IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි සැර වැදී යතුරුපැදිකරු මරුට

මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේදී බිම වැටී තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදී අද (28) උදෑසන යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදරු පියෙක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මෙසේ විදුලි රැහැන මාර්ගයට කඩා වැටී ඇති බවත් උදෑසනම ගමන් කරමින් තිබූ යතුරු පැදිය ඒ මතින් ගමන් කිරීමේදී විදුලි සැර වැදී ඇති බවත් කියති.

මිය ගොස් ඇත්තේ අජිත් වීරසේන නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

විදුලි සැර වැදී යතුරුපැදිකරු මරුට

ලක්මාල් Sunday, 28 June 2015 09:38 AM

එක වයර් එකකින් විදුලිසැර වදිනවද? (බ)

:       0       0

නිශාන් Sunday, 28 June 2015 12:03 PM

ඔව්, පොලව සමග සම්බන්ධ උනොත් වදිනවා (නදී)

:       0       0

නිමල් Sunday, 28 June 2015 12:12 PM

ඇත්තෙන් ම ඔව් ලක්මාල් . ජීව ( live) රැහැන ස්පර්ශ කරන්නෙකු පොලවට සම්බන්ධ නම් තම ශරීරය හරහා පොළොවට විද්යුත් ධා රාවක් ගලා ගොස් අනතුරට පත්වන බව දත යුතුයි. ඔබට ජිව රැහැන නිරුප්‍රදිතව ස්පර්ශ කළ හැක්කේ ඔබ වියළි පාවහ නක් පැළඳ හෝ වියළි යමක් උඩ හෝ සිට පොලොවට ඇති විද්යුත් සම්බන්ධය නැති කළ විටයි. තෙතමනය හරහා විදුලිය ලෙහෙසියෙන්මගමන් කරන බැව්ද දත යුතුයි. (නදී)

:       0       0

ශාන් සෞදි Sunday, 28 June 2015 01:20 PM

ලංකාවේ දැනට බොහෝ ප්‍රදෙස වල තවමත් පාවිච්චි කරනුයේ ඇලුමිනියම් විදුලි රැහැන් නිසා මෙසේ සිදු වී ඇත. නමුත් දැනට ලෙකෝ ආයතනය භාවිතා කරන රබර් ආවරණය සහිත රැහැන ඉතාමත් ආරක්ෂා සහිත වේ. තවද යම් කණුවක විදුලි රැහැනක් බිද වැටුන විට එම රැහැන් පදධතියේ විදුලිය ස්ව්‍යංක්‍රීයව විසංඳි වන ආකාරයේ විදුලි පද්දති ලංකාවේ දැනටත් පරිහරණය කරයි. මෙම ක්‍රමය ලංකාව පුරාම වියාප්ත කරන්නේ නම් අතු වැටී ජනතාට සිදුවන හා රථවාහන අනතුරු නිසා විදුලි කණු කඩා වැටීම් මෙන්ම මෙලෙස තනි රැහැනක් කඩා වැටී සිදුවන අනතුරු වලක්වා ගත හැකිය. උදේට පාන් ගේන්න කඩයට දුවන කුඩා දරුවන් මා බොහෝ දැක ඇත ඔවුන්ට මේ කිසිවක් නොතේරෙනු ඇත. ඔවුන් සිටින්නේ පාසල් යන සිහියෙනි. එම නිසා මෙවන් විපත් බොහෝ සේ සිදු වන්නට පිළිවන්. එම නිසා මෙය නිවැරදි කරන්නට බලදාරීන් කටයුතු කරන්නේ නම් ජනතාවට කරන විශාල සේවයකි (නදී)

:       0       0

ෆාරා Sunday, 28 June 2015 02:34 PM

මාතම්මන, වැල්හේන, වැල්හේන හරස්පාර, මේම අතනවල ගස් බොහෝ ප්‍රමාණයක් විදුලි රැහැන් වලට බරවි ඇත, බලධාරින්ගේ අවදානය යොමුවේවා. (බ)

:       0       0

නිමල් Sunday, 28 June 2015 07:53 AM

බැලූ බැල්මට මෙය අඩු සැර එනම් වෝල්ට් 220 රැහැනක් ස්පර්ශ වීමෙන් සිදුවූ කණගාටුදායක මරණයක් . සමහර රටවල අඩු සැර විදුලිය අනතුරුදායක නොවන වෝල්ට් 110 ගාමක බලයකින් ගෘහස්තයන් වෙත බෙදා හරින්නේ අනතුරු වලක්වා ගැනීමට විය හැක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 85 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 139 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 940 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site