(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා  විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන පාර්ලිමේන්තුවේදී අද(09)දා පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්විය.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනතට සංශෝධනය කෙරුණේ වසර 28කට පසුවය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළඳපොළක පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය  නියාමනය සඳහා විධිවිධාන මෙම පනතින් සලසා ඇත.