(යොහාන් භාසුර)
විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ‍්‍රමිකයන්ට නොමිලයේ ‘නිරෝධායන’ පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කම්කරු අමාත්‍යවරයා පැවසුවේ විදේශ සේවා කාර්යංශයේ පාලනය යටතේ ඒ ස`දහා සෑම දිස්ත‍්‍රික්කයකම විදේශ ශ‍්‍රමිකයන් ස`දහා ‘නිරෝධායන’ මධ්‍යස්ථානය බැගින් ස්ථාපිත කිරීම ආරම්භ කළ බවයි.
ශ්‍රී ලාංකික විදේශ ශ‍්‍රමිකයන් 20,000 ක් පමණ ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබෙන අතර සෑම දිස්ත‍්‍රික්කයක් ආවරණය පරිදි හෝටල් හෝ වෙනත් පහසුකම් ඇති ස්ථාන හදුනාගනිමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ ‘කොවිඞ් 19’ මර්ධන බලකායේ සභාපති යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අනුමැතිය ලබාගෙන විදේශ ශ‍්‍රමිකයින්ට පමණක් නොමිලයේ ‘නිරෝධායන’ පහසුකම් ලැබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ළංවෙනකම් ඉඳලා ඔන්න මෙන්න පොඩ්ඩක් අන්දවන්න.
මේක මාස දෙකක් පරණ ප්‍රවෘත්තියක්. තාමත් හඳුනා ගනිමින් සිටිනවා නම් තව අවුරුද්දක්වත් යයි නේද වැඩේ වෙන්න ඇමතිතුමා? එතකොට නම් කොරෝනා ඉවර වෙලත් තියෙයි.
නිරෝධායනය කියන්නේ කාමරේකට දාලා ඉන්න දෙන එක නේද? කන්න ටිකක් දෙන එකනේ ඔය කියන්නේ. මහා සල්ලියක් යනවද? මොකද බෙහෙත් දෙනවා කියලද? ඔන්න ලෙඩේ හැදුණු අයට නම් සෑහෙන ගාණක් යට යනවා.
ඡන්දයක් අත ලග ඇති බවට කරන ඉගියක් මේ....රැවටීම තවත්....
මමත් ඔයවගේ හීනයක් දැක්කා.