ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. සූරියවැව ක‍්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ.
පළමු විදුලි බිද වැටීම නිසා රාත‍්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ‍්‍රී ලංකා ඉනිම රාත‍්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය දේවල් අනවශ්‍ය තැන්වලට දුන්නම ඔහොම වෙනවා තමයි.(නදී)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
දැන් ජාත්‍යන්තරයට තිබෙන නමට කුමක් වේවිද? (නි)
සිසිර. මත්තලටත් එහෙම්මම තමයි. පණට ආදරේ ඇති කෙනෙක්නම් යන එකක් නෑ (ස)
කොළඹ ගැහුවා නම් මේ එක ප්‍රශ්නයක් වත් නැහැනේ. (නි)
පල්ලේකැලේ ගැහුව නමි ඉවරනේ. සෙනගත් ඉන්නවා එහෙනම්.(නදී)
ආසියාවේ ආස්චර්ය. ශ්‍රී ලංකාවේ විනාසය.(නදී)
ශූරියවැව කියන්නේ ලොකු ටවුන් එකක්. ලංකාවේ වැඩිම ළමයි ඉන්න පාසැල තියෙන්නේ ශූරියවැව.(නදී)
හදපු තැන නෙමෛයි වැරැද්ද. බාල ජෙනී වල.(නදී)
ඔක තරහට කරපු වැඩක්. පල්ලෙකැලේ එහෙම වුනේ නැහැනේ.(නදී)
දකුනට අපහාස කරන්නේ ඇයි. ඉරිසියයිද? කොහොමත් දැන් හැමදේටම දකුන පස්සේ එන්න වෙයි.(නදී)
හම්බන්තොට ඔක්කොම අවුල් වගේ. වරාය, දැන් පිට්ටනිය. අනේ මන්දා මත්තලට මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)
මෙතනදි අපි කල්පනා කර බැලිය යුත්තේ ලංකාවට දිවා රාත්‍රී ක්‍රිකට් තරග අවශ්‍යද නැද්ද කියන එකයි. අද විදුලි බිල ගෙවාගන්න බැරි මිනිස්සු කොයිතරමි මේ රටේ ඉන්නවද? මෙවැනි වැඩ නවතා විදුලි බිල වෙනුවෙන් සහනයක් දෙනවා නම් මීට වඩා හොදයි.(නදී)
ලැජ්ජයි. මේකද ආශ්චර්යය? (නි)
ඇයි දෙයියනේ, මෙහෙම තැන්වල මේවා මොකට හදනවද? ඉදිරියේදි ක්‍රීඩකයො ඒවිද කියලත් සැකයි. මේ තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගන මදිවටද මේකත් හැදුවෙ මේ පුංචි රටේ. (නි)
වන්නියටද මොන ක්‍රිකට්ද? ආසියාවේ ආස්චර්ය.(නදී)
ඕක දවාලක ගැහුවා නම් හරිනේ. (නි)
ගුවන්තොටුපොළටත් විදුලිය නැතිව ගුවන් යානා බාන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද?(නදී)
අයියෝ සල්ලි (දී)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා.... (නි)
ලෝකය ඉස්සරහා ලංකාව නෝන්ඩි වෙනවා. (ත)
අනේ අපොයි! ගෙවීම් ලබන අපේ ක්‍රීඩකයෝ ගැන දුකයි. මොකද ලයිටුත් නැතිව යන අස්සේ බඹරුන් ගෙනුත් බේරෙන්න එපායැ මේ අසිරිමත් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරනකොට.(නදී)
ලැජ්ජයි. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්.(නදී)
ආසියාවේ පුදුමය.(නදී)
අයියෝ සල්ලි.(නදී)
අයියෝ අපිට දිනන්න තියෙන මැචි එක. අපරාදෙ පරක්කු වෙනවා.(නදී)
තව අවුරුදු 4කින් විතර ආසියාවේ ආශ්චර්යයට යන්න පුළුවන්. (නි)
පැරදෙයි කියලා බයටද?(නදී)
ටෙන් ස්පෝර්ටස් නාලිකාව විසින් දිගින් දිගට ම හම්බන්තොට ක්‍රිඩාංගනය ගැන මහ ඉහලින් වර්ණනා කරල හදපු පැරණි වැඩසටහන් කිහිපයක් මේ වන විට විකාශය කරමින් සිටිනවා. එහි පහසුකම් තාක්ෂණය ආදි දේවල් ගැන කතා වෙනවා. මේ විලි ලැජ්ජා සහගත මොහොතේ මෙම නාලිකාව විසින් ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ රෙදි ගලවමින් සිටිද්දි ලංකාවේ නාලිකාව ඉදිරිපිට වෙළද දැන්විම් බලමින් සිටින අපේ අයට ඔවුන් ලස්සනට කොලේ වසා ඇත.(නදී)