බ්‍රිතාන්‍යයේ දින 5ක නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳුදා (9) දිවයිනෙන් පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය මංගල සමරවීර මෙම සංචාරයේදී බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ඇමති ඉන්න ඕනෑ විදේශ රටවල්වල තමයි. (බ)
අලුත් අවුරුද්ද ලැබුවා විතරයි, මුල්ම මංගල ගමන පටන්ගත්තා වගෙයි. කොහොමටත් කාර්යය "විදේශ" නිසා කියන්න දෙයක් නැහැ. තවත් කවුද මේ මාසේ මැද කොහේදෝ යනවා කියලා තිබුනා නේද? (නි)
මෙයාලට දැන් රටේ ඉන්න බැරි අමාරුවක් තියෙන්නේ. එක්කෙනෙක් එනකොට හතර පස්දෙනෙක් රට යනවා. අරවා ලැබුනා මේවා ලැබුනා කිවුවට මට නම් පේන්නෙ "කියන තරම් යකා කළු නැහැ කියලයි" (නි)
ඇත්ත. රටේ සල්ලි නාස්ති කරනවා. එයාලා සතුටු වෙනවා.රට ප්‍රපාතය කරා යන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා.
නිකන් සල්ලි නාස්ති කරනවා විතරයි. (බ)
එයාලට ඉතින් නැව ගිලුනත් බෑන් චූන් (නි)