( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුවට පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (18) කොළඹ දී පැවසීය.
රටේ ප්‍රතිරූපය හා නියම තත්ත්වය ලෝකයාට හරියට කියා දීමට තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් වලට හිතකර සහ විදේශ ආයෝජකයින්ට සුදුසු රටක් බවට පත් කරලීමට කැපවී කටයුතු කරන බවත් නව විදේශ ඇමැති වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව ද මාරපන මහතා කීවේය.
ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව ද මාරපන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අර මොකටද "ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුව" බව සදහන් කලේ ?? එසේ තමන් කනගාටු වෙනවානම් රටේ මුල් පුරවැසියාගේ සිට පහලට සිටින ඔක්කොම කනගාටු වෙන්නොනනේද ??
වැඩේ කැතයි. රටට ආදර්ශයක් දෙන්න නැවත ඉල්ලා අස්වෙන්න... නිකන් නාහෙන් අඬන්නේ නැතුව.
අපිටත් හරිම කණගාටුයි.
අනේ පව් එතුමා මාරපනක් නොවේ. මාර පොරක් නේද?
කණගාටු නොවී පුලුවන්ද?
මාරපනට මාර පණක් ලැබිල වගේ නේද?
ලැජ්ජා නැති අය. හොරු වෙනුවෙන් කතාකරන්න ගිහින් අහුවෙලා... දැන් යළිත් එනවා. රටක් හදන්න ඕනේ නම් හොරුවෙනුවෙන් පෙනී හිටපු කෙනෙකුට රජයේ අවස්ථා නොදිය යුතුය!!!
මෙයා පරණ වල්ලේ පොල් ගෙඩියක්.
මේ තනතුරට පත්කරන්න නම නම පිරිසිදු කෙනෙක් ඇත්තේ,ම නැද්ද ? ඕක ඔය විදේශකටයුතු නියෝජ්‍ය අමෙතිකම දරන හර්ෂ ද සිල්වාට දෙන්න බැරිද ? හැමදාම තනතුරු දෙන්නේ වයසක පරණ මිනිස්සුන්න්ට විතරද ?