IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප‍්‍රමාද වෙයි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. සූරියවැව ක‍්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ.

පළමු විදුලි බිද වැටීම නිසා රාත‍්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ‍්‍රී ලංකා ඉනිම රාත‍්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

(ඡයාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප‍්‍රමාද වෙයි

මහේස් Saturday, 23 March 2013 07:59 PM

වන්නියටද මොන ක්‍රිකට්ද? ආසියාවේ ආස්චර්ය.(නදී)

:       0       0

ඡායා Saturday, 23 March 2013 08:06 PM

ටෙන් ස්පෝර්ටස් නාලිකාව විසින් දිගින් දිගට ම හම්බන්තොට ක්‍රිඩාංගනය ගැන මහ ඉහලින් වර්ණනා කරල හදපු පැරණි වැඩසටහන් කිහිපයක් මේ වන විට විකාශය කරමින් සිටිනවා. එහි පහසුකම් තාක්ෂණය ආදි දේවල් ගැන කතා වෙනවා. මේ විලි ලැජ්ජා සහගත මොහොතේ මෙම නාලිකාව විසින් ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ රෙදි ගලවමින් සිටිද්දි ලංකාවේ නාලිකාව ඉදිරිපිට වෙළද දැන්විම් බලමින් සිටින අපේ අයට ඔවුන් ලස්සනට කොලේ වසා ඇත.(නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 March 2013 08:00 PM

පැරදෙයි කියලා බයටද?(නදී)

:       0       0

චමින්ද Saturday, 23 March 2013 08:09 PM

තව අවුරුදු 4කින් විතර ආසියාවේ ආශ්චර්යයට යන්න පුළුවන්. (නි)

:       0       0

තත්සරණී Saturday, 23 March 2013 08:10 PM

අයියෝ අපිට දිනන්න තියෙන මැචි එක. අපරාදෙ පරක්කු වෙනවා.(නදී)

:       0       0

ශානක Saturday, 23 March 2013 08:11 PM

අයියෝ සල්ලි.(නදී)

:       0       0

කැළුම් Saturday, 23 March 2013 08:19 PM

ආසියාවේ පුදුමය.(නදී)

:       0       0

හෙට්ටිගේ Saturday, 23 March 2013 08:22 PM

ලැජ්ජයි. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්.(නදී)

:       0       0

රෝහිත Saturday, 23 March 2013 08:32 PM

අනේ අපොයි! ගෙවීම් ලබන අපේ ක්‍රීඩකයෝ ගැන දුකයි. මොකද ලයිටුත් නැතිව යන අස්සේ බඹරුන් ගෙනුත් බේරෙන්න එපායැ මේ අසිරිමත් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරනකොට.(නදී)

:       0       0

රාජිත Saturday, 23 March 2013 09:09 PM

ලෝකය ඉස්සරහා ලංකාව නෝන්ඩි වෙනවා. (ත)

:       0       0

මැණික් Sunday, 24 March 2013 01:44 PM

කොළඹ ගැහුවා නම් මේ එක ප්‍රශ්නයක් වත් නැහැනේ. (නි)

:       0       0

ටිකිරි Sunday, 24 March 2013 01:55 PM

සිසිර. මත්තලටත් ‍එහෙම්මම තමයි. පණට ආදරේ ඇති කෙනෙක්නම් යන එකක් නෑ (ස)

:       0       0

තිලක් Sunday, 24 March 2013 01:57 PM

දැන් ජාත්‍යන්තරයට තිබෙන නමට කුමක් වේවිද? (නි)

:       0       0

කසුන් Saturday, 23 March 2013 10:02 PM

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා.... (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 23 March 2013 10:03 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

කීර්ති Sunday, 24 March 2013 01:52 PM

දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

කුමාර Saturday, 23 March 2013 10:24 PM

ගුවන්තොටුපොළටත් විදුලිය නැතිව ගුවන් යානා බාන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ප්‍රභා Saturday, 23 March 2013 10:28 PM

ඕක දවාලක ගැහුවා නම් හරිනේ. (නි)

:       0       0

අශෝක Saturday, 23 March 2013 10:53 PM

අනවශ්‍ය දේවල් අනවශ්‍ය තැන්වලට දුන්නම ඔහොම වෙනවා තමයි.(නදී)

:       0       0

.ගුණපාල Saturday, 23 March 2013 11:17 PM

ඇයි දෙයියනේ, මෙහෙම තැන්වල මේවා මොකට හදනවද? ඉදිරියේදි ක්‍රීඩකයො ඒවිද කියලත් සැකයි. මේ තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගන මදිවටද මේකත් හැදුවෙ මේ පුංචි රටේ. (නි)

:       0       0

පෙරේරා Sunday, 24 March 2013 12:57 AM

ලැජ්ජයි. මේකද ආශ්චර්යය? (නි)

:       0       0

සම්පත් සුජීව අල්විස් Sunday, 24 March 2013 04:40 AM

මෙතනදි අපි කල්පනා කර බැලිය යුත්තේ ලංකාවට දිවා රාත්‍රී ක්‍රිකට් තරග අවශ්‍යද නැද්ද කියන එකයි. අද විදුලි බිල ගෙවාගන්න බැරි මිනිස්සු කොයිතරමි මේ රටේ ඉන්නවද? මෙවැනි වැඩ නවතා විදුලි බිල වෙනුවෙන් සහනයක් දෙනවා නම් මීට වඩා හොදයි.(නදී)

:       0       0

සිසිර Sunday, 24 March 2013 07:23 AM

හම්බන්තොට ඔක්කොම අවුල් වගේ. වරාය, දැන් පිට්ටනිය. අනේ මන්දා මත්තලට මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සෂිකා Sunday, 24 March 2013 09:18 AM

දකුනට අපහාස කරන්නේ ඇයි. ඉරිසියයිද? කොහොමත් දැන් හැමදේටම දකුන පස්සේ එන්න වෙයි.(නදී)

:       0       0

මදූ Sunday, 24 March 2013 09:39 AM

ඔක තරහට කරපු වැඩක්. පල්ලෙකැලේ එහෙම වුනේ නැහැනේ.(නදී)

:       0       0

මදූ Sunday, 24 March 2013 09:47 AM

හදපු තැන නෙමෛයි වැරැද්ද. බාල ජෙනී වල.(නදී)

:       0       0

මදූ Sunday, 24 March 2013 09:43 AM

ශූරියවැව කියන්නේ ලොකු ටවුන් එකක්. ලංකාවේ වැඩිම ළමයි ඉන්න පාසැල තියෙන්නේ ශූරියවැව.(නදී)

:       0       0

අචිනි Sunday, 24 March 2013 10:13 AM

ආසියාවේ ආස්චර්ය. ශ්‍රී ලංකාවේ විනාසය.(නදී)

:       0       0

අමිල Sunday, 24 March 2013 10:40 AM

පල්ලේකැලේ ගැහුව නමි ඉවරනේ. සෙනගත් ඉන්නවා එහෙනම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site