ද?
විදේශීය කම්කරුවන් පැමිණීම පිලිබඳ විරෝධය පාන අයගේ දන ගැනීම පිණිස. ඔබ මේ රටේ නිවසක් තනන, ව්‍යාපාරයක් කරන අයෙක් නම් පුහුණු ශ්‍රමිකයන්ගේ හිගය ගැන අත්දැකීමෙන්ම දනී. හරියට වෙලෙවට වැඩකරන වඩු ,යකඩ කාර්මිකයෙක්, පයිප්ප වද්දුම්කරුවෙක් , වායුසමීකරණ සවිකරන්නේක්, මේසන් බාස් කෙනෙක් , පොල් කඩන කෙනෙක්, පොටි අදින කෙනෙක්, ගස් කපන අයෙක් , මෙවැනි දහසකුත් රැකියා කලට වෙලාවට කරන දක්ෂයෙක් සොයාගැනීම කළුනික සෙවීමටත් වඩා අපහසුයි. මේ සියල්ලන්ම ත්‍රිරෝද රථ ව්‍යාපාරයේ යෙදෙයි. මා නිවාස කර්මාන්තයට සම්බන්ධ නිසා පසුගිය වසර 15, 20 තුල ලැබූ අත්දැකීම් මෙයයි. මගේ අදහස සනාථ කරන ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් මම දනිමි.
වැරැද්ද මේ කාගෙවත් නොවේ ලංකාවේ කම්කරු පැලැන්තියේ , හැමෝම බලන් ඉන්නේ නිකන් ඉඳල ලොකු ගණනක් හම්බ කරන්න , සෑම දෙයක්ම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත , ලංකාවේ තිබෙන ඉල්ලුමට ඉන්දියාවෙන් හොඳ සැපයුමක් ලැබෙනවා නම් , ලංකාවේ කම්කරුවට ගල්ෆ් රටකට , හෝ නිකන් ඉඳන් අඩු වැටුපක් ලැබෙන සිකියුරිටි ජොබ් එකකට වගේ යන්න පුළුවන්
කොන්ත්‍රත්කරුවෙක් වන මා යටතේ වඩු , මේසන්, යකඩ ,ටයිල් ,අත්උදව් , වැනි විවිධ කම්කරුවන් දවස් පඩියට වැඩකරනව. ඔවුන් බහුතරයක් කිසිම වගකීමක් නැහැ. හිටිගමන් වැඩට එන්නේ නැහැ. කෑම, තේ සදහා ලොකු විවේක කාලයක් ඕන. හරියට හවස 5 ට යන්න ඕන. දොස් කිවොත් නැවත එන්නේ නැහැ. හරි කම්මැලියි. මොවුන්ගේ අකටයුතුකම් නිසා කලට වෙලාවට වැඩ නිමකරගැනීමට නොහැකිවීමෙන් මට බලවත් පාඩු සිදුවෙනවා. මෙය ඉතාමත්ම හොඳ දෙයක්. කොහොමද විදේශකම්කරුවන් අපේ ආයතනවලට ලබාගන්නේ ?
නුවන්, ඔබේ කියුමෙහි ඇත්තකුත් තිබෙනවා. අපේ බොහෝ දෙනා කැමතියි රෝමන් අධිරාජ්‍යයේ නීරෝගේකාලේ වංසවතුන් මෙන් වහලුන්ගේ සේවය ලබමින් ජීවත් වෙන්න. රෝමයට වත්කම් තිබුන. අපට තියෙන්නේ ඔලුවටත් ඉහලින් ගිය නය කන්දරාවක් විතරයි. අපට ගොවිතැන් වැඩ කරන්න, රබර් කිරි කපන්න , පොl කඩන්න මිනිස්සු හිගයි. ටැලිපෝන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න අවදියක් උදාවෙලා තියෙන හින්ද ඉදිරි කාලේදී පස්ස පැත්ත හෝදව ගන්නත් ඉන්දියාවෙන් ගෙන්න ගන්න වේවි. කම්කරුවන් වෙන්න හිටපු බොහෝ දෙනා දැන් ප්‍රාදේශීය සභා නියෝජිත යෝ. තවත් සමහරු ඇමති උපදේශකවරු. තවත් උන් ජාවාරම්වල. ඉතින් කොහෙන්ද කම්කරුවන්? අනේ මෙහෙමත් රටක්.අපි අපේ වැඩ අපටම කිසි දෙයක් කරගන්න බැරි ජාතියක්. ඒ උනාට ඔරිජිනල් සිංහයා ලකුණ දරන මිනිස්සු!
ලංකාවේ වැඩ කරන වයසේ තරුණයෝ වඩාත් කැමති හන්දි ගානේ ත්‍රි වීලර් වලට වෙලා ඈනුම් ඇර-ඇර ඉන්න මිසක් වැඩක් කරන්න නෙවේ.