විදුලි සබඳතා ලබාදීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්‍ෂිත තැන්පතු සඳහා පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි පෞද්ගලික සමාගමට (ලෙකෝ) නිර්දේශ කර තිබේ.
මාසිකව විදුලි ඒකක 42 ට වඩා අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයින්ගේ පොලිය වාර්ෂිකව ගණනය කර ලබන වසරේ ජනවාරි මාසයේ සිට විදුලි බිලෙන් එම ප‍්‍රමාණය අඩුකරන ලෙසත්, විදුලි ඒකක 42 ට වඩා වැඩිපුර භාවිතා කරන පාරිභෝගිකයින් සඳහා පොලිය මාසිකව ගණනය කර ලබන මාසයේ සිට බිල්පතට බැර කරන ලෙසත් නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව විදුලි පාරිභෝගිකයින්ට හිමිවන වරප‍්‍රසාදයක් ක‍්‍රියාවට නැංවීම සඳහා මෙම නිර්දේශ සකස් කළ බවත්, එය පැහැර හැරියහොත් ශ්‍රී ලංකා විදුලිබල පනත උල්ලංඝනය කිරීමක් බවත් කොමිසම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදගේ, පොඩි පොළියක් මාසිකව ගණන් හදලා බිල හදන්න පුලුවන්. එ්ත් එ්ක බිල ලියද්දි හද හදා ඉන්න එක අමාරුයි බිල්කරුට. එය වෙදගේට නොපෙනේද. (නි)
42 ට අඩු අයට ජනවාරියේදීත් අනිත් අයට ඊළඟ මස සිටත් අයකරන එක අසාධාරන බව පෙනේ (නි)
මෙතෙක්කල් සතපහක්වත් හම්බවුණේ නැති එකේ කීයක්හරි අාපහු ලැබෙන එක ලොකු දෙයක්. (නි)