(අංජුල මහික වීරරත්න)
විදුලි බල කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) මැති ඇමැතිවරුන් සමග පැවසීය.
ජනතාවට අවශ්‍ය විදුලි බලය අඛණ්ඩව සැපයීමට රජයක් ලෙස නොහැකිවීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවේ කිසිවෙකුටත් ඉඩක් නැතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ මැති ඇමතිවරුන් සමග කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති අදහස් හුවමාරුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනතාවට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට ගතයුතු සෑම පියවරක්ම අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
2015 වසරේ අගෝස්තු මාසයත්, 2018 වසරේ ඔක්තෝම්බර් මාසයත් අතර කාලය තුළ ඉන්දියාව, ජපානය හා චීනය ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රව වායු බලාගාර 3ක් ඉදිකිරීමට රජයන් අතර එකඟතාවයකට පැමිණියද ඒ බලාගාර තුනේ ඉදිකිරීම් කිසිවක් නොවුණැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දියාව, ජපානය හා චීනය යන රටවල් සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගන්නා එකඟතාවය අනුව ඉහත කාලය තුළ බලාගාර 3ක් ඉදිකිරීමට නොහැකිවීම කවුරුන්ගේ අදක්ෂතායදැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය.
ආණ්ඩු අතර ඇතිකරගන්නා ගිවිසුම් මත මෙම බලාගාර ඉදිකිරීම් ආරම්භ කළේ නම් ඒවායේ වැඩ අවසන් කිරීමට තිබුණේ යැයිද ඔහු සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය ඇතුළත විදේශ රටවලින් ඇණවුම් කර තිබූ විදුලි ජනන යන්ත්‍ර සියල්ලම ලංකාවට ගෙනඒමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේයා වගකීම බාරගෙන ඉල්ලා අස්වෙයි ද ? එහෙමත් නැත්නම්, හදීසි අවශ්‍යතාවක් ලෙස පෙන්වා දෙමින් රටට නොගැලපෙන කුණු ගොඩක් ගෙන්වා ගැනීමට ඇතැම් පිරිස් දරන උත්සහයට මේක අවස්ථාවක් කර ගනී ද ?
ඇයි, මෙතුමා වෙන ආණ්ඩුවකද දැන් ඉන්නේ?
මේවා අපිට අදාලම නැත. ක්‍රමානුකුලව රටක් පාලනය කල නොහැකි නම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කර පුළුවන් කෙනෙක්ට දීලා යන එක නෙමෙයිද හොද. දැන් ලංකාවේ ජීවත් වෙන එකත් එපා වෙලා තියෙන්නේ මේ බෝල ගැහිල්ල නිසා. අපේ ජාතිය දන්නේ කයිවාරු ගහන්න මිසක් වැඩ කර පෙන්වීමට නොවෙයි. දුකයි මේ උතුම් රට ගැන.
ඔයාලට බෑ. බෑ කියන්නේ මොනවත්ම බෑ.
රජය වගකීම බාර ගන්නවානම් සාමාන්‍යයෙන් මුලින්ම විය යුත්තේ විෂයභාර ඇමතිවරයා ඉල්ලා අස්වීමයි.
මේ වගකීම මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගත යුතුයි. එයා ආණ්ඩුව මෙයාට දෙන්න කලින් ඔය ඔක්කොම බලාගාර ටික හදල දැම්මනම් ඉවරනේ. පාරවල් ටික හදලා දුන්නා වගේ.
ඇයි දැන් මෙයා ඒකෙ කෙනෙක් නෙවෙයිද?
උසාවියට ගිහිල්ලා තීන්දුව ඉල්ලගත්තේ රටට කරපු විනාශයේ ඵලදාව නෙලන්නනේ.....
ගෙදර ප්‍රස්නයක් නම් ගෙදර මුලිකය වග කිව යුතුයි තමා .නැත්නම් අල්ලපු ගෙදරින් එන්නද
එක එකාට මඩ ගහනවා ,පාගා ගන්න ක්‍රම හොයනවා ඇරෙන්න ඔය දියවන්නාවේ ඉන්න හරක්ට වෙන කරන්න හිතෙන දෙයක් නැහැ .මෙයා සුදු රෙදි හොරෙක් ...............
තවටික දවසක් ගිහිල්ලා රනිල්ට බනීද දන්නේ නැහැ. පව් ඒ අහිංසකයා මොනවා කරන්නද?
ඕව තමයි රටක් විදිහට අවශ්‍ය දේවල්.. ඕව ගෙන නෙමේනේ කිසි කෙනෙක් හිතන්නේ.. පහුගිය කලේ අගමැති කමකට පොරයක් ඇල්ලුවා ... කාලය නිකන් අපරාදේ නාස්ති කලා... අපි ලාංකිකයන් විදිහට ආසියානු කලාපේ උනත් හුගක් පහළ මට්ටමක ඉන්නේ .... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න පොරයක් අල්ලනවා මිසක්.. රටක් විදිහට ලෝකෙට තරගකාරී විදිහට මුහුණ දෙන්න බැහැ....කඩවල තියන හාල් වගේ උයන් කන්න කුඩු අහු වෙනවා .. බත් පාර්සල් වගේ... රටේ බහුතරයක් වැරදි කරන්නේ පොඩි මිනිහ නෙමේ.. රටේ ඉහලම තලේ ඉන්න උන්... පොලිසිය ගත්තොත් මිනිස්සු අරන් ගිහින් මරල දානවා.. රටේ කාවද අපි විස්වාස කරන්නේ.. ලංකාවේ මොකක්ද හොද? සමස්ත ආරක්ෂක පද්ධතියම පිළිලයක්... පෞද්ගලිකව මා මගේ රට ගැන විශාල කලකිරීමක් තියන කෙනෙක්...
ඇයි දන්නේ නැහැ මේ මහත්තය හිටි ගමන් හෙන ගහන ඇත්ත කතා කරන්නේ?
ඔයා බාර ගන්න අවශ්‍ය නැහැ. දැනටමත් ජනතාව කරුවලේ ඉඳන් වගකීම දරනවා.
විශිෂ්ඨ අදහසක් අගමැතිතුමනි. අපිට ඔබතුමා විශ්වාසයි...
කවුරු කොහොම නරිවාදන් කිව්වත් අපි කළුවරේ , තම්බාගත්ත දේ කන්න විදිහක් නැහැනේ කළුවරේ, ඒමදිවට ඉටිපන්දන්වලට දීපන් කෝ සල්ලි
හැම කෙනෙක්ම අලුත් ආණ්ඩුවක් හදාගත්තම කරන්නේ පරණ අයගේ කුණු හොයන එක විතරයි ඉස්සර හිටපු අය අච්ච්ච්ර ණය මෙච්චර ණය ගත්ත කිය කිය කතා කර කර ඉන්න එක විතරයි.
නිමල් .....රට ආපස්සට අරන් යන අයට තුමා යනුවෙන් අමතන්න එපා....
අවුරුදු 3 ක් තිස්සේ යහපාලන ආණ්ඩුව තුළ හිටපු විදුලි බල ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා විදුලි උත්පාදන කටයුතු ගැන කටයුතු නොකර කෑගල්ලෙන් විතරක් ලංවීමට සේවකයින් 6000 කුත් දින 52 ආණ්ඩුව කාලේ තවත් 400 ගණනක් අරගෙන කියල පසුගිය දවසක මධ්‍යයේ පළකර තිබුන. හැමෝම මාස 3 ක් ඇමති වෙලා ඉන්න රවී කරුණානායක මහතාට දෝෂාරෝපණය කරනවා.විදුලිය කපනවා කියල. එතකොට මේකට හිටපු ඇමති වග කියන්න ඕනේ නැද්ද?
විදුලිය කප්පාදු කිරීමේ වගකීම රජය බාරගෙන මුළු රටම කාබාසිනියා කිරීමේ සම්පූර්ණ වගකීමත් බාරගෙන හැකි ඉක්මනින් තොලොන්චිවෙලා යනවලා.