(ගාල්ල - අමල් වික්රමරත්න)
බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට නිවසකට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදීමෙන් තුවල ලැබීම නිසා ඔහුට රෝහල් ගතවීමට සිදුවූ බව ගාල්ල හපුගල ආනන්ද මාවතෙන් වාර්තාවේ. මෙසේ තුවාල ලබා රෝහල් ගතවී ඇත්තේ අමින්දු වීරසේකර නමැති විදුලිබල මණ්ඩලයේ කොන්ත්රාත් පදනමින් සේවයේ නියුතු අයෙකි.
රුපියල් 17500.00 හිග මුදලක් නොගෙවීම නිසා විදුලිබලය විසන්ධි කිරීමට එම නිවසට ගිය අවස්ථාවේ පහරදීම සිදුව ඇතැයි දැනට රෝහල් ගතවී ඇති සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය පිලිබදව පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු වැඩක් කරන්න තියෙන්නේ. කනුවෙන්ම ලයිට් කපලා දාන එක. නැවත සම්බන්දයට, අලුතින්ම විදුලිය ගන්න අයකරන ගාණ. කාල වරෙන්කො. .
පවු වැඩේ. මිනිහට ගහන්නේ නැතුව කියක් හරි දුන්න නම් මීටරේට පිටින් වයර් එකක් දාල දෙනවනේ රෑට හොරෙන් කරන්ට් එක ගන්න?
හොද වැඩේ .රටේ හැම තැනම හොරකම්.
ලලිත් ඔයා පොලිසියේ නේද?