විදුලි බල මණ්ඩලයෙන් අද(28) සවස ප්‍රකාශයට පත් කළ විදුලිය කැපීම විදුලි බල අමාත්‍යංශයේ නියමයෙන් නතර කළ බව ඇමැති මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල් කියයි.
මේ අනුව ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා අද සිට 31 දක්වා විදුලිය කැපීමට යෝජිතව තිබූ තීරණය අත්හිටුවීමට නියමිත බවද ඔහු කියයි.
එසේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළ නමුත් ගම්පහ හා මහනුවර ප්‍රදේශ කිහිපයක විදුලිය කපා ඇතැයි පදිංචිකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ලංකාවේ පය ගහලා හිටියට ක්‍රිකට් මැච් දවසට ඉන්නේ වෙන රටවල්වල. (ර)
කව්ද ඇත්ත කියන්නේ. අස් වෙනවයි කියපු අය අස් වුනෙත් නැහැ නේද ? (බ)
විදුලිය එනම් බලශක්තිය ලෝකයටම අර්බුදයක්. අපි රටක් විදියට මේ ගැන සැළසුම් කරලා තියෙනවද? (නි)
විදුලිය මොකටද ළමයෝ දැන් අර තියෙන්නේ එෆ් සී අයි ඩී එක. කොස් වගේද පොල්? (නි)
මේකෙන්ම පේනවා මේ රට පාලනය වෙන හැටි. දැන් සැපද වෙනස ? (නි)
විදුලිය කැපිය යුතුද නැද්ද කියල දන්නේ විදුලි බල මණ්ඩලය නැතුව අමාත්‍යංශය නොවෙයි. (අ)
දවසින් දවස රට යන්නේ අයාලේ. වගකීමක් ගන්න කිසිම කෙනෙක් නැත.(අ)
ඕකට තමයි පුතේ අපමණ අගයක් කියලා කියන්නේ, පුතාලා ඉල්ලපු. (ස)