(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවිය.
සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන්තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනාම තුවාල ලබා තිබෙන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව !!. ගෙදරට විදුලි සෝපාන සවිකරගන්න තරම් හොදට දේශපාලනයෙන් හම්බකරන් තියනව වගේ , මෙතුමා මොන පක්ෂයේ හිටපු කෙනෙක්ද ? පින්පතිගේද නැත්නම් ආඩම්බර අප්පච්චිගේ පක්ෂේද ?
නිවන් සුව .නමුත් දිට්ඨ ධම්ම වේදනීය කාර්ම බලපානවා .ගෙදරත් ලිෆ්ට් එකක් සවිකරගන්න මුදල් තියනවා කියන්නේ හතරවරම් ගැහිල්ලක් ගහලා තියෙන්නේ .බලාගෙන මීළඟට අපායේ සෝපානයෙන් වැටේවි
ඉතාමත් අවංක මනුස්සයෙක් .දැන් ඉන්න පට්ට හොරු වගේ නෙමෙයි .නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර කරපු කෙනෙක්
ගෙදරක විදුලි සෝපානයක් සවි කලොත්, පිහිනුම් තටාකයක් ඉදි කලොත් ඒ හොරා කාලා. අනේ මෙහෙම මරි මෝඩ රැලක්. ජෙප්පන් විසින් රටේ වපුරපු බේගල් බීජ තමයි ඔය දළු ලා වැඩෙන්නේ. ඒ වගේම පී ඇම් බී සිරිල් කියන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිගේ මුල්ම කැබිනට් එකේ හිටපු කෙනෙක්. දොස්තර රන්ජිත් අතපත්තුගෙන් පස්සේ සුව සේවය බාර උනේ එයාට. මේ ඉතා මෑත ඉතිහාසය වත් නොදන්නා ළදරුවෝ තමයි මහා කී බෝඩ් දේශපාලක විචාරකල වෙලා තියෙන්නේ. අනේ කාලේ වනේ වාසේ!
මෙ මිනිස්සු දැන් ඉන්න එවුන් වගෙ ලොකුවට හොරකම් කලේ නැහැ. ඔහුට නිවන් සුව අත්වෙවා.
එක බරක් ඉවරයි
පවිත්‍ර .කෙහෙලිය උබලත් පරෙස්සමෙන් ඉදපල්ලා...උබලගෙ වාරෙත් ලගයි
මුන්ගේ ගෙවල් වලත් සෝපාන හදාගෙන .මේ යකාගෙන් පස්ස පෙන්ෂන් එක ගෑනිටත් ගෙවන්න එපැයි අපේ බදු මුදලින්
චෝදනා කිරීමට පෙර මෙතුමාගේ හා දෙමාපියන්ගේ වත්කම් සොයාබලන්න .මේ අර c90 පාපැදියෙන් ප්‍රාදේශීය සභාවට පැමිණි දේශපාලුවන් නොවෙයි .
අවුරුදු 89කට පස්සෙ.. ඔයා කොහොම මැරුණත් කාටද වැඩක් වෙන්නේ.. මේක පේන්නෙ වේදනාව අඩු මරණයක් වගේ.
අරගලයෙ හිටපු ප#යලා දන්නව ද ඉතිහාසයක් ..අරගල කරන්න කලියෙන් අතීතිය දැනගෙන වරෙව්...
මෙ නිවසේ සවිකර තිබු සෝපානයක් නොවෙයි. නිවස ඉදිකිරීමෙදි හෝ අලුත්වැඩියා කිරීමෙදි කොන්ත්‍රාත් කරුවන් නිවසට පිටින් තාවකාලිකව සවිකරන සෝපාන.
ගෙදර වැඩකරපු බාස්ල තමයි මට සැක. නට් බුරුල් කරලා තිබ්බද දන්නේ නෑ
එතුමාගේ මරණය ගැන දුක් වෙන අතර රාජිත පවිත්‍රා නුඹලාටත් වෙන්නේ ඔයිටත් වැඩි දෙයක් බව තේරුම් ගනිල්ලා