
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බවත් එසේ නොවුණ හොත් විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානයක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවැසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් උගත් පිරිසක් වීම නිසා වර්තමාන තත්වය අවබෝධකරනු ඇති බව කී රත්නායක මහතා එම තත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ ද සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Who is paying the Payee tax? For them
ප්‍රසාද දීමනා පමණක් නොව නිලධාරීන් උපයනවිට ගෙවීමට ඇති බදු මණ්ඩලයෙන් ගෙවීමත් නවත්වන්න. තවත් ආයතන ගණනාවක මේ විහිළුව සිදුවන බව කෝප් කමිටුවේදී හෙළිදරව් වුනා. එහිදීත් සිදුවුනේ කොලේ වහපු එක පමණයි
විදුලිබල මණ්ඩලයේ ඉන්නේ උගත් හොරු. ඒකයි තිත්ත ඇත්ත
ලාභ ලබන ආයතන වෙනුවෙන් ප්‍රසාද දීමනා ගෙවීම සිදු කළ යුතු නමුත් පාඩු පිට පවත්වාගෙන යනු ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට සේම පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රසාද දීමනා ගෙවීමක් සිදු කරන බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු රජයේ අවධානය යොමු විය යුතුය.
වැටුප් අතිකාල හා විවිධ දීමනා ගෙවා වසර අවසානයේ ප්‍රසාද දීමනාවක් දීමට ආදායමෙන් වියදම් ගෙවා අවසන්ව සියලු බදු ගෙවීමෙන් පසුවත් ශුද්ධ ලාභයක් ඇත්නම් සතුට ගෙන දෙන දීමනාවක් විය යුතුයි. එසේ නොමැති නම් එවැනි කිසිම දීමනාවක් නොගෙවිය යුතුයි. එසේ කරන්නට කවුරුන් හෝ අකමැති නම් එම ආයතන පෞද්ගලීකරණය කල යුතුමයි
මණ්ඩලේ සල්ලිවලින් ගෙවන ලද Payee Tax නැවත අයකරගන්න
නිකන් තියෙන ඉර එළියෙන් වැඩක් ගන්න අකමැති කොමිස් වෙනුවෙන් තෙල් වලින්ම කරන්ට් ගන්න හදන මහත් හොරුන්ගේ රාජධානිය.
අද රටේ බොහෝ අය කථා කරන්නේ රාජ්‍ය සංස්ථා සේවකයින්ට ගෙවන දීමනා , බෝනස් ආදිය පිළිබඳවයි. නමුත් රටේ බොහෝ අය නොදන්නා තවත් කරුණක් ඇත. ඵනම් රටෙහි සමහර දෙපාර්තමේන්තු වල සේවකයින්ද අතිවිශාල මුදලක් විවිධ දීමනා ලෙස මාසිකව තමන්ගේ වැටුපට අමතරව ලබා ගන්නා බව යන කරුණයි. තැපැල් දෙපාර්තමේන්තුව , දුම්රිය දෙපාර්තමේන්තුව සහ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ අතර ප්‍රධානවේ.
ඇයි මහත්තයෝ අර මනු කියවීමට අමතරව නිවැරදිව කියවීමට ලබාදෙන දීීමනා සහ විදුලි ඉංජිනේරුවන්ට ගෙවනු ලබන අසීමිත දීමනා අවලංගු කලොත් නරකද? විදුලි බිල හරියටම ගෙවන අපිව මරන් කන්නේ නැතිව?.......
ඉතා හොඳයි
කණගාටුවට කරුණ නම් මේ ඔක්කොම පව් අපිට ගෙවන්න සිදුවන එකයි
අපේ සල්ලි හුරාගෙන කියයි ලාබයි කියලා බෝනස් ගෙවයි.
රසිකාගේ යෝජනාව බොහොම හොඳයි. මණ්ඩලය මගින් ගෙවු මුදල් සේවකයින්ගෙන් අය කිරීමට නොහැකිවේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ යුතුය. මන්ද මණ්ඩලය මගින් උපයන විට බදු ගෙවීම යනු ජනතාව විසින් දැරීමය. මෙය විශාල වරදකි.
විදුලි බිල 300% කට වැඩි කරලා සේවකයින්ගේ දීමනා කපලා- පසුගිය කාලයේ කඩපු නිවාස තට්ටු තුන හතරට හදන්න වගෙයි යන්නේ
විදුලිබල මණ්ඩලය මගින් උපයන විට බදු ගෙවීම අනුමත කළ තකතීරු අමන රැල වහාම දඬුකඳේ ගැසීමට වර්තමාන පාලකයන් ක්‍රියා කළ යුතුය. මුන්දැලා පිනට කියලා දීලා තියෙන්නේ බහුතරයක්, කප්පරකට දුක වැළදගෙන ඉන්න අහිංසකයින්ගේ රීරීමාංශයි
ලංවිම පමණක් නොවේ පාඩු ලබන හැම ආයතනයකම ඉහළ කළමනාකාරිත්වයේ සිට කම්කරුවන් දක්වා ගෙවනු ලබන දීමනා අඩු කිරීම හෝ කපා දැමීම සිදු කළ යුතුයි. පාඩු ලබන්නේ එම ආයතනවල අකාර්යක්ෂමතාව, මුල් බැසගත් හොරකම්, වංචා, දූෂණ සහ මැතිවරණවලදී පක්ෂ ජයග්‍රහණය කරවීමට වැඩ කරන දේශපාලන බත් බැලයන් මෙම ආයතනවලට පත් කිරීම මෙන්ම සියලුම සේවකයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද හේතුවෙනි. IOC ඉන්ධනහල් උදාහරණයකට ගන්න. ඒවා ලාභ ලැබීමත්, CEYPETCO පාඩු ලැබීමටත් හේතු සොයා බලන්න. එම අඩුපාඩු නිවැරදි කරන්න. මෙම ආයතනවල ඉන්න කාලකන්නි වර්ජන කළ යුත්තේ ඔවුන්ට ම එරෙහිව බව මගේ අදහසයි. වරප්‍රසාද අඩු නොකිරීමට නම් මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කරලීමේ වගකීම සේවකයන් මතම පැවරිය යුතුය.
අමුතු නීතියක් මොකටද? ලාභයක් නැත්නම් බෝනස් ගෙවීම වැරැදි වැඩක්. ලාභයක් නැතුව බෝනස් ගෙවීම කරලා තියෙනවා නම් අනුමතිය දීපු අයට දඬුවම් කරන්න ඕනෑ..
බෝනස් ගෙවන්නේ ආයතනයක් ලාභ ලබනවානම් පමණයි. මේ සංස්ථා මණ්ඩල පාඩු ලබලත් බෝනස් ගෙවනවා. වහාම මේ ආයතන රජය යටතට ගන්න.
විදුලි මාෆියාව ගැන දන්නෝ හොඳාකාරවම දනිති... කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තව බෝනසුත් ගෙවන්නේ අහවල් දේකටද?
දැන් හරි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න හිතුණු එක හොඳයි. CEB එක ගැන නම් රටේ ජනතාවට තියෙන්නේ පුදුම ලැජ්ජාවක්... මේකෙ ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා.