‘අයවැය හා දින සියය ජනතාවාදීද?‘ නම් විද්වත් කථිකාව අද (12) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති අතර විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න විමසීමට තිබූ අවස්ථාවේදී එක්සත් ජනතා පෙරමුණු නායක ධර්මසිරි හපුආරච්චි සහ තවත් අයෙක් ප්‍රශ්න ඉදිරිපත් කර විද්වත් මණ්ඩලයට චෝදනා කිරීමෙන් එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.
විද්වත් මඩුල්ල වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ජගත් විජේනායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ සහ ආචාර්ය මෙත්සිල පෙරේරා යන පිරිස එක්ව සිටියහ.
ගැටළුකාරී ප්‍රශ්න යොමුවන අවස්ථාවේ විද්වත් මඩුල්ලේ තිදෙනෙක් ඉවත්ව ගොස් සිටි අතර ආචාර්ය නිර්මාල් රංජිත් සහ ආචාර්ය ජගත් විජේනායක පමණක් එහි සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි? දින 100න් යහපාලනය අවසන්වෙයි කියලා සමහරුන්ට බයයිද? (නි)
ලංකාදීපයට ප්‍රණාමය! (නි)
යහපාලනයේ අරුත තේරුම්ගන්න අමාරුයි (නි)
හප්පා සූ ගාල සෙනග (බ)
කවුරු බලයට ආවත් ලංකාවේ ජනතාවට නම් සදහටම බලාපොරොත්තුවෙන් සිටිනවා මිසක් සැබෑ සෙතක් ලැබෙන පාටක් නම් නැහැ නේද? (දිල්)
මෙහෙම යහපාලනයක් කරා යන්න පුළුවන්ද (දිල්)
යහපාලනය කෙසේ වෙතත්...ඔකොම ඇමතිවරු ඡන්ද වැඩ..දින 100 ගැන මොන කතා ද?(හේ)
පුදුම විද්වත්තු ටිකක්.(හේ)
කථිකාවතක්ද? ආරෝවක්ද? (නි)
දින 100 ගැන කලින් කී සුන්දර කතාවල නියම ඇත්ත දැන් අපිට පෙනෙනවා (නි)
මට නම් කිසිම දෙයක් හිතෙන්නේ නැහැ මේ ගැන (නි)
විද්වත් කථිකාවේදී සිදුවූ දේ නියමාකාරයෙන් හෙළිකිරීම ගැන ලංකාදීපයට ප්‍රණාමය! (නි)
මේකද වෙනස? (නි)