ගාල්ල කරාපිටිය රෝහළේ හෘද රෝගී අංශයේ සැත්කමක් සිදු කරද්දී විදුලිය විසන්ධි වු බවත් බැටරි බලයෙන් සැත්කම සිදු කළ මුත් තවත් මිනිත්තු 40 කින් බැටරිය අක්‍රීය වීමට නියමිතව තිබියදී විදුලිය ලැබීමෙන් ඔහුගේ ජීවිතය බේරාගත් බව රෝහල් ආරංචි කියයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසූයේ අද අලුයම ඇතිවූ අකුණු සහිත වර්ෂාව අතරතුර විදුලි විසන්ධිවීම සිදුව ඇති බවයි. විදුලි සේවකයන් පැමිණ කඩිනමින් විදුලිය සැපයූ බව ද ඒ මහතා කීවේය.
අතිරේක විදුලි ජනන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ජීවිතය රැකගැනීමට වහා ක්‍රියා මාර්ග ගන්නා ලෙස නෑයෝ සහ වෛද්‍ය සේවකයෝ ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නේ කියන්නේ. හැම තැනකම හොඳ අයත්, නරක අයත් ඉන්නවා කියල. ඉක්මනට සහ ඉබිගමනින් වැඩ කරන අය හැම ආයතනයකම ඉන්නා බව මේ ප්‍රවෘත්තියෙන් පේනවා. මෙතැන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද රජය මගින් රෝහල් වලට ස්වයංක්‍රිය විදුලි ජනන යන්ත්‍රයක්වත් නොදෙන්නේ ? (බ)
ලංකා විදුලි බල මණ්ඩලයට සහ සේවකයන්ට අපගේ උපහාරය (නදී)
අනේ වාසනාවන් .. වෛද්‍ය මණ්ඩලයත් ඇතුළු සහයක වරුන්ටත් විදුලි කාර්මිකයන්ටත් රෝගියාගේ ජිවිතය බේරා ගැනිමට දුන් සහයෝගයට..(ම)
රෝගියා බේරාගැනිමට සහය වුණු විදුලි කාර්මික සේවකයන්ටත් වෛදය්‍යවරුන් හා සේවක මඩුල්ලටත් පිං ලැබේබා (ම)
හදවතක් තිබූ ඔවුන්ට දීර්ඝායු ලැබේවා! (බ)