(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ ඒ. නවාවි යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත් විනිසුරුමඩුල්ලක් හමුවේ අද (08) සලකා බැලිණී.
නිතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, විදුලි බල මණ්ඩලය සහ රාජ්‍ය ආයතවල නිලධාරීන් කිහිප දෙනෙක් නම්කරනු ලැබ තිබිණී.
විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරිම සඳහා ඉන්ධන සැපැයීමට බලධාරින්ට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලියට ඉන්ධන ඉල්ලා ගොනු කළ පෙත්සම විසිවෙයි