මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේදී බිම වැටී තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදී අද (28) උදෑසන යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදරු පියෙක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මෙසේ විදුලි රැහැන මාර්ගයට කඩා වැටී ඇති බවත් උදෑසනම ගමන් කරමින් තිබූ යතුරු පැදිය ඒ මතින් ගමන් කිරීමේදී විදුලි සැර වැදී ඇති බවත් කියති.
මිය ගොස් ඇත්තේ අජිත් වීරසේන නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වයර් එකකින් විදුලිසැර වදිනවද? (බ)
ඔව්, පොලව සමග සම්බන්ධ උනොත් වදිනවා (නදී)
ඇත්තෙන් ම ඔව් ලක්මාල් . ජීව ( live) රැහැන ස්පර්ශ කරන්නෙකු පොලවට සම්බන්ධ නම් තම ශරීරය හරහා පොළොවට විද්යුත් ධා රාවක් ගලා ගොස් අනතුරට පත්වන බව දත යුතුයි. ඔබට ජිව රැහැන නිරුප්‍රදිතව ස්පර්ශ කළ හැක්කේ ඔබ වියළි පාවහ නක් පැළඳ හෝ වියළි යමක් උඩ හෝ සිට පොලොවට ඇති විද්යුත් සම්බන්ධය නැති කළ විටයි. තෙතමනය හරහා විදුලිය ලෙහෙසියෙන්මගමන් කරන බැව්ද දත යුතුයි. (නදී)
ලංකාවේ දැනට බොහෝ ප්‍රදෙස වල තවමත් පාවිච්චි කරනුයේ ඇලුමිනියම් විදුලි රැහැන් නිසා මෙසේ සිදු වී ඇත. නමුත් දැනට ලෙකෝ ආයතනය භාවිතා කරන රබර් ආවරණය සහිත රැහැන ඉතාමත් ආරක්ෂා සහිත වේ. තවද යම් කණුවක විදුලි රැහැනක් බිද වැටුන විට එම රැහැන් පදධතියේ විදුලිය ස්ව්‍යංක්‍රීයව විසංඳි වන ආකාරයේ විදුලි පද්දති ලංකාවේ දැනටත් පරිහරණය කරයි. මෙම ක්‍රමය ලංකාව පුරාම වියාප්ත කරන්නේ නම් අතු වැටී ජනතාට සිදුවන හා රථවාහන අනතුරු නිසා විදුලි කණු කඩා වැටීම් මෙන්ම මෙලෙස තනි රැහැනක් කඩා වැටී සිදුවන අනතුරු වලක්වා ගත හැකිය. උදේට පාන් ගේන්න කඩයට දුවන කුඩා දරුවන් මා බොහෝ දැක ඇත ඔවුන්ට මේ කිසිවක් නොතේරෙනු ඇත. ඔවුන් සිටින්නේ පාසල් යන සිහියෙනි. එම නිසා මෙවන් විපත් බොහෝ සේ සිදු වන්නට පිළිවන්. එම නිසා මෙය නිවැරදි කරන්නට බලදාරීන් කටයුතු කරන්නේ නම් ජනතාවට කරන විශාල සේවයකි (නදී)
මාතම්මන, වැල්හේන, වැල්හේන හරස්පාර, මේම අතනවල ගස් බොහෝ ප්‍රමාණයක් විදුලි රැහැන් වලට බරවි ඇත, බලධාරින්ගේ අවදානය යොමුවේවා. (බ)
බැලූ බැල්මට මෙය අඩු සැර එනම් වෝල්ට් 220 රැහැනක් ස්පර්ශ වීමෙන් සිදුවූ කණගාටුදායක මරණයක් . සමහර රටවල අඩු සැර විදුලිය අනතුරුදායක නොවන වෝල්ට් 110 ගාමක බලයකින් ගෘහස්තයන් වෙත බෙදා හරින්නේ අනතුරු වලක්වා ගැනීමට විය හැක (බ)