මහරගම පමුණුව පාරේ සිවුමහල් ඇඟළුම් සාප්පුවක විදුලි සෝපනයක් කඩා වැටී 32හැවිරිදි සේවකයෙක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.
උඩ සිට පහළට රෙදි තොගයක් රැගෙන එමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.
මහරගම පමුණුව පාරේ සිවුමහල් ඇඟළුම් සාප්පුවක විදුලි සෝපනයක් කඩා වැටී 32හැවිරිදි සේවකයෙක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.
උඩ සිට පහළට රෙදි තොගයක් රැගෙන එමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම සෝපානයකටම දැරිය හැකි උපරිම බරක් (මගීන් සංඛ්‍යාවක් ) එහි සඳහන් කර තිබෙනවා. මේ කියන ආකාරයට ලිෆ්ට් එක කට කපලා රෙදි ලෝඩ් එකක් ගහලා මේ දේ සිදු උනා කියලා තමා තේරෙන්නේ.ලිෆ්ට් කොම්පැනියේ ඉන්සුවරන්ස් වත් මෙවැනි අවභාවිතා නිසා ලැබෙන්නේ නැහැ. මියගිය අයට නිවන් සුව.(කේ)
මේ වගේ ලිෆ්ට් තියෙන්නේ බඩු ගෙනියන්න විතරයි. මිනිස්සුන්ට යන්න නෙවෙයි. බර වැඩියෙන් දාල වගේ (බ)
බාල ඉන්දියන් හරි චීන ලිෆ්ට් එකක්ද දන්නේ නැහැ. අනික ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු වැඩේ හරියට කළේ නැද්ද දන්නේ නැහැ. ඔබ හරි සෑම්, අධික බරත් හේතුවක් වෙන්න පුළුවන් (නි)
ඕක මොකක්ද තව අනතුරු ඉස්සරහට. ලංකාවට භූමිකම්පාවක් ආවොත් රටේ කී දෙනෙක් ඉතිරිවෙයිද කියල හිතාගන්නවත් බෑ.ගොඩනැගිලි හදනකොට බීම් එකක කොලම් එකක දිග පළල කම්බි ගණන තීරණය කරන්නේ බාසුන්නහේ. කොන්ක්‍රීට් එකේ සිමෙන්ති හොදටම අඩුයි. ගල් වැලි සිමෙන්ති නිසි පරිමාණයට ගන්නේ නෑ. හොද්ද වගේ වතුර ගොඩ දාල බදාම අනල දාපුහම එක තැනක වැලියි සිමෙන්තියි.තව තැනක ගල්ටික. ගොඩනැගිලි සැලසුම අනුමැතියට නගරසභාවට දැම්මට මේවා බලන්නේ නෑ. පාසල් ගොඩනැගිලිවල හුණු වැලි බදාම වලින් කුළුණු හදල දැවැන්ත පරාල යට ලී උඩ ටොන් ගණන් බර උළු පුරවල.හරියට මී කතුරු අටවල වගේ.මේවා ගැන ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනේ. නැත්නම් කවදාහරි ලෝකයේ දරුණුම ඛේදවාචකයක් ලංකාවෙන් සිදුවෙනවා.මේවා ගැන දැනුවත් කරන්න හොයා බලන්න උදවියත් නෑ.නිතරම අනතුරු.අඩුම ගන්නේ මෙවැනි අනතුරු වලින් මියයන අබාධිත වන අයට ස්වාමියා මගින් ඇති විශාල වන්දියක් ගෙවන්නට ක්‍රමයක් තිබුණහොත් මීට වඩා සැලකිලිමත් වෙයි ජිවිත ගැන. (බ)
වැඩපළ ආරක්ෂාව නොසළකා වුනු විපත්තියක් (කේ)