ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 43 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී දෙවැනි වරටත් ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස අන්තයේ විදුලි කුඵණ අක‍්‍රිය වීමෙන් තරගය විනාඩි 14 ක් අත්හිටුවීමට සිදුවිය. එහිදී පන්දු රකින්නන්, පිතිකරුවන් සහ විනිසුරුවෝ ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්හ.
විදුලි උත්පාදක යන්ත‍්‍රයක් අක‍්‍රිය වීම විදුලිය අක‍්‍රිය වීමට හේතු වී තිබේ. අතිරේක විදුලි උත්පාදන යන්ත‍්‍රයක් තිබුණ ද, පිරිවැය කප්පාදු කිරීමේ පියවරක් ලෙස අතිරේක විදුලි උත්පාදක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට උපදෙස්දී නොමැති බව එහිදී වාර්තා විය.
විදුලිය බිද වැටීම පිළිබදව ප‍්‍රධාන ඉන්ජිනේරු ප‍්‍රසන්න ජිනරතන මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ධාරිතාව අඩු වීමෙන් මෙවැනි දේ සිදුවිය හැකි බවයි.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද චින්තනයේ අසිරිය.(නදී)
පේනවා නේද ආශ්චර්යය. (නි)
විවාහක සහ අවිවාහක තරගයක් වගේ.(නදී)
අසිරිමත් සූරිය වැව.(නදී)
මේ සැම දේම දාහතරෙන් උනේ කොහොමද?(නදී)
ලෝකෙම හිනස්සවනවා.(නදී)