විදේශ රැකියා අමාත්‍යංශය ඉදිරිපිට කුණු ගොඩක් වී ඇති අයුරු එහි යන එන්නන්ට දැකගත හැකිවේ.
එහි ඇතුළුවන ගේට්ටුව අසලම කෑම කොළ, ඉවතලූ කඩදාසි, පෙට්ටි ආදිය ගොඩගසා ඇති අතර ඒවා එහි භූමිය පුරා ඇද විසිරී වැසි ජලයෙන් තෙමීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවන බව එහි යන එන්නෝ කියති.
එමෙන්ම අවට භූමියේ පිරිසිදු බවට හා අලංකාරත්වයට ද හානි සිදුවන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදේශ රැකියා අමාත්‍යංශය කුණු ගොඩක්
සමන් - සෞදි Thursday, 26 May 2016 07:25 AM
කිසියම් කටයුත්තක් සදහා මම ළඟදි බත්තරමුල්ල කාර්යාලයට ගියා. නිකන් වාඩි වෙලා කතා කරකර ඉන්න අය බොහොම වැඩියි. (නි)
සමීර Tuesday, 24 May 2016 07:17 AM
කථාවනම් රට හදන්න එත් කුණු ටිකක් සුද්ද කරගන්න බෑ.(හේ)
අමල් නිරෝෂණ Monday, 30 May 2016 07:03 AM
විදේශ රැකියා කාර්යාංශයත් ඔය වගේම තමයි. රට රස්සාවලට එන මිනිස්සුන්ගෙන් හුරා ගන්න සල්ලිවලින් කාර්යාංශය නඩත්තු වෙනවා විතරයි. (ම)
කුමාර් (ගල්ෆ්) Tuesday, 31 May 2016 11:43 AM
විදේශ රැකියා කරන්නන්න්ට වැඩක් නැති කුණු ගොඩක්ම තමා මේක. (ම)
කුමාර් Wednesday, 25 May 2016 08:07 AM
ආණ්ඩුවේ හැම තැනකම ඔය වගේ තමයි. ඉස්පිරිතාල වලත් සේවකයෝ නැහැ. වෙන තැන් වල වැඩ කරනවා. මාසේ අන්තීමට පඩිය ගන්න විතරක් එනවා (නි)
රහීම් Friday, 27 May 2016 05:29 PM
පිටරට ඉඳලා අපි එවන සල්ලි වලින් මේ අමාත්‍යංශය දුවනවා. (නි)
කුරුවිට සුනිල් Thursday, 26 May 2016 10:07 AM
ශාන් ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා (බ)
බණ්ඩාර - කැකිරාව Thursday, 26 May 2016 10:08 AM
කළමනාකාරිත්වයේ දුර්වල කම ,මිස ඊට වඩා වෙන දෙයක් කියන්න නැහැ. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන මෙයාල මොකුත් අහලවත් නැතුව ඇති. (බ)
ඇසළ Sunday, 29 May 2016 03:28 AM
ඇතුලෙත් කුණු පිටත් කුණු වෙනසක් නැහැ නේද.. එක තමයි ලැබුන සැබැ වෙනස. (බ)
ධර්මසිරි Saturday, 28 May 2016 02:37 AM
මේක සුද්ද කරගන්න මේක ඇතුළේ ඉන්න අයට බැරිද? (නි)
ශාන් සෞදි Tuesday, 24 May 2016 04:55 AM
මේක කුණු ගොඩක් විතක් නෙවේ හොර ගුහාවක් හොර තිප්පොළක් (බ)
මාධවී Tuesday, 24 May 2016 11:05 AM
අපි රට සල්ලි කොච්චර එව්වත් ඒවා නාස්ති කරනවා මිසක් කිසිම පිලිවෙලක් නෑ. බලන්න පස්ස්පෝර්ට් ඔපිසේ එකෙත් ඒ වගේමයි?(හේ)